තම පාක්ෂිකයෙකුට පහර දුන්නා යැයි කියමින් නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම විරෝධතාවයක

(09.02.2018 – 20:31 +0530 – lankadeepa.lk)

තම ආධාර කරුවෙකුට පහර දුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් පාලන මැතිවරණ ලැයිස්තු අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා තම පුතණුවන්ද සමඟ අද (09) බුලත්සිංහල පොලිසිය හන්දියේදී උද්ඝෝෂණයක් ආරම්භ කළහ.

බුලත්සිංහල ප්‍රාදේශීය සභාවට මෙවර එක්සත් ජනතා සන්ධානයේ ලැයිස්තුවෙන් ඉදිරිපත් වී සිටින අපේක්ෂකයෙකු තම ආධාර කරුවෙකු වන එක්සත් ජාතික පාක්ෂිකයෙකුට පහර දී ඇති බවත් බුලත්සිංහල පොලිසියේ නිලධාරීන් එම පුද්ගලයා මේ වනතුරුත් අත් අඩංගුවට නොගැනීමට විරෝධය දක්වා තම ආධාර කරුවන් සමඟ මෙම විරෝධතාවය ආරම්භ කර ඇත.

පාලිත තෙවරප්පෙරුම මහතා කිසියම් ඉන්ධන ද්‍රව්‍යයක් ද තබාගෙන සිටිමින් පොලිසිය මෙම සිද්දියට අදාල පුද්ගලයාව අත්අඩංගුවට නොගත හොත් තමා ගිනි තබා ගන්නා බවද ප්‍රකාශ කරමින් සිටී.

බුලත්සිංහල පොලිසියේ ප්‍රකාශකයෙකු පැවසුවේ මෙම සිදුවීම පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය වරයා තම ආධාර කරුවා සමඟ පැමිණ පොලිසියට පැමිණිල්ලක් කළ බවත් පහරදුන් බවට පවසන පුද්ගලයාව අත් අඩංගුවට ගැනීමට පොලිසිය කණ්ඩායමක් යොදවා ඇති බවත් ,ඒ අතර නියෝජ්‍ය අමාත්‍ය වරයා මෙසේ විරෝධතාවයක් ආරම්භ කර ඇති බවත්ය.

++++++++++++++++++++++++++++++

නියෝජ්‍ය ඇමති ඉන්ධන බෝතල් ඇඟේ එල්ලගෙන උද්ඝෝෂණයක
(09.02.2018 – nethnews.lk)

තම ආධාරකරුවෙකුට පහර දුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් පාලන මැතිවරණ ලැයිස්තු අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම අද (09) බුලත්සිංහල පොලිසිය හන්දියේදී උද්ඝෝෂණයක නිරත වනවා.

අදාළ පහරදීම සම්බන්ධයෙන් බුලත්සිංහල පොලිසියේ නිලධාරීන් එම පුද්ගලයා මේ වනතුරුත් අත්අඩංගුවට නොගැනීමට විරෝධය දක්වා නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

පාලිත තෙවරප්පෙරුම කිසියම් ඉන්ධන ද්‍රව්‍යයක් ද ළඟ තබාගෙන සිටිමින් පොලිසිය මෙම සිද්ධියට අදාළ පුද්ගලයා වහා අත්අඩංගුවට නොගතහොත් තමා ගිනි තබා ගන්නා බවද ප්‍රකාශ කරමින් ඇති බවයි වාර්තා වෙන්නේ.

————————–


+++++++++++++++++++++++++++++++

තෙවරප්පෙරුම එළියට ඇවිත් කළ දේ
(10.02.2018 – 07:08 +0530 – hirunews.lk/sinhala)

ඡන්ද මධ්‍යස්ථානවල හෝ ඒ අවට ප්‍රචන්ඩකාරී ලෙස හැසිරෙන ඕනෑම පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ අවශ්‍ය අවස්ථාවකදී උපරිම බලය යටතේ වෙඩි තැබීමට වුවද හැකියාව ඇති බවයි.

මේ අතර ඊයේ (09) දිනයේත් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් වාර්තා වුණා.

බුලත්සිංහල පොලිස් ස්ථානය ඉදිරිපිටදී පිරිසක් මෙලෙස රැස්වී උද්ඝෝෂණයක නිරතවුණේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමකට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නැයි බලධාරීන්ට බලකරමින්.

එම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ද ඒකව සිටියා.







——————————–

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 2

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *