දෙවෙනි 56 පෙරළියට දායක වූ දෑහිතකාමී සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනයාට අපගේ උත්තමාචාරය, ගෞරවය ! – ජානිපෙ නායක විමල් වීරවංශ මහතා (2018-02-11 මාධ්‍ය සාකච්ඡාව)

දෙවෙනි 56 පෙරළියට දායක වූ දෑහිතකාමී සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනයාට අපගේ උත්තමාචාරය, ගෞරවය ! – ජානිපෙ නායක විමල් වීරවංශ මහතා (2018-02-11 මාධ්‍ය සාකච්ඡාව)
(11.02.2018 – YouTube > Wimal Weerawansa)

+++++++++++++++++++++++++++++++

පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුව
(11.02.2018 – 14:45 +0530 – lankadeepa.lk)

පළාත් පාළන මැතිවරණය පිලිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරනු ලැබූ මාධ්‍ය හමුවක් අද (11) බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ දී පැවැත්විණි.

එම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගණවර්ධන , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී. එල්. පීරිස් , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ , උදය ගමිමන්පිල , ඩලස් අලහප්පෙරැම , ගාමිණී ලොකුගේ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

+++++++++++++++++++++++++++++++

ජනමතය අපටයි.. ආණ්ඩුව වහා ඉල්ලා අස්වෙනු.. – පොහොට්ටුව නිල වශයෙන් කියයි..
(11.02.2018 – 17:30 +0530 – lankacnews.com)

පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුව වෙත ජනතාව විසින් දී ඇති පණිවුඩය පිලිගෙන වහාම ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස ඒකාබද්ද විපක්‍ෂය ඉල්ලා සිටී.

බත්තරමුල්ලේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහි පක්‍ෂ නායකයෝ මේ බව කියා සිටියහ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තව දුරටත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග නැති බව තේරුම් ගෙන ඔහු වහාම පක්‍ෂ සභාපති ධුරයෙන් ඉල්ලා ඇස්විය යුතු යයිද එම මාධ්‍ය හමුවේදී කියා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු සභාපති හිටපු ඇමති ජී.එල්. පීරිස් කියා සිටියේය ෴

+++++++++++++++++++++++++++++++

2018 පෙබරවාරි මස 11 ප.ව. 02:31 (lankadeepa.lk)

+++++++++++++++++++++++++++++++

රනිල් වික්‍රමසිංහ 30 වැනි වතාවටත් පැරදුණා – කෙහෙළිය
(11.02.2018 – 15:30 +0530 – lankadeepa.lk)

රනිල් වික්‍රමසිංහ මහතා 30 වන වතාවටත් පැරදී ඇති බවත් එම නිසා එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ අනාගතය කුමක්ද කියා සිතන්නට දැන් කාලය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

‘‘රනිල් වික්‍රමසිංහ සිතා සිටියේ වාමාංශික බලවේගයක් වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දෙකඩ වීම නිසා තමන් හට බලයක් ලැබෙනු ඇතැයි කියලා. ඒත් එසේ වුණේ නෑ. අපි මැතිවරණයක් ඉල්ලුව අපි පාර්ලිමේන්තුවෙ විප්ලව කළා. මැතිවරණ කාර්යාලයට පස් හය වතාවක් ගියා. උද්ඝෝෂණ කළා. මේ මැතිවරණය අපට දීපු එකක් නොව අපි බලෙන් ලබාගත් එකක්. මේ මැතිවරණය ලබාගත්ත වගේම රටේ පාලනයත් ලබාගන්නවා. එය ඊලග ඉලක්කයයි.’’

රටේ තිබෙන ඉතා ප්‍රබලම දේශපාලන පක්ෂ 3 ක් එක් පුද්ගලයකු ඉදිරියේ පරාජය වු බවත් වර්තමාන යහපාලනයට රටේ බහුතර ජනතාව ‘දැන් ඇති උබල මේ කරපු විනාශය නවත්තල පලයන්’ කියා ප්‍රබල පණිවිඩයක් දුන් බවද ඒ මහතා පවසයි.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙසේ පැවැසුයේ අද (11) මහනුවරදී පැවැත්වු මාධ්‍ය සාකච්ඡාවකදීය.

‘‘වත්මන් රජයට විකෘති වි ඇති පාර්ලිමේන්තුවක් තුළ මේ සුසංයෝගයට පවතින්නට බෑ.එයට හේතුව මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ පසුපෙල කණ්ඩායම අග්‍රාමාත්‍යවරයාට නැතිවෙන්නට ගැසීමයි.රනිල්ගෙ පසුපෙල කණ්ඩායමත් ඒ වගේමයි.එකිනෙකා ගසා ගනිමින් එයාලා මේක එක ආණ්ඩුවක් කියලා කියාගන්නවා.එවන් රජයකට පවතින්නට බැහැ.’’ යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය නොගන්නේ ඇයිදැයි මාධ්‍යෙව්දියකු විමසු විට මන්ත්‍රීවරයා මෙසේ කීය.

‘‘කාලය, දීපය, දේශය කියල එකක් තියෙනවා. බොහොම පැහැදිලිව පස්මහ බැලුම් බලල තමා ඒ තින්දුව ගන්න ඕන ඒක ඉතිහාසේ අපේ සංසකෘතියේම තියෙන දෙයක්. ඒ සම්බන්දව අවශ්‍ය වේලාවට තිරණය ගන්නවා.’’

+++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *