2018 පළාත් පාලන මැතිවරණයේ නිල නොවන ඡන්ද ප‍්‍රතිඵල මෙන්න…. – lankacnews.com වෙතින්

සටහන : ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) (පොහොට්ටුව)

********************************************

මහින්ද ආසන 250 යි.. රනිල් ආසන 25 යි.. මෛත‍්‍රි ආසන හතරයි.. අවසන් ප‍්‍රතිඵලය ආසන්නයි..
(11.02.2018 – 05:21 +0530 – lankacnews.com)

පලාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය සවස 8 වෙන විට ප්‍රකාශයට පත් කරන බව ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති පුන පුනා කීහ. එමෙන්ම ඡන්ද මධ්‍යස්ථානය තුලම එම ඡන්දය ගනන් කොට ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරන බවත් හෙතෙම පැවසීය. ඒ අනුව එම මධ්‍යස්ථාන තුලම ඡන්දය ගනන් කොට එහි සහතික කල නිල පිටපතක් අදාළ පක්ෂ සඳහා නිකුත් කොට ඇත.

එහෙත් මැතිවරණ කොමිසමට අද අලුයම 5 වනවිටත් ලබාදීමට හැකි වූයේ සභා 4 ක ප්‍රතිඵල පමණි.

කොට්ඨාස අනුව නිකුත් කල සහතික කල ප්‍රතිඵල අනුව මේ වනවිට පලාත් පාලන 250 කට අධික ප්‍රමාණයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් දිනාගෙන ඇත.

ඒ මොණරාගල, අනුරාධපුර, රත්නපුර දිස්ත්‍රික්යේ සියලු සභාවන් මෙන්ම හම්බන්තොට, මාතර, ගාල්ල, මාතලේ, මහනුවර,පුත්තලම, කෑගල්ල එක් සභාවක් හැරුණු විට අනිකුත් සියලුම සභාවන් ද කුරුණෑගල දිස්ත්‍රික්යේ කුරුණෑගල මහ නගර සභාව හා කුලියාපිටිය නගර සභාව හැර සම්පූර්ණ දිස්ත්‍රික්ය ද බදුල්ල, අම්පාර, ත්‍රිකුණාමල, නුවරඑළිය දිස්ත්‍රික්වල සියලුම සිංහල බහුතරය සිටින සභාවන් ඇතුළුවය.

එමෙන්ම කොළඹ, දෙහිවල ගල්කිස්ස, මහ නුවර, කුරුණෑගල, බදුල්ල මහ නගර සභා ඇතුළු පලාත් ආයතනයන් 25 ක් පමණ රනිල් වික්‍රමසිංහ මහතා දිනා ගෙන ඇත.

පොලොන්නරුව දිස්ත්‍රික්යේ පලාත් පාලන 4 ක් පමණක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දිනාගෙන ඇත.

අනිකුත් සුලු ජාතික පක්ෂ විසින් 61 පමණ දිනා ගෙන ඇත.

*******************************************

කොළඹ රෝසි දිනයි.. ප‍්‍රතිඵල මෙන්න..
(11.02.2018 – 04:28 +0530 – lankacnews.com)

කොලඹ නගර සභාවේ කොට්ඨාශ 47 න් 44 ක් එක්සත් ජාතික පක්‍ෂය විසින්ද මනෝ ගනේෂන්ගේ පක්‍ෂය විසින් දෙකක්ද පොදුජන පෙරමුණ විසින් එක් ආසනයක්ද දිනගෙන ඇති බව ඡන්දපොල නියෝජිතයෝ කියති.

********************************************

+++++++++++++++++++++++++++++++++

********************************************

අප්පච්චි මලෝගේ මොණරාගල දිස්ත‍්‍රික්යත් මහින්දටයි..
(11.02.2018 – 03:23 +0530 – lankacnews.com)

පැවැති පළාත් පාලන මැතිවරණයේදී මොණරාගල දිස්ත‍්‍රික්කයද ජය ගැනීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී ඇති බව ඡන්ද පොල නියෝජිතයෝ කියා සිටිති.

********************************************

කළුතර දිස්ත‍්‍රික්කයත් පොහොට්ටුවටයි..
(11.02.2018 – 02:25 +0530 – lankacnews.com)

පැවැති පළාත් පාලන මැතිවරණයේදී කළුතර දිස්ත‍්‍රික්කයද ජය ගැනීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී ඇති බව ඡන්ද පොල නියෝජිතයෝ කියා සිටිති.

********************************************

බේරුවලත් පොහොට්ටුව දිනයි.. රාජිතගේ බේරුවල සටන පරාදයි..
(11.02.2018 – 01:25 +0530 – lankacnews.com)

කළුතර දිස්ත‍්‍රික්කයේ බේරුවල නගර සභාව ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගැනුන බව ඡන්දපොල නියෝජතයෝ කියා සිටිති.

********************************************

පොහොට්ටුව වෙනුවට ආ මෝටර් බයිසිකලය මහගරගම සියළු ආසන දිනාගනී..
(11.02.2018 – 00:13 +0530 – lankacnews.com)

පළාත් පාලන මැතිවරණය සදහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මහරගම නගර සභාව සදහා ඉදිරිපත් කරන ලද නාම යෝජනා ලයිස්තුව ප‍්‍රතික්‍ෂෙප වීමෙන් පසු එම පෙරමුණ විසින් සහාය දක්වන ලද මෝටර් බයිසිකලය ලකුණ දරන ස්වාධීන කණ්ඩායම ආසනයේ සියළුම කොට්ඨාහ ජයග‍්‍රහණය කර තිබේ.

එජාප ඇමති චම්පික රණවක බස්නාහිර මහ ඇමති ඉසුර දේවප‍්‍රිය විසින් මෙම ආසනයේ බලය තහවුරු කර ගැනීම සඳහා මහත් උත්සායක් දරණු ලැබීය.

********************************************

හම්බන්තොට දිස්ත‍්‍රික්කයත් පොහොට්ටුව දිනා ගනී..
(11.02.2018 – 00:01 +0530 – lankacnews.com)

අද පැවැති පළාත් පාලන මැතිවරණයේදී හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ හම්බන්තොට නගර සභාව හැර සෙසු සියළු ආසන ජය ගැනීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී ඇති බව ඡන්ද පොල නියෝජිතයෝ කියා සිටිති.

********************************************

ඡන්දය නැවත ගණන් කරයි.. ඒකාබද්දය කැළඹෙයි..
(10.02.2018 – 23:42 +0530 – lankacnews.com)

නිල ඡන්ද ප‍්‍රතිඵල දිගින් දිගටම ප‍්‍රමාද වන්නේ නැවත ගණනය කිරීමක් යයි වාර්තා වෙයි.

එක්සත් ජාතික පක්‍ෂය විසින් ඇතැම් ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභාවන්හි ඡන්දය නැවත ගණන් කරන්නැයි ඉල්ලා ඇති බව පැවසෙයි.

මේ සම්බන්ධයෙන් අප හා අදහස් පල කල ඒකාබද්ද විපක්‍ෂයේ ප‍්‍රබලයෙකු පැවසුවේ මෙය ඉතා සැක කටයුතු තත්වයක් බවත් තමන් ඇතුළු පිරිස්ද මෙනිසා කැළඹීමට පත්ව සිටින බවයි.

********************************************

ඡන්ද වර්ෂාවෙන් පොහොට්ටුව ජය මාවතේ… ජනරජු මහින්ද ජාතිය අමතයි..
(10.02.2018 – 23:24 +0530 – lankacnews.com)

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබා ගන්නා ලද ජයග‍්‍රහණය සාමාකාමීව විඳ ගන්නා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමස්ථ රට වාසීන්ගෙන් ඉල්ලා සිටී.

මැතිවරණ ප‍්‍රතිපලය සම්බන්ධයෙන් ලද තොරතුරු මත මාධ්‍ය අමතමින් විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

—————————

********************************************

මාතර දිස්ත‍්‍රික්කයත් පොහොට්ටුව දිනුම්…
(10.02.2018 – 23:16 +0530 – lankacnews.com)

අද පැවැති පළාත් පාලන මැතිවරණයේදී මාතර දිස්ත‍්‍රික්කයේ වැලිගම නරග සභාව හැර සෙසු සියළු ආසන ජය ගැනීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී ඇති බව ඡන්ද පොල නියෝජිතයෝ කියා සිටිති.

වැලිගම නගර සභාවේ මැතිවරණය අධිකරණ නියෝගයක් හේතුවෙන් අත්හිටුවා ඇත.

********************************************

කුරුණෑගල දිස්ත‍්‍රික්කයත් ගෙඩිය පිටින් මහින්දටයි..
(10.02.2018 – 22:43 +0530 – lankacnews.com)

කුරුණැගල දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන ආයතන 21 ක් සමග දිස්ත‍්‍රික්මය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇති බව එහි සිටින නියෝජිතයෝ කියති.

කුරූණෑගල දිස්ත‍්‍රික්කය මෙරට තුන්වැනි වැඩිම ඡන්ද ප‍්‍රමාණයක් ඇති දිස්ත‍්‍රික්කයයි.

********************************************

ගාල්ල දිස්ත‍්‍රික්කයම පොහොට්ටුව දිනාගනී…
(10.02.2018 – 22:18 +0530 – lankacnews.com)

අද පැවැති පළාත් පාලන මැතිවරණයේදී ගාල්ල දිස්ත‍්‍රික්කයේ ගාල්ල නගර සභාව හැර සෙසු සියළු ආසන ජය ගැනීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී ඇති බව ඡන්ද පොල නියෝජිතයෝ කියා සිටිති.

කෙසේ වෙතත් මේ වන තෙක් මැතිවරණ කොමිසම විසින් නිල වාර්තාව නිකුත් කර නැත.

********************************************

මාතලේ දිස්ත‍්‍රික්කයත් ගෙඩිය පිටින් පොහොට්ටුවට…
(10.02.2018 – 22:03 +0530 – lankacnews.com)

අද පැවැති පළාත් පාලන මැතිවරණයේදී මාතලේ දිස්ත‍්‍රික්කයේ සියළු ආසන ජය ගැනීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී ඇති බව ඡන්ද පොල නියෝජිතයෝ කියා සිටිති.

සභා 13 න් දහතුනේම බලය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනා ගෙන ඇති බව එම නිල නොවන ආරංචි කියයි.

********************************************

පොහොට්ටුව තීරණාත්මක කඩඉම පනී.. වැඩිම ඡන්ද හිමි ගම්පහ දිස්ත‍්‍රික්ය දිනා ගනී..
(10.02.2018 – 21:25 +0530 – lankacnews.com)

ගම්පහ දිස්ත‍්‍රික්කයේ වත්තල නගර සභාව හැර සියළු පළාත් පාලන ආයතනයන්හි බලය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇති බව එහි සිටින නියෝජිතයෝ කියති.

ගම්පහ දිස්ත‍්‍රික්කය මෙරට වැඩිම ඡන්ද ප‍්‍රමාණයක් ඇති දිස්ත‍්‍රික්කය වන අතර එය ජය ගන්නා කණ්ඩායම සමස්ථ ජයග‍්‍රහණයට ඉතා කිට්ටු වන බව පොදු මතයයි.

අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාවේදී හිටපු ජනාධිපති චන්ද‍්‍රිකා කුමාරතුංග නායකත්වය දුන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සිවුවන තැනටත් ජවිපෙ පස්වන තැනටත් ඇද වැටී තිබේ. තුන්වන තැන දිනාගෙන ඇත්තේ පොහොට්ටුවේම සහාය ලද ස්වාදීන කණ්ඩායමත් විසිනි.

********************************************

අනුරාධපුර මුළු දිස්ත්‍රික්කයම පොහොට්ටුව දිනා ගනී..
(10.02.2018 – 20:59 +0530 – lankacnews.com)

අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ සියළුම පළාත් පාලන ආයතනයන්හි (19) බලය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇති බව එහි සිටින නියෝජිතයෝ කියා සිටිති.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා ප‍්‍රතික්‍ෂෙප වූ තිරප්පනේ ආසනයේදී එහි සහාය හිමි වූ නාග රාජයා ලකුණ දරන කණ්ඩායම විසින් බලය තහවරු කරගෙන ඇත.

********************************************

චන්ද්‍රිකාගේ බලකොටුව අත්නගල්ලේ සියළුම කොට්ඨාශ පොහොට්ටුවෙන් දිනාගනී…
(10.02.2018 – 20:45 +0530 – lankacnews.com)

ගම්පහ දිස්ත‍්‍රික්කයේ අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාවේ සියළුම කොට්ඨාශ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇති බව නිල නොවන ආරංචි මාර්ග කියයි.

එම ආසනයේ ශ‍්‍රීලනිප සංවිධායිකා ලෙස කටයුතු කරන ලද්දේ හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග වීම විශේෂත්වයකි.

********************************************

මාතලේ යටවත්ත මාලිගාපිටිය :
(10.02.2018 – 20:27 +0530 – lankacnews.com)

අද පැවති පළාත් පාලන මැතිවරණයේදී මාතලේ යටවත්ත ප‍්‍රාදේශීය සභාවේ මාලිගාපිටිය ඡන්ද ප‍්‍රතිඵලය ලැබී ඇත.

• SLPP – 335
• UNP – 153
• UPFA – 23

********************************************

කැස්බෑවේ කොට්ඨාශ සියල්ලම පොහොට්ටුව දිනාගනී..
(10.02.2018 – 20:02 +0530 – lankacnews.com)

අද පැවති පලාත් පාලන මැතිවරණයෙන් කැස්බෑව ආසනයේ කොට්ඨාශ සියල්ලම (20) ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන සිටින බව ඡන්දපොල නියෝජිතයෝ කියා සිටිති.

********************************************

කුරුණෑගල මහ නගර සභාව.. ජයන්තිපුර :
(10.02.2018 – 19:47 +0530 – lankacnews.com)

කුරුණෑගල මහ නගර සභාවේ ජයන්තිපුර ඡන්ද ප‍්‍රතිඵලය එහිදී නිකුත් කරන ලදී.

• SLPP – 549
• UNP – 228
• UPFA – 182

********************************************

නිකවැරටිය දම්මුල්ල :
(10.02.2018 – 19:23 +0530 – lankacnews.com)

කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ නිකවැරටිය ප‍්‍රාදේශීය සභාවේ දම්මුල්ල ප‍්‍රතිඵලය එම මධ්‍යස්ථානයේදී නිකුත් කරන ලදී.

• SLPP – 1130
• UNP – 586
• UPFA – 186

********************************************

දිවුලපිටිය තබ්බෝගම :
(10.02.2018 – 19:12 +0530 – lankacnews.com)

ගම්පහ දිස්ත‍්‍රික්කයේ දිවුලපිටිය ප‍්‍රාදේශීය සභාවේ තබ්බෝගම ප‍්‍රතිඵලය එම මධ්‍යස්ථානයේදී නිකුත් කරන ලදී.

• SLPP – 494
• UNP – 223
• SLFP – 43

********************************************

මහරගම ඉහලයාගොඩ :
(10.02.2018 – 18:51 +0530 – lankacnews.com)

මහරගම මහ මහනගර සභාවේ ඉහලයාගොඩ ප‍්‍රතිඵලය එම මධ්‍යස්ථානයේදී නිකුත් කරන ලදී.

මහරගම නගර සභාව සදහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා ප‍්‍රතික්‍ෂෙප විමෙන් එහි සහයෝගය ලැබුවේ බයිසිකලය ලකුණින් තරග වදින කන්ඩායමටයි.

• බයිසිකලය (SLPP) – 999
• UNP – 336
• UPFA – 171
• JVP – 101

********************************************

මොණරාගල තබ්බෝගම :
(10.02.2018 – 18:40 +0530 – lankacnews.com)

මොණරාගල දිස්ත‍්‍රික්කයේ මොණරාගල ප‍්‍රදේශීය සභාවේ තබ්බෝගම ප‍්‍රතිඵලය මිට සුළු මොහොතකට පෙර එහිදී නිකුත් කෙරිණ.

• SLPP – 653
• UNP – 264
• UPFA – 82

********************************************

මතුගම බොරලුගොඩ :
(10.02.2018 – 18:29 +0530 – lankacnews.com)

මතුගම බොරලුගොඩ ඡන්ද ගනන් කිරීම අවසන් කර ඇත.

• SLPP – 179
• UNP – 82
• JVP – 20
• UPFA – 09

********************************************

මාතලේ දිස්ත‍්‍රික්කයේ පල්ලෙපොල ප‍්‍රදේශීය සභාවේ මාදිවෙල :
(10.02.2018 – 17:41 +0530 – lankacnews.com)

අද පැවති පළාත් පාලන මැතිවරණයේදී පලමු ප‍්‍රතිඵලය අප වෙත ලැබී ඇත.

මාතලේ දිස්ත‍්‍රික්කයේ පල්ලෙපොල ප‍්‍රදේශීය සභාවේ මාදිවෙල ප‍්‍රතිඵලය මිට සුළු මොහොතකට පෙර එහිදී නිකුත් කෙරින.

• ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) – 376
• එක්සත් ජාතික පක්‍ෂය (UNP) – 146
• එක්සත් ජනතා නිදහස් සන්ධානය (UPFA) – 44

********************************************

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *