කතිරය පමණක් සලකුණු කරන්නැයි, ඡන්දදායකයන්ට උපදෙස්

(09.02.2018 – 19:09 +0530 – hirunews.lk/sinhala)

හෙට (10) මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරිමේදී කතිරය පමණක් සලකුණු කළ යුතු බව මැතිවරණ කොමිසම පවසනවා.

එහි සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ වෙනත් කිසිදු සලකුණක් වලංගු නොවන බවයි.

යම් ඡන්ද මධ්‍යස්ථානයක කලහකාරී ක්‍රියාවන් සිදුව වුවහොත් එම මධ්‍යස්ථානයේ ඡන්දය අවලංගු කිරීමට සිදුවන බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළා.

මේ අතර, යම්කිසි ඡන්ද දායකයෙකුට තවමත් නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලැබී නොමැති නම් එය ලබා ගැනීම සඳහා හෙට පෙරවරු 10 දක්වා තැපැල් ස්ථාන විවෘතව පවතින බව ද මැතිවරණ කොමිසම සඳහන් කළා.

වසර 41 ට පසුව කොට්ඨාස ක්‍රමය යටතේ පැවැත්වෙන පළාත් පාලන ආයතන සඳහා වන ඡන්ද විමසීම හෙට පෙරවරු 7 ට ආරම්භ වී පස්වරු 4 ට අවසන් වීමට නියමිතයි.

නව මැතිවරණ ක්‍රමය අනුව සෑම පළාත් පාලන අයතනයකම සභිකධුර වලින් 60‍% ක් කේවල ක්‍රමය යටතේත් 40‍% ක් සමානුපාතික ක්‍රමය යටතේත් සභිකයින් තෝරා ගැනෙනවා.

සෑම ආයතනයකම සභිකයින්ගෙන් 25% ක් කාන්තාවන් විය යුතුයි.

මෙවර ඡන්ද විමසීමේ විශේෂත්ව ඡන්ද ගණන් කිරීම අදාල ඡන්ද පොලේදීම සිදු කිරීමට හැකිවීමයි.

කෙසේවෙතත් මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ අවස්ථානුගත සහ ආරක්ෂක හේතු මත ඇතැම් කොට්ඨාසවල ඡන්ද මධ්‍යාස්ථාන කිහිපයක ඡන්ද, ප්‍රධාන මධ්‍යස්ථානයකට රැස්කොට වෙන් වෙන්ම ගණන් කරන බවයි.

මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් අනතුරුව ගත වූ කාලය තුළ මැතිවරණ පැමිණිලි සංඛ්‍යාවේ වර්ධනයක් දක්නට ලැබෙන බව පැෆ්රල් සංවිධානය පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කියා සිටියේ නිහඬ කාලසීමාව තුළ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 70 ක් පමණ වාර්තා වී ඇති බවයි.

++++++++++++++++++++++++++++

මැතිවරණ රාජකාරී සඳහා පොලිසියේ 65,000 ක්
(09.02.2018 – 18:51 +0530 – hirunews.lk/sinhala)

ඡන්ද මධ්‍යස්ථානවල හෝ ඒ අවට ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන ඕනෑම පුද්ගලයෙකුට වෙඩි තැබීමට වුවද හැකියාවක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා.

පොලිස් මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

දිවයින පුරා මැතිවරණ රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 65,000 ක් යොදවා ඇති අතර, එක් ඡන්ද මධ්‍යස්ථානයකට ගිනි අවි සහිතව පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

මැතිවරණයේ නිහඬ කාලසීමාව තුළ දී ගෙන් ගෙට ගොස් ඡන්දය ඉල්ලූ ආධාරකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ද ඔහු කියා සිටියා.

මේ අතර අදත් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් වාර්තා වුණා.

බුලත්සිංහල පොලිස් ස්ථානය ඉදිරිපිටදී පිරිසක් රැස්වී උද්ඝෝෂණයක නිරතවුණේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමකට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නැයි බලධාරීන්ට බලකරමින්.

එම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ද එක්ව සිටියා.

අප වාර්තා කරු සඳහන් කලේ අද පස්වරුව වන තුරුද නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස අදාළ ස්ථානයේ රැඳී සිටි බවයි.

මේ අතර හලාවත ප්‍රාදේශීය සභාව සඳහා තරග කරන අපේක්ෂකයෙකු මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නිරතව සිටියදී අද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අදාළ පුද්ගලයා සතුව තිබී ප්‍රචාරක පත්‍රිකා රැසක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ අතර රජයේ විගණකාධිපතිවරයා පසුගියදා ප්‍රවෘත්ති සාකච්ජාවකදී රාජ්‍ය ණය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල් කර ගනිමින් ඊට අදාළව අවශ්‍ය පියවර ගන්නා ලෙසට ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධනලගාමිණි ලොකුගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් අද මැතිවරණ කොමසාරිස්වරයා හමුවී ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වීමට පැය කිහිපයක් ඉතිරිව තිබියදී විගණකාධිපතිවරයා පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ජාව සම්බන්ධව ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය ද ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ අදාළ ප්‍රවෘත්ති සාකච්ජාව වෘත්තීය අචාරධර්මවලට පටහැනි බව දන්වමින්.

මේ අතර පැෆ්රල් සංවිධානය පවසන්නේ මැතිවරණ සමයේ මේ දක්වා කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 864ක් වාර්තා වී ඇති බවයි.

ඉන් 160 ක් ප්‍රචණ්ඩ ක්‍රියා ලෙසත් 64 ක් රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපොල අවභාවිත කිරීම් ලෙසත් වාර්තාවන බව ඔවුන් සඳහන් කළා.

සිද්ධීන් 182ක් වාර්තා වී ඇත්තේ භෞතික සහ මානසික අල්ලස් ලබාදීම් ලෙසයි ෴

++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++

ජනාමයිසිරි ඡන්ද නීති කඩමින් පොළොන්නරුවේ ඡන්ද ප්‍රචාරණයේ..! සීඑම්ඊවී මැකෝට පොලිසියට පැමිණිලි කරයි; ඔවුන් නිහඬයි
(09.02.2018 – News e Lanka)

අසූචි කන්ටේනරයක් හිස මත වැටුනා වැනි ගඳ පරාජයක මුව විටේ සිටින ජනාමයිසිරි ඉන් මඳක් හෝ ගැලවීමේ අපේක්ෂාවෙන් නීති විරෝධී ලෙස අද දවස පුරා පොළොන්නරුවේ ඡන්ද ප්‍රචාරක කටයුත්තේ යෙදෙමින් සිටි බව වාර්තා වේ.

පොළොන්නරුවේ හිඟුරක්ගොඩ ආදී ප්‍රදේශවල ජන කණ්ඩායමක් සමග සැරිසරමින් ඡන්ද අපේක්ෂකයන්ගේ නිවෙස් වෙත ගොස් ඔවුන් හමුවෙමින් දිරි ගන්වමින් ජනා¤¤¤වරයෙකුට තරම් නොවන ආකාරයේ ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරයක යෙදෙන බවත් මෙය නීති විරෝධී බැවින් වහා එය වළකන ලෙසත් මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන සීඑම්ඊවී සංවිධානය මැතිවරණ කොමසාරිස් වරයාටත් මැතිවරණය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාටත් ලිඛිතව පැමිණිලි කර තිබේ.

මේ බරපතල ඡන්ද නීති කැඩීමක් නොවේ කියා පෙන්වීම සඳහා ඔහු මිනිසුන්ගේ දුක සැප සෙවීමේ සංචාරයක් ලෙස යොදා ගත්තද එය පැහැදිලිවම 8 වෙනිදා සිට නතර කළ යුතු ඡන්ද ප්‍රචාරක කටයුතු නතර නොකර ඡන්ද ප්‍රචාරනයේ යෙදීමකි. ජනාමයිසිරිගේ මේ ඡන්ද නීති කැඩීම සම්බන්ධයෙන් අද දිනය තුල ලිපි දෙකකින්ම ඉහත කී නිලධාරීන්ට පැමිණිලි කළද කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.

ජනාමයිසිරිගේ බච්චා ලරාල්-ශික්තිලක විසින් මෙහෙයවන කැෆේ නමැති මැතිවරණ නිරීක්ෂක සංවිධානය තමන්ට අයත් නැති දේවල් ගැන පවා කට කමසෙයියාවක් නොමැතිව කච බොච ගෑවද ජනාමයිසිරිගේ මේ බරපතල ඡන්ද නීති කැඩීම ගැන කෙළ බිඳක් හෙළා නැත ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *