‘අත්තේ වාඩි වී ගස කපා ආණ්ඩුව වැනසූ සියයට අටේ සිරිසේන ජනාධිපතිධූරයෙන් ඉල්ලා අස්විය යුතුයි‘ – පක්ෂ නායකයෝ සිවිල් නායකයෝ පූජ්‍ය පක්ෂය කියති

(11.02.2018 – 08:25 +0530 – facebook.com/lankaenews)

දුර දිග නොබලා මෝඩ කුමන්ත්‍රණකරුවෙකු ලෙස ක්‍රියා කරමින් ආණ්ඩුවේ හෝදා පාලු සහගත පරාජයට ප්‍රධාන වශයෙන්ම වග කිව යුතු ජනාධිපතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු යැයි ජනාධිපතිවරයා බලයට ගෙන ආ පක්ෂ වල නායක කාරකාදීන් සහ සිවිල් සංවිධාන නායකයන්ද, නායක හිමි වරුන් කිහිප දෙනෙකුම ජනාධිපතිවරයාට දුරකථන ඇමැතුම් ලබා දෙමින් ප්‍රකාශ කර ඇතැයි ජනාධිපතිවරයාට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි.

තමන් මහත් අසීරුතාවයෙන් හදා දුන් ජනවාරි 8 ජනමතය අනුව ක්‍රියා නොකළ ජනාධිපතිවරයා බලයට පැමිණ පැය 48 න්ම ජනතාවට දුන් නිර්පාක්ෂික වනවා යන පොරොන්දුවට ද්‍රෝහී වෙමින් කරන ලද ක්‍රියාවන්හි අද විපාකය වී ඇත්තේ ඔහු පමණක් නොව ආණ්ඩුවම අර්බුදයකට යවා රටම විනාශය කරා යොමුකරවමින් යලි ඒකාධිපති පවුල් පාලනයකට රට ගොදුරු කරවීමකැයි ඔව්හු පවසති.

හොරු අල්ලන්නට දස අතේ දිවුරා ආ සිරිසේන ජනාධිපති එකදු හොරෙකු හෝ අල්ලන්නේ නැතිව තමන් ආණ්ඩුවේ ප්‍රධානියාව සිටිමින් තමන්ගේ හෙංචා මාධ්‍ය හරහා තමන්ගේම ආණ්ඩුවට හොරු හොරු යයි බොරු අවලාද නැගීමේ ආදීනව යටතේ ආණ්ඩුව පමණක් නොව ශ්‍රීලනිපය වැනි ගරු කටයුතු පක්ෂයක් සියයට 8 ක් වැනි නීච සහගත තත්ත්වයකට ඇද දමන ලදැයි චෝදනා කරන ඔව්හු තම පුද්ගලික ජනාධිපතිවරණයක් සේ ඡන්දයක් මෙහෙයවා සියයට 8 ක් තරම් සොච්චමක් ලබා ගත් මෛත්‍රීපාල සිරිසේන වහාම ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු යැයි කියා සිටිති.

සිරිසේන ජනාධිපති කෙළේ අත්තේ වාඩි වී ගස කපා දැමීම වැනි ගොං වැඩක් බවත් දැන් ඔහුම ගහට යට වී විනාශ වී යා යුතු බවත් ජනාධිපති ඉල්ලා අස්විය යුතු යැයි කියන පිරිසේ මතය වී තිබේ.

නමුත් මේ අවස්ථාවේ ජනාධිපතිවරයා ඉල්ලා අස්වුවහොත් ඉන්පසුව ලේසියෙන්ම රාජපක්ෂලා ජනාධිපතිධූරය ඩැහැ ගන්නා බවද ඊට විරුද්ධ අයගේ මතය වී තිබේ ෴

++++++++++++++++++++++++++++++++

ඡන්දෙන් ජනාධිපති තාත්තා ගේ පල්ල ගැලවුනත් ජනාධිපති දෝණියගේ ගෝනිය පිරිලා
(11.02.2018 – 10:25 +0530 – facebook.com/lankaenews)

ඡන්දයෙන් ‘ජනාධිපති තාත්තා’ගේ පල්ල ගැලවී ගියත් ජනාධිපති දෝණියගේ ගෝනිය නම් පිරී ගොස් ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

සිරිසේන සහභාගී වූ සහ නොවූ ශ්‍රීලනිපයේ ප්‍රධාන රැස්වීම් වල වේදිකා ගැසීම, ශබ්ද උපකරණ සහ ආලෝක උපකරණ සැපයීම සිදුකර ඇත්තේ චතුරිකා සිරිසේනට අයත් ‘ඇඩ්වර්ටයිසින්’ ආයතන විසිනි. එක් රැස්වීමකින් ඇය ලැබූ ලාභය රු. මිලියන 3 ක් විය. මෙවැනි අධික ලාභයක් ලබා ගත හැකි වී ඇත්තේ බාල ඝනයේ වේදිකා ද දුර්වල ශබ්ද උපකරණ සහ දුර්වල ආලෝක උපකරණ ද භාවිතය නිසාය. එම ශබ්ද උපකරණ වේදිකාව සහ ආසන්නයට පමණක් ඇසුනද ඈත සිටින අයට පැහැදිලිව ඇසී නැත. දිනකට මෙවැනි රැස්වීම් 5 ක් පවත්වා තිබේ. ඒ අනුව දිනකට ඇය ලැබූ ලාභය රු. මිලියන 15 ක් හෙවත් කෝටි එක හමාරකි. අඩුම ගණනේ දින 20 ක් මෙවැනි රැස්වීම් පැවැත්වී නම් ඇය ලබා ඇති ලාභය රු. කෝටි 30 කි.

තාත්තාට ඡන්ද නොලැබී ගූ හතට පැරදී ගියද දෝණියගේ ගෝනිය කෝටි 30 කින් පිරී ගොස් ඇත ෴

+++++++++++++++++++++++++++++++

ඉදිරියට පොහොට්ටුව නෑ ; ශ්‍රීලනිපයේ නායකත්වය යලි මහින්දට
(11.02.2018 – 09:21 +0530 – facebook.com/lankaenews)

මෙතැනින් පසු මහින්ද රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය සිරිසේනගෙන් ලබා ගන්නා බවත් ඉන්පසුව පොහොට්ටුවේ ලකුණින් ඇති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ (SLPP) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා බැඳුනු පෙරමුණක සාමාජික පක්ෂයක් ලෙස කටයුතු කරනු ඇති බවත් පොහොට්ටුවේ ප්‍රකාශකයෙකු ලංකා ඊ නිව්ස් සමග පැවසීය.

මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අස්වූයේ ද නැති අතර ශ්‍රීලනිපයේ හිඳිමින් වෙනත් පක්ෂයක පොහොට්ටුවක් ජයග්‍රහණය කරවූ නමුත් දැන් එය තම බලය පෙන්වා අහවර බැවින් නම්බුකාර ලෙස ශ්‍රීලනිපයේ නායකත්වය යලි ලබාගෙන පොහොට්ටුව ඊට ඈඳා ගැනීම කරනු ලබන බවත් එම ප්‍රකාශකයා කීවේය.

ශ්‍රීලනිපයේ නායකයා ජනාධිපති වරයා විය යුතු යැයි යන පක්ෂ ව්‍යවස්ථා වගන්තිය බහුතර බලයකින් වෙනස් කරන බවද ඔහු වැඩි දුරටත් කීය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • I think criticizing the President and his daughter was written by bitter UNPers, unable to bear their defeat in the hands of voters incensed by Ranil gang robberies. OK the daughter made a business profit but the guy who wrote this nonsense is not her audtor, so pack it in. Try to compare her profit with the mega bond scam perpetrated by Ranil gang. It is absolutely right that UNPers were swept out island wide for betraying the trust people placed on them in Jan 2015. The series of robberies, raiding the national bank assets and poor peoples pension funds is totally unacceptable and thankfully people punished them, and now hopefully the courts will take over and do their duty.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *