පරාජිත ශ‍්‍රීලනිප නායකත්වයට මහින්ද බෑ කියයි.. පොහොට්ටුවේ නායකත්වය බාර ගෙන දැවැන්ත සන්ධානයක්..

(11.02.2018 – 11:20 +0530 – lankacnews.com)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කිසිසේත්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතීත්වය බාර නොගත යුතු බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අවධාරණය කරයි.

ශ‍්‍රීලනිප සභාපතීත්වය හිටපු ජනාධිපතිවරයා විසින් බාර ගත යුතු බවට වන වාර්තාවන් ගැන අදහස් පල කරමින් එහි ඉහලම ප‍්‍රකාශකයෙකු කියා සිටියේ මෙවර පළාත් පාලන මැතිවණයේදී ජනතාව විසින් අන්ත පරාජයකට ලක් කර ඇති ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වය රාජපක්‍ෂ මහතා බාර නොගත යුතු බවයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය බාර ගන්නා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතාට ඉදිරියේදී ආරාධනා කරන බවත් ඉන් අනතුරුව ගොනැගෙන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලික කරගත් පුළුල් සන්ධානයේ සුළු පක්‍ෂයක් ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සිටිය හැකි බවත් ඔහු දැඩිව අවධාරණය කලේය ෴

+++++++++++++++++++++++++++++

අගමැතිකම ගන්නවාද.. මහින්ද කණ පුපුරන්න පිලිතුරක් දෙයි..
(11.02.2018 – 08:40 +0530 – lankacnews.com)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට අගමැති ධුරය බාරගන්නැයි ආරාධනා කල බවට පලවන වාර්තා සම්බන්ධයෙන් අප කල විමසීමකදී හිටපු ජනාධිපතිවරයාගේ අතිශය සමීපතමයෙකු කියා සිටියේ මෙම මැතිවරණය පළාත් පාලන මැතිවරණයක් මිස පාර්ලිමේන්තුවේ අගමැතිවරයා තෝරන මැතිවරණයක් නොවන නිසා අගමැති ධුරය කිසිසේත්ම බාර නොගන්නා බවයි.

හිටපු ජනාධිපතිවරයා විසින් කිසිසේත්ම පිං අගමැතිකම් බාර නොගනු ඇති බවත් ඔහු තහවුරු කලේය.

කෙසේ වෙතත් වහාම පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කර පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවීමට ආණ්ඩුව වහා කටයුතු කල යුතු යයිද ඒ මහතා සදහන් කර ඇත.

නමුන් ආණ්ඩු විරෝධි ජනමතය ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණට ලැබී ඇති බැවින් වත්මන් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය ඒකාබද්ද විපක්‍ෂයට ලබා දිය යුතුම බවත් එය බාර ගැනීමට සූදානම් බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *