හිටපු ජනපති හමුවූ ඇමති සුසිල් කළ ප්‍රකාශය

(16.02.2018 – 11:08 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව නිදහස් පක්ෂ ජාතික සංවිධායක, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත දැනුම් දී තිබෙනවා.

ඒ හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

එම යෝජනාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද කැමැත්ත පළ කළ බවයි සාකච්ඡාවට එක්වූ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේ.

අද පෙරවරුවේ හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ පැවති මෙම සාකච්ඡාවට බැසිල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරු ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් රැසක් එක්ව සිටියා.

මෙම සාකච්ඡාවෙන් පසු දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, කුමාර වෙල්ගම, පවිත්‍රා වන්නිආරච්චි, උදය ගම්මන්පිල යන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට ජනාධිපති නිල නිවසට ගොස් තිබෙනවා.

එම සාකච්ඡාව මේ වනවිටත් පැවැත්වෙන බවයි ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක්ද අද දහවල් පැවැත්වීමට නියමිත බව එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කළා.

එමෙන්ම, අග්‍රාමාත්‍යවරයා පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අද පස්වරුවේ ප්‍රකාශයක් සිදුකිරීමටද නියමිතයි.

මේ අතර ජනපතිට කොන්දේසි විරහිතව තම සහය හිමිවන බව ඒකාබද්ධය විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ ප්‍රකාශ කළා.

++++++++++++++++++++++++++++++++

ඒකාබද්ධය ජනපති හමුවෙයි: සුසිල් හිටපු ජනපති හමුවීමට යයි

ඒකාබද්ධය ජනපති හමුවෙයි: සුසිල් හිටපු ජනපති හමුවීමට යයි#lka #JointOpposition #News1st

Posted by Newsfirst.lk on Friday, February 16, 2018


++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++

ශ්‍රීලනීප ආණ්ඩුවකට ජනාධිපති එකඟ වුණා – ගම්මන්පිල
(16.02.2018 – 15:00 +0530 – lankadeepa.lk)

ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවල එකඟතාව අනුව නිමල් සිරිපාල ඇමැතිවරයා අගමැති ධූරයට පත් කෙරෙන ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ‘ලංකාදීප’ යට පැවැසීය.

පිහිටුවීමට නව ආණ්ඩුවේ ඇමැතිකම් ලබාගෙන සහයෝගය තහවුරු කරන්නැයි ජනාධිපතිවරයා ඒකාබද්ධ විපක්ෂයෙන් ඉල්ලා සිටි නමුත් එය එසේ වීමට නම් අගමැති ධූරය මහින්ද රාජපක්ෂ මහතාට ලබාදෙන්නැයි තමන් ඉල්ලා සිටියේ යැයි ද මන්ත්‍රීවරයා කීය.

එහෙත් ජනාධිපතිවරයා එම ඉල්ලීමට එකඟ නොවන බැවින් ඇමැතිකම් ලබා නොගෙන ආණ්ඩුවට සහාය දැක්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කළේ යැයි ද ඔහු කීය ෴

+++++++++++++++++++++++++++++++

Cabinet illegal, Prez has power to appoint PM : Former Chief Justice Sarath N. Silva
(16.02.2018 – 08:01 +0530 – dailymirror.lk)

In another conundrum to the present gridlock in governance, former Chief Justice Sarath N. Silva argued yesterday that the entire Cabinet including the Prime Minister stood illegal at the moment as the two year period stipulated for the national unity government had ceased.

The former Chief Justice told the Daily Mirror that the Cabinet should be restricted to 30 and the number of deputy and state ministers to 40 in terms of the 19th Amendment to the Constitution.

However, he said there was a separate constitutional provision to increase the number to 45 Cabinet Ministers in the event of a national government.

He said Prime Minister Ranil Wickremesinghe moved a resolution in Parliament for the establishment of a national government in conformity with an agreement signed between UNP General Secretary Kabir Hashim and SLFP General Secretary Duminda Dissanayake.

As the entire two year period stipulated for the unity government lapsed in December, he said, the entire Cabinet had been rendered illegal at the moment.

“Interestingly, the parties that were in the national government went before the people at the local government elections separately,” he said.

He said the President now had the power to appoint someone commanding parliamentary majority, in his opinion, as the Prime Minister.

“Then, the Cabinet Ministers can be appointed on the Prime Minister’s advice,” he said. (Kelum Bandara)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *