උමාඔයේ විනාශයෙන් කිරිඳි ඔය අඹදන්ඩේගමින් ගිලා බසියි

(20.09.2017 – lankatruth.com)

විනාශකාරී උමාඔය ව්‍යාපෘතිය නිසා මේ වනවිට කිරිඳි ඔය, අඹදන්ඩේගම ප්‍රදේශයෙන් ගිලාබැසීමකට ලක්ව ඇති බව වාර්තාවේ.

එම ප්‍රදේශයෙන් කිරිඳි ඔයේ විශාල කුහරයක් ඇතිවී ජලය සම්පූර්ණයෙන්ම ඒ තුළට ගිලාබහිමින් තිබේ.

මෙම ප්‍රදේශය විශාල භූගත හුණුගල් තට්ටුවලින් පිරී ඇති බවත් විනාශකාරී උමාඔය ව්‍යාපෘතිය නිසා භූ ඝර්භයේ ඇති ජලය කාන්දු වීම නිසා භූ අභ්‍යන්තරයේ ගිලා බැසීම් හටගන්නා බවත් ඒ හේතුවෙන මෙවැනි ගිලා බැසීම් සිදුවන බවත් උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට ඒරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

කිරිඳි ඔය හරස්කර හඳපානාගල සහ ලුනුගම් වෙහොර ජලාශය ඉදිකර ඇති බවත් මේ වනවිට කිරිඳි ඔයට අත්ව ඇති ඉරණම අනුව එය දිගටම පැවතුණහොත් එහි ජලයෙන් හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්කවල අස්වද්දන අක්කර ලක්ෂ ගණනාවකට ජලය නොමැතිවන තත්වයක් උදාවනු ඇති බවත් සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.

කිරිඳි ඔයෙන් පෝෂණය වන අක්කර 300 ක පමණ ගොවි බිම්ද මෙම තත්වය හමුවේ දැඩි අනතුරකට ලක්ව ඇති බවත් මේ වනවිටත් උමාඔය බහුවිනාශකාරී ව්‍යාපෘතිය හේතුවෙන් බදුලු ඔයේ සහ කිරිඳි ඔයේ ඉහත්තාව දැඩි බලපෑමකට ලක්ව ඇති බවත් එහි ජල මූලාශ විනාශවී දිය උල්පත් හිඳීගොස් ඇති බවත් ඒ මහතා අවධාරනය කරයි.

මේ වනවිට රාවනා ඇල්ලටද බලපෑම් පැමිණ ඇති බවත් එය සංචාරක කර්මාන්තයටද දැඩි බලපෑමක් වන බවත් සමන්ත විද්‍යාරත්න මහතා පෙන්වා දෙයි.

කිරිඳි ඔය අඹදන්ඩේ ප්‍රදේශයෙන් ගිලාබසියි…

කිරිඳි ඔය අඹදණ්ඩේගම ප්‍රදේශයෙන් ගිලාබසියි…

Posted by Stop Uma Oya Multi-Destructive Project on Wednesday, September 20, 2017


+++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *