පොහොට්ටුව කෝටි බාගය පනී.. සභා 239 ක් දිනයි.. රටම බලා සිටි අවසන් ප‍්‍රතිඵලය මෙන්න..

(11.02.2018 – 22:48 +0530 – lankacnews.com)

10 වැනිදා පැවති 2018 පළාත් පාලන මැතිවරණයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අති විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබා ගෙන තිබේ.

කොට්ඨාශ ක‍්‍රමය අනුව පවත්වන ලද මැතිවණයේදී පොදුජන පෙරමුණ රට පුරා පලාත් පාලන ආයතන 341 කින් 239 ක් ජයගෙන ඇත. ලබාගෙන ඇති ඡන්ද ප‍්‍රමාණය 5,018,198 කි. ප‍්‍රතිශතයක් ලෙස 45.31% කි.

දෙවන තැනට පත් වූ එක්සත් ජාතික පක්‍ෂය ආසන 42 ක් දිනාගනු ලැබීය. ඡන්ද 3,621,338 ක් එජාපය ලබා ගත්තේ 32.23% ක ප‍්‍රතිශතයක්ද සමගිනි.

පළාත් පාලන ආයතන 38 ක බලය දිනූ දෙමල ජාතික සන්ධානය තුන්වන තැන වාර්තා කර ඇත.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 1,416,308 ක් සමගින් දිනා ඇත්තේ පළාත් පාලන ආයතන හතකි.

ජනතා විමුක්ති පෙරමුණ කිසිදු පළාත් පාලන ආයතනයක් ජය නොගත් අතර ඡන්ද 665,208ක් වාර්තා කර ඇත.

***********************************

පොහොට්ටු වේදිකාවට ගොඩවූ වරදට මහින්ද ඇතුළු ඒකාබදදයේ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් 45 ක මන්ත‍්‍රී ධුර අහෝසි කරන්න යයි..
(11.02.2018 – 18:48 +0530 – lankacnews.com)

පැවති පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රවර්ධනය කිරීමට කටයුතු කල ඒකාබද්ද විපක්‍ෂයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන් එම ධුරයන්ගෙන් ඉවත් කර දැමීම සම්බන්ධයෙන් ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් අතර සාකච්චාවක් ඇතිව තිබේ.

අධිකරණ ක‍්‍රියාමාර්ගයක් හරහා මෙසේ ඉවත් කිරීමට අදහස් කර සිටින මන්ත‍්‍රීන් පිරිස 45 ක් වන අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂද එම පිරිසට අයත් වෙයි.

මෙසේ ඉවත් කරන මන්ත‍්‍රීන් වෙනුවට නව මන්ත‍්‍රීන් පත් කිරීමේ බලය ශ‍්‍රීලනිප මහ ලේකම්වරයා සතු වෙයි ෴

*****************************************

තීන්දුවක් ගන්න සූදානම්..- මැතිවරණ පරාජයෙන් පසු ජනපතිගේ පලමු ප‍්‍රකාශය මෙන්න..
(11.02.2018 – 14:10 +0530 – lankacnews.com)

ඉදිරි දින කිහිපයේදී තමන් දැඩි වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට කටයුතු කරන්නේ යයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සදහන් කර ඇත.

පළාත් පාලන මැතිවරණය ප‍්‍රතිඵලය අනුව මෙම තීරණය ගත්තේ යයි ජනාධිපතිවරයා ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවට කියූ බව ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා සදහන් කරයි ෴

*****************************************

අවසානයේ ජනවාරි 8 ජනමතයේ වෙනසක් නෑ ; මහින්දට 44.69% යි ; එදා බලවේග 55.35% යි ; රනිල් – මෛත්‍රී එක්ව පළාත්පාලන ආයතන පිහිටුවයි ; සම්මුති ආණ්ඩුව 2020 දක්වා ; ඒත් රැඩිකල් වෙනසක්..! – ජනපති අගමැති තීරණාත්මක සාකච්ඡාවකදී එකඟවෙති
(11.02.2018 – 23:00 +0530 – facebook.com/lankaenews)

පළාත් පාලන ආයතන පිහිටුවීමේ දී එක්සත් ජාතික පක්ෂය සහ මෛත්‍රීපාල සිරිසේන නායකත්වය දුන් ශ්‍රීලනිප සහ එජනිස කණ්ඩායම් එක්ව සභා පිහිටුවීමටත් 2020 දක්වා සම්මුති ආණ්ඩුව දිගටම පවත්වාගෙන යාමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර තීරණාත්මක සාකච්ඡාවකින් පසු අද තීරණය කර තිබේ.

අවසාන නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු නායක දෙපොල සාකච්ඡා පවත්වා ඇති අතර එහිදී මෙම තීන්දු වලට පැමිණ තිබේ. නායක දෙපොල ආණ්ඩුවේ රැඩිකල් වෙනසක් ඇති කිරීමට ද තීන්දු කර ඇත. එම රැඩිකල් වෙනසට කැබිනට් ධූර කිහිපයක වෙනස් කම් ද ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයේ සිටින කුමන්ත්‍රණ කරුවන් ඉවත් කිරීමට ද තීන්දු කර තිබේ.

මෙම මැතිවරණ ප්‍රතිඵලයේ අවසන් නිල ප්‍රතිශතයන් අනුව 2015 ජනවාරි 8 ජනමතයෙන් පහලට වැටීමක් නොමැති බව සාකච්ඡා කෙරී ඇත. ඒ අනුව මහින්ද රාජපක්ෂගේ පොහොට්ටුව 44.69% ක් ලබා ගනිද්දී එදා හංසයා සමග එක්ව සිටි බලවේගයන්ගේ එකතුව 55.35% ක් බව පෙනී යන බැවින් එජාපය සහ මෛත්‍රීගේ කණ්ඩායම් එක්ව සභා පිහිටුවීමට තීරණය කරන ලදී.

පළාත් පාලන ආයතන 340 න් 239 ක් පොහොට්ටුව ජය ගෙන තිබූ අතර ආයතන 42 ක් එක්සත් ජාතික පක්ෂයද, උතුරේ සහ නැගෙනහිර ආයතන 38 ක් ටීඑන්ඒ පක්ෂයද, 07 ක් මෛත්‍රීපාල සිරිසේනගේ ශ්‍රීලනිප සහ එජනිසය ද ජය ගෙන තිබේ.

සිරිසේන-වික්‍රමසිංහ සාකච්ඡා අනුව එක්ව සභා පිහිටුවන්නේ නම් ආයතන 340 න් ආයතන 100 කට අධික සංඛ්‍යාවක බලය ලබා ගත හැකි වනු ඇත්තේ එජාපයට සහ ශ්‍රිලනිප-එජනිස සංධානයන්ට ය.

අගමැති සමග සාකච්ඡාවෙන් පසු ජනාධිපතිවරයා එජාප පාර්ලිමේන්තු කණ්ඩායම සමගද ශ්‍රීලනිප පාර්ලිමේන්තු කණ්ඩායම සමගද වෙන වෙනම සාකච්ඡා පැවැත්වීය. ඒ සම්බන්ධව වෙන වෙනම වාර්තා ගෙන එනු ඇත ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *