මැතිවරණයෙන් පසු කියන කතා

(13.02.2018 – 19:35 +0530 – hirunews.lk/sinhala)

පැවති පළාත්පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ ජයග්‍රහණය පිළිබඳව මෙන්ම එමඟින් යහපාලන ආණ්ඩුවට ඇතිවී ඇති බලපෑම පිළිබඳව අද (13) පැවති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළවුණා.

ජාතික නිදහස් පෙරමුණ කොළඹදී අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා කියා සිටියේ බැඳුම්කර වංචාකරුවන්ට ජනතාව නිසි පිළිතුරු ලබාදී ඇති බවයි.

මේ අතර මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයීය දෙමාපිය සංසදයේ කැඳවුම්කරු ගැමුණු විජේරත්න මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ සයිටම් සිසුන්ට සිදුකළ අසාධාරණය හේතුවෙන් ආණ්ඩුවට මෙවැනි තත්ත්වයක් උදාවූ බවයි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා හොරණ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ඓතිහාසික ජයග්‍රහණයක් මෙවර මැතිවරණයේදී පොදුජන පෙරමුණ ලබාගත් බවයි.

කෙසේ වෙතත් හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා තිස්සමහාරාමයේ පිහිටි සිය නිවසේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ තමා කිසිවිටකත් අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට භාරගැනීමට සුදානම් නොමැති බවයි.

+++++++++++++++++++++++++++++

තොණ්ඩමන් දෙපැත්තෙන්ම ගොඩ
(13.02.2018 – 19:33 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය දිස්ත්‍රික්කයේ තම පක්ෂය බහුතර බලය ලබා ගත් ආයතනවල බලය එක්සත් ජනතා නිදහස් සන්ධානය සමගත්, බහුතර බලය නොගත් ආයතනවල බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමගත් පිහිටුවීමට සූදානම් බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය පවසනවා.

එම කොංග්‍රසයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *