සද්ධන්තයෙකුට දිවි අහිමි කළ විදුලි රැහැන

(12.02.2018 – 14:14 +0530 – hirunews.lk/sinhala)

අම්පාර, උහන, හිමිදුරාව, 10 ඇල ප්‍රදේශයේ විදුලි සැර වැදීමෙන් වන අලියෙක් මියගොස් තිබෙනවා.

අම්පාර වනජීවි කාර්යාලය පවසන්නේ මෙලෙස මියගොස් ඇත්තේ අවරුදු 15 ක් පමණ වයසැති සත්වයෙක් බවයි.

හේනක් වටා ඇද තිබූ විදුලි රැහැනක, විදුලි සැර වැදිමෙන් පසුගිය 10 වනදා මෙම වන අලියා මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ අම්පාර වනජීවි කාර්යාලයේ නිලධාරීන් අද (12) එම ස්ථානයට පැමිණ සත්වයාගේ සිරුර පරික්ෂා කළ බවයි.

සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

*************************************

ඉරාන තානාපති නිල නිවසේ ගින්නක්
(12.02.2018 – 13:52 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගනය අසල පිහිටි ඉරානා තානාපති නිල නිවසේ අද දහවල් ගින්නක් හට ගෙන තිබෙනවා.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ දෙකක් එම ස්ථානයට යොමුකළ බවයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ ෴

*************************************

සී.අයි.ඩීයට ලැබුණු අවසරය
(12.02.2018 – 13:05 +0530 – hirunews.lk/sinhala)

පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේනගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවසර දෙන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට කොළඹ – කොටුව මහේස්ත්‍රාත්වරිය අද (12) අවසර ලබා දුන්නා.

අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ – කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය ගෙන් ඉල්ලා සිටියේ බැදුම්කර ගණුදෙනුවට අදාල පරීක්ෂණ සඳහා මේ මස 13, 14 සහ 15 යන දිනවල මොවුන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බවයි.

ඒ අනුව එම ඉල්ලීමට අවසර දෙමින් ඊට ඉඩ සලසන ලෙස ඇය වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් ද නිකුත් කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *