ත්‍රිකුණාමලය මහ රෝහලේ පොළොවෙන් ඉපැරණි කාලතුවක්කුවක කොටසක් හමුවෙයි

(15.02.2018 – 15:25 +0530 – hirunews.lk/sinhala)

ලය මහ රෝහලේ හදිසි අනතුරු ඒකකයට නව ගොඩනැගිලි සංකිර්ණයක් ඉදිකිරිමට අත්තිවාරම් කැපීමේදී අඩි 10 ක පමණ ඉපැරණි කාලතුවක්කුවක කොටසක් අද (15) හමු වු බව වරාය පොලිසිය පවසනවා.

මේ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දිමෙන් පසු ඉදිකිරිම් කටයුතු තාවකාලිකව නවත්වනු ලැබුවා.

එමෙන්ම කඩිනමින් කැණීම් කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අංශයට ද දැනුම් දී ඇති බවයි වාර්තාවන්නේ.

———————

***************************************

යතුරුපැදි අනතුරකින් දෙදෙනෙකුට තුවාල
(15.02.2018 – 15:21 +0530 – hirunews.lk/sinhala)

මොරවක ගුරුබෙවුල ප්‍රදේශයේ සිදුවු යතුරුපැදි අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

අද (15) උදෑසන 8.30 ට පමණ අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කුඩා ට්‍රක් රථයක් පසුකර යාමට උත්සාහ කළ යතුරුපැදියක් අනතුරට ලක්වන අතර අනෙක් පසින් පැමිණි යතුරුපැදිය ද එම යතුරුපැදියේ ගැටී තිබෙනවා.

තුවාලකරුවන් දෙදෙනා මොරවක දිස්ත්‍රික් රෝහලට ඇතුලත් කිරීමෙන් පසු තත්වය බරපතල බැවින් ගාල්ල කරාපිටිය රෝහලට මාරුකර යවා ඇතැයි සඳහන්.

මෙම අනතුර සිදුවන ආකාරය ඒ ආසන්නයේ අවන්හලක සවිකර තිබු CCTV කැමරාවක පැහැදිළිව සටහන් වී තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *