උදයංග වීරතුංග නිදහස් කෙරේ.. ජාත්‍යන්තර රතු වරෙන්තු කතාව කෙප්පයක්.. ‘හිටං හුටං පොලිස් රාජ්‍යයට’ එරෙහිව ජාත්‍යන්තරයේ නඩු දමයි..

(08.02.2018 – 16:40 +0530 – lankacnews.com)

උදයංග වීරතුංග නිදහස් කෙරේ.. ජාත්‍යන්තර රතු වරෙන්තු කතාව කෙප්පයක්.. ශ‍්‍රී ලංකා පොලිසියට ජාත්‍යන්තරයේ නඩු දමයි..

තමන් පසුගියදා ඇමරිකාව බලා ගමන් කරමින් සිටිවදී ඩුබායි ගුවන් තොටේදී එරට ඉන්ටර්පොල් පොලිසිය විසින් නතර කර පරික්ෂා කර බැලූ බවත් තමනට එරෙහිව ජාත්‍යන්තරව කිසි චෝදනාවක් නැති බව හා ඉන්ටර්පෝල් රතු වරෙන්තුවක් නැති බව සනාථ වීමෙන් පසු නිදහස් කයේ යයි රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සදහන් කරයි.

මේ බව සදහන් කරමින් ඔහු විසින් සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහන මෙසේය :

පසුගිය 04 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදය කරා ගමන් කරන අතර මග අරාබි එමීර් රාජ්‍යයේදී එරට ඉන්ටර්පොල් පොලිසිය විසින් නතර කර, පරික්ෂා කර, මා හට ජාත්‍යන්තරව කිසිදු චෝදනාවක් නොමැති බව හා ඉන්ටර්පෝල් රතු වරෙන්තුවක් නැති බව සනාථ වීමෙන් පසු නිදහස් කල බව කිව යුතුය.

එසේ නමුත් මෙම රජයෙන් මට සිදූවන දරුණු දේශපාලන පළිගැනීම් නිසා, දැනට ලංකාවට පැමිණීමට අදහසක් නැත. නමුත් ඔවුන් මට විරුද්ධව එල්ල කරන චෝදනා සියල්ල අමූලික බොරු බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කරමි.

මට පුදුම රටේ උගතුන් බුද්ධිමතුන් යැයි කියන කොටස පවා අද රටේ නිදහස, නීතිය ඉදිරියේ සමානාත්මතාව, අධිකරණයේ ස්වාධීනත්වය වැනි ප්‍රජාතන්ත්‍රවාදී යහපාලන නියාමනයන් පවතීයැයි තවමත් සිතීමය.

මෙම පළාත් පාලන චන්දයට වාසී ලබා ගැනීමට රජය විසින් අන්තිම මොහොතේ මාව අත්අඩංගුවට ගැනීමට ගත් උත්සාහය මෙසේ අසාර්ථක විය.

එසේ නමුත් ලාංකික පොලීසියට එරෙහිව ජාත්‍යන්තරව වන්දි නඩුවක් පැවරීමට ඉතා සුදුසු අවස්ථාවක් මට උදාවීම ගැන සතුටු වන්නෙමි.

අසාර්ථක හිටං හුටං ආණ්ඩුවේ ආයුෂ 10 වෙනිදා ඔබගේ චන්දයෙන් අවසානය පටන් ගන්නවා බව නියතය.

අද රටෙහි භයානක පොලිස් රාජ්‍යයක් බිහිවෙමින් පවතින බව ඔප්පු කරන එක් අවස්ථාවක් වුවද, මෙම පොලිස් රාජ්‍යයේ බිහිවීම තුලින් රටට සිදූවන විනාශයට විරෝධය පෑමට පෙබරවාරි 10 දා ලැබෙන අවස්ථාව උපයෝගී කර ගන්නා ලෙස ලංකික ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.

උදයාංග වීරතුංග
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති

+++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++

උදයංග වීරතුංග ලංකාවට ගේනවා.. රාජපක්‍ෂලාගේ තව බෑණෙක් ඇමරිකාවේ සැගවිලා.. ඔහුටත් මෙම ඉරණමයි..
(08.02.2018 – 13:20 +0530 – lankacnews.com)

මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනාවලට ඇමරිකාවේ සිට මාධ්‍ය නිවේදන නිකුත් කරමින් පිළිතුරු ලබා නොදී ශ්‍රී ලංකාවට පැමිණ පිළිතුරු ලබාදෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේය.

ගාල්ල සමනල ක‍්‍රිඩා පිටියේදි පැවති ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මෙසේ ද ප්‍රකාශ කළේය :

“මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් මම කළ ප්‍රකාශ වලට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකාවේ සිට මාධ්‍ය නිවේදන නිකුත් කරමින් පිළිතුරු ලබා දී තිබෙනවා. මම කියනවා ඇමරිකාවේ සිට පිළිතරු ලබානොදී ලංකාවට පැමිණ පිළිතුරු ලබාදෙන්න කියලා. එයා ලංකාවට එන්න බයේ ඇමරිකාවට වී සිටිනවා. මැතිවරණයට පෙර තමයි ඇමරිකාවට පැනගත්තේ. මිග් යානා ගණුදෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 7.5 බැගින් මුදල් කොල්ල කා තිබෙනවා. එහි සත්‍ය පිටපත සහ ව්‍යාජ පිටපත අපට ලැබී තිබෙනවා.

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා නිදහස් දින උදෑසන අත්අඩංගුවට ගත්තා. ඩුබායි සිට ඇමරිකාව බලා හිටපු තානාපතිවරයා යාමට උත්සාහ කළේ හිටපු ආරක්ෂක ලේකම්වරයා හමුවීමටයි. මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් පරික්ෂණ ක්‍රියාත්මක වන නිසා දෙදෙනාම එකම පිළිතරුක් ලබාදිම සදහා සකච්ඡා කිරීමට තමයි ඔවුන් ඇමරිකාවේ දී හමුවීමට නියමිතව තිබුනේ. නමුත් හිටපු තානාපතිවරයා අත්අඩංගුවට ගැනිමත් සමග රාජපක්ෂලා කැළඹීමට පත්ව සිටිනවා.

හිටපු තානාපතිවරයා ලංකාවට ගෙනඒම සදහා 07 දෙනෙකුගෙන් යුත් නිලධාරි කණ්ඩායමක් අද ඩුබායි නුවර බලා පිටත්ව ගියා. දැන් හිටපු ආරක්ෂක ලේකම්වරයා සියලු කුණු හිටපු තානාපතිවරයා වෙත දමා මම වෙනුවෙන් පෙනී සිටින්න යැයි ඉල්ලා සිටිනවා. හිටපු තානාපතිවරයා රාජපක්ෂවරුන්ගේ බෑණා කෙනෙක්. තවත් බෑණා කෙනෙක් වන ජාලිය වික්‍රමසුරිය මහතා ද ඇමරිකාවට වී සැගවී සිටිනවා. එයාටත් අත්වන්නේ මෙම ඉරණමයි.”

– ප‍්‍රසන්න අධිකාරී

+++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++

උදයංග වීරතුංග ඩුබායි රඳවා ගැනීමෙන් නිදහස් කරයි; මෙහේ අය තවම අමුඩ ගසයි
(08.02.2018 – News e Lanka FB)

ඩුබායි ගුවන් තොටේ දින කිහිපයක් තිස්සේ රඳවා ගෙන සිටි උදයංග වීරතුංග නිදහස් කර තිබේ. ඊට හේතු වුවා යැයි සඳහන් වන්නේ ඔහු වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉල්ලා සිටි පරිදි ජාත්‍යන්තර පොලිසිය විසින් නිකුත් කර ඇත්තේ නිල් වරෙන්තුවක් මිස රතු වරෙන්තුවක් නොවන බැවිනි.

රතු වරෙන්තුවක දී අත් අඩංගුවට ගෙන ඉල්ලා සිටින රටට බාර කළ යුතු නමුදු නිල් වරෙන්තුවක දී සිදුකරන්නේ අදාල රට ඉල්ලා සිටින තොරතුරු ලබා දීම සඳහා ප්‍රශ්න කිරීම පමණි.

ඩුබායි ගුවන් තොටේ දී තමන් අත් අඩංගුවට නොගත් බවත් කෙළේ ප්‍රශ්න කිරීම පමණක් බවත් උදයංග වීරතුංග පවසයි.

4 වෙනිදා ඩුබායි හි රඳවා ගත් උදයංග වීරතුංග ලංකාවට රැගෙන ඒම සඳහා 7 වෙනිදා වන තුරු ද අදාල නිලධාරීන්ට ඩුබායි වෙත යෑමට නොහැකි විය. ඒ සඳහා විදේශ ලේකම් මගින් විශාල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව ‘නිව්ස් ඊ ලංකා’ පෙර පුවතකින් හෙළි කරන ලදී ෴

++++++++++++++++++++++++++++++++

09.02.2018

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *