සභාවල ඉඩ ප්‍රශ්නයක් – වැදි කතකුත් දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවට

(13.02.2018 – 19:25 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන මැතිවරණයෙන් සභිකයන් විශාල ප්‍රමාණයක් තේරී පත්වීම හේතුවෙන් අදාළ පළාත් පාලන ආයතනවල රැස්වීම් පැවැත්වීම සඳහා පවතින ඉඩකඩෙහි ගැටළුවක් මතුවිය හැකි බව පැෆ්රල් සංවිධානය පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ ප්‍රාදේශීය සභාවල රැදී සිටිය හැක්කේ මන්ත්‍රීවරුන් සුළු පිරිසකට පමණක් බවයි.

මේ අතර මැතිවරණයේ ප්‍රතිඵල අනුව පළාත් පාලන ආයතන 76 ක කුමන පක්ෂය ජයග්‍රහනය කලද බලය පිහිටුවීමේ අවිනිශ්චිතතාවයක් මතුව තිබෙනවා.

මෙම අවිනිශ්චිතතාවය මතුව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ යන පක්ෂ ලබා ගත් ආසන සංඛ්‍යාව අනුවයි.

මෙවර පළාත් පාලන මැතිවරණය සදහා නව මැතිවරණ ක්‍රමය හදුන්වා දෙනු ලැබුවේ සියයට 25 කාන්තා නියෝජනය අනිවාර්යය කරමින්.

සියලු පළාත් පාලන ආයතන වලට ඉදිරිපත් වු පක්ෂ සියයට 25 ක් කාන්නා නියෝජනය වන ආකාරයෙන් නාමයෝජනා ඉදිරිපත් කිරිම සිදු කෙරුනා.

ඒ අනුව ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ආදිවාසි කාන්තාවක් අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශිය සභාවට මෙවර පළාත් පාලන මැතිවරණයේදි තේරි පත් ව තිබීම විශේෂත්වයක්.

එහිදී 38 හැවිරිදි තිදරු මවක් වන ඩබ්ලිව්. එම්. ශිරෝමාලා මහත්මිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හේනානිගල දකුණ සහ උතුර බහු ආසනය වෙනුවෙන් තරඟ කරමින් ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 1369 ක්.

++++++++++++++++++++++++++++++++

ප්‍රථම ආදිවාසී කාන්තා නියෝජිතවරිය – ශිරෝමාලා
(13.02.2018 – gossiplankanews.com)

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප‍්‍රථම වරට ආදිවාසී කාන්තාවක පසුගිය දා පැවැත් වූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂිකාවක් ලෙස දෙහිඅත්තකන්ඩිය – හේනානිගල දකුණ සහ උතුර බහු ආසනය වෙනුවෙන් තරග කළේය.

ඩබ්. එම්. ශිරෝමාලා වන ඇය මේවන විට 37වැනි වියේ පසුවේ. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලබා ඇති ඇය තිදෙරු මවකි.

ඇය ඡන්ද 1369 ක් ලබා ගනිමින් මෙරට ඉතිහාසයට එක්වන්නේ ප‍්‍රථම ආදිවාසි මහජන නියෝජිතවරිය ලෙසය.

ඇය ලැබු ජයග‍්‍රහණය පිළිබඳ මෙලෙස පැවසුවාය.

‘‘මට මුලින්ම කියන්න තියෙන්නේ අපේ රැහේ ඇත්තන්ට මෙතෙක් කල් නොවිසිදුණු ප‍්‍රශ්න ගොඩක් තියෙනවා. හැබැයි ඒ ප‍්‍රශ්න ඔක්කෝම විසඳන්න බෑ.

ටිකක් හරි විසඳන්න උත්සාහ කරනවා. ඒ වාගේම තමයි ඒ විශ්වාසය තියලා තමයි අපේ රැහේ අය වාගේම අනිකුත් අය මාව පත් කර ගත්තේ. ඒ නිසා මම කැමැති නෑ ඒ විශ්වාසය නැති කර ගන්න.

ඒ වාගේ ගිලිහි යන අපේ සංස්කෘතිය ආගම ඒ වාගේම ගමේ රටේ සංවර්ධනයට උපරිමය සහයෝගය ලබා දී කටයුතු කරන්නත් ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභාවටත් පාර්ලිමේන්තු මැතිවරණවලටත් ඉදිරිපත්වීම තමයි මාගේ එකම බලාපොරොත්තුවයි.’’

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *