සාගල රත්නායක අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට තීරණය කරයි

(15.02.2018 – 13:38 +0530 – hirunews.lk/sinhala)

නීතිය හා සාමය අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට අමාත්‍ය සාගල රත්නායක මහතා තීරණය කර තිබෙනවා.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ඒ පිළිබදව තමා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම මෙන්ම, අග්‍රාමාත්‍යවරයාට අද උදෑසන දැනුම් දුන් බවයි.

එමෙන්ම, රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ද ආනමඩුව එක්සත් ජාතික පක්ෂ සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඉල්ලා අස්වීමේ ලිපිය ඔහු ඊයේ පක්ෂ මහලේකම් කබීර් හෂීම් මහතා වෙත භාරදී ඇති බවයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.

මේ අතර, ආණ්ඩුවේ ප්‍රතිපත්ති වල සහ පක්ෂ ව්‍යුහයේ සංශෝධන සිදුකර ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට තීරණය කල බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂිම් මහතා ප්‍රකාශ කලා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ අමාත්‍යවරුන් මෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර පැවති සාකච්ඡාවකින් පසු මෙම තීරණයට එළඹ තිබෙනවා.

ඊයේ රාත්‍රීයේ ද එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් පිරිසක් මහලේකම් අමාත්‍ය කබීර් හෂිම් මහතාගේ නිවසේ සාකච්ජාවක් පැවැත්වුවා.

මේ අග්‍රාමාත්‍යවරයා සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර අද යළිත් වරක් සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදීද වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සංවාදයට බඳුන් වූ බවයි ඊට එක්වු අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් සඳහන් කළේ.

++++++++++++++++++++++++++++++

පාලිත රංගේ බණ්ඩාර සංවිධායක ධුරයෙන් ඉවත් වීමේ ලිපිය භාර දෙයි
(15.02.2018 – 13:28 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර ආනමඩුව එක්සත් ජාතික පක්ෂ සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඉල්ලා අස්වීමේ ලිපිය ඔහු ඊයේ (15) පක්ෂ මහලේකම් කබීර් හෂීම් වෙත භාරදී ඇති බවයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.

++++++++++++++++++++++++++++++

කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක්
(15.02.2018 – 13:55 +0530 – hirunews.lk/sinhala)

මෙම සතිය තුළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

+++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *