ගාල්ලේ ගින්නක් ! අහස කළු දුම් වළාවන්ගෙන් වැසෙයි

(08.02.2018 – nethnews.lk)

ගාල්ල බෝගහගොඩ පිහිටි රබර් භාණ්ඩ නිෂ්පාදන කරනු ලබන කර්මාන්ත ශාලාවක එළිමහන් කොටසක් අද (08) ගින්නකට අසුවීම නිසා එහි තිබු රබර් භාණ්ඩ විශාල ප්‍රමාණයක් ගිනිගෙන විනාශවී තිබෙනවා.

මෙම ගින්නෙන් කර්මාන්ත ශාලාවට සුළු හානි සිදුවී ඇති අතර සේවක සේවිකාවන්ට හානියක් වී නොමැත. මෙම ගින්නෙන් ඇතිවූ කළු වලාවන් හේතුවෙන් අවට ප‍්‍රදේශයම වැසි ගොස් තිබුණා.

ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය, ගුවන් හමුදා සහ යුද හමුදා ගිනි නිවන ඒකක, හබරාදුව පොලිසිය සහ ප්‍රදේශවාසින් මෙම ගින්න මැඩ පැවැත්වීම සදහා කටයුතු කළා. විනාඩි 45 ක් පමණ ගින්න පැවතියා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *