2020 ජනාධිපතිවරණයට ගෝඨාභය – අමෙරිකානු පුරවැසිභාවය අහෝසි කරයි ?

(13.02.2018 – webgossip.lk)

පළාත් පාලන මැතිවරණයත් සමග මේ වනවිට දේශපාලනය තුළ විවිධ කතා මතුවෙමින් පවතිනවා.

ඒ අතර අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත් විය යුතු බවත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේද වෙනසක් සිදුවිය යුතු බවත් පවතින ආණ්ඩුව විසුරුවිය යුතු බවත් කියැවෙනවා.

මේ අතර ඊයේ දිනයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ද දිවයිනට පැමිණියා.

කෙසේවෙතත් එළැඹෙන ජනාධිපතිවරණයට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වන අපේක්ෂකයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බවට වාර්තා වනවා.

ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ග්‍රීන්කාර්ඩ් පුරවැසිභාවය අහෝසි කර ගැනීමට ලියකියවිලි භාර දී තිබෙන බවද වාර්තා වනවා.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ග්‍රීන්කාර්ඩ් පුරවැසිභාවය අහෝසි කරන්නට කර ඇති ඉල්ලීමද විකිපීඩියා තුළ සඳහන් වුණා.

මේ එය සඳහන් වූ අයුරුයි :

——————

***************************************

අධිවේගයේ මීට පස්සේ හයියෙන් ගියොත් වැඩ වැරදෙන්නේ මෙහෙමයි
(13.02.2018 – 21:44 +0530 – sinhala.adaderana.lk)

අධිවේගී මාර්ගය තුළ වාර්ෂිකව සිදුවන වාහන අනතුරු සංඛ්‍යාවෙන් 27% ක් පමණ අධික වේගය සහිතව ධාවනය කිරීම හේතුවෙන් සිදුව ඇති බව නිරීක්ෂණය වී ඇති බැවින් මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය හරහා ක්‍රියාත්මක කිරීම සඳහා නව මාපක යන්ත්‍ර පද්ධතියක් ස්ථාපිත කොට ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

මෙම නව පද්ධතිය එළැඹෙන 14 දා සිට ක්‍රියාත්මක කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය හා අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසවලින් සැලසුම් කොට ඇත.

මෙම පද්ධතිය මඟින් වාහනවල වේගය නිරීක්ෂණය කෙරෙන අතර වේග සීමා උල්ලංඝණය කරන වාහනවල ඡායාරූපයක් පිටවීමේ ස්ථාපිත ටැබ් පරිගණක හරහා මුද්‍රණවීම සිදු වේ.

මෙම ඡායාරූපයන්හි වාහන අංකය, නිරීක්ෂණ වේලාව හා එම අවස්ථාවේ වේගය වැනි තොරතුරු ද මුද්‍රණය වේ.

මෙම නිරීක්ෂණ කටයුතු රාත්‍රී කාලයේ දී ද සිදු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇත ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *