ආර්ථිකය අවුල්සහගත වී ඇතැයි විගණකාධිපති කියයි

(07.02.2018 – 19:47 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය අංශයේ ප්‍රතිත්තියකින් තොර ණය ගැනීම් හේතුවෙන් රටේ ආර්ථිකය සම්පුර්ණයෙන්ම අවුල්සහගත වී ඇති බව විගණකාධිපති එච්.එම්. ගාමිණී විජේසිංහ මහතා පවසනවා.

විගණකාධිපතිවරයා මෙම අදහස් පළ කළේ කොළඹ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

****************************************

උදයංග අපට දෙන්න.. ඔහු අපේ පුරවැසියෙක්.. – යුක්රේනය ඩුබායි බලධාරීන්ට දන්වයි.. රාජතන්ත‍්‍රික සටනක් ඇවිලෙයි..
(08.02.2018 – 09:20 +0530 – lankacnews.com)

ඩුබායි ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගන්නා ලෙද රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග තම රටේ පුරවැසියෙක් නිසා තමනට බාර දෙන්නැයි යුක්රේනය විසින් ඉල්ලා තිබේ.

යුක්රේන බලධාරීන් විසින් අබුඩාබි බලධාරීන්ගෙන් මෙම ඉල්ලීම කිරීමත් සමග අදාල ගැටළුව රාජතාන්ත‍්‍රික අර්බුදයක් වන තත්වයක් උදා වී ඇත.

පසුගිය ඉරිදා ඩුබායි ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගන්නා ලද උදයංග වීරතුංග මේ වන විට අබුඩාබි හි රදවාගෙන සිටී.

උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට රතු වරෙන්තුවක් නිකුත් කලේ යයි පැවසුනද එය නිල් වරෙන්තුවක් යයිද වාර්තා වන අතර නිල් වරෙන්තුවකින් හැකි වන්නේ අදාල පුද්ගලයාගේ අනන්‍යතාව, වෙසෙන ප‍්‍රදේශය, ක්‍රියාකාරකම් ආදි තොරතුරු ලබා ගැනීම පමණි.

යුක්රේනය විසින් තම රටේ පුරවැසියෙක් වන උදයංග වීරතුංග තමනට බාර දෙන්නැයි ඉල්ලා ඇත්තේ එනිසා යයිද සදහන්ය. එමෙන්ම යුක්රේනය හා රුසියාව අතර පවතින දැඩි සමීපතාවය හේතුවෙන් මෙම ඉල්ලීම නොතකා කටයුතු කිරීමේ හැකියාවද ඉතා අවමය.

කෙසේ වෙතත් ඔහුව අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒම සදහා මෙරට පොලිස් නිලධාරි කණ්ඩායමක් අබුඩායි වෙත පිටත්ව යාමට නියමිත යයිද සදහන් වෙයි ෴

+++++++++++++++++++++++++++++++

ඩුබායි ගුවන්තොටේ රඳවා ගෙන සිටින උදයංග වීරතුංග ලංකාවට නොගෙන්වා ගලවා ගැනීමට ලංකාවේ විදේශ ¤කම් කුමන්ත්‍රණයක
(08.02.2018 – News e Lanka)

ඩුබායිහි අත් අඩංගුවේ පසුවන උදයංග වීරතුංග යලි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සූදානමින් සිටි රජයේ නිලධාරීන් සඳහා වීසා ලබාගැනීමේ ක්‍රියාවලියට විදේශ අමාත්‍යංශයෙන් උදව්වක් ලැබී නැත.

පෙරේදා රාත්‍රී දිවයිනෙන් පිටත්ව යෑමට සූදානමින් සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ, නීතිපති දෙපාර්තමේන්තුවේ MLA විශේෂඥ නීතීඥ පාරින්ද රණසිංහ ඇතුළු රජයේ නිලධාරී කණ්ඩායමේ 7 දෙනෙකු සිට ඇති අතර 6 දෙනෙකුටම වීසා ලැබී නොමැත. ලැබී ඇත්තේ රවී වෛද්‍යාලංකාරට පමණි.

සාමාන්‍යයෙන් රජයේ නිලධාරියෙක් රාජකාරී කටයුත්තක් වෙනුවෙන් විදේශගත වන විට වීසා ලබාගැනීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය මැදිහත්වේ. ඒ අනුව වීසා ඉල්ලා රාජකාරී ලිපියක් අදාල රටේ තානාපති කාර්යාලය වෙත නිකුත් කිරීම සිදුවන අතර එකී රාජ්‍ය නිලධාරියාගේ වීසා ඉල්ලුම් පත ආදාල තානාපති කාර්යාලය වෙත බාරදීම විදේශ අමාත්‍යංශයේ නියෝජිතයෙක් විසින් සිදු කෙරේ. සමහර අවස්ථාවල කඩිනමින් වීසා ලබාගැනීම අවශ්‍ය නම් අදාල රටේ තානාපතිවරයා අමතා එම වීසා ලබාදෙන ලෙස ඉල්ලීමක් විදේශ අමාත්‍යංශයෙන් කෙරේ.

දැන ගන්නට ඇති අන්දමට රාජපක්ෂලාගේ ඉල්ලීම මත විදේශ ¤කම් ¤සාද් ¤රියවසම් හිතා මතා මෙම වීසා ලබාගැනීමට බාධා කර තිබේ. මෙහි යටි අරමුණ යුක්රේන රාජ්‍යය විසින් උදයංග වීරතුංග තම රටට ලබාදෙන ලෙස ඩුබායි රටින් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර ලැබෙන තෙක් මෙම වීසා ලබාගැනීම ප්‍රමාද කිරීමයි. ඒ තුළින් රාජපක්ෂලා යටතේ වරප්‍රසාද ලත් විදේශ ¤කම් ¤සාද් ¤රියවසම් ජඩ වැඩක් කර තිබේ. ¤සාද් ¤රියවසම් මේ වන විට විශ්‍රාම යා යුතු වයසත් පැන සිටියද විරෝධතා මධ්‍යයේ ඔහු විදේශ ¤කම් ලෙස පත් කරන ලද්දේ ¤නාධිපති ¤රිසේන විසිනි.

උදයංග වීරතුංග යුක්රේනයේ සිටියදීම ඔහුට සහ පවුලට ලංකාවේ රාජකාරි ගමන් බලපත්‍ර ලබා දීම යහපාලන ආණ්ඩුව බලයේ සිටියදීම ආණ්ඩුවට හොරෙන් ඉටු කර තිබුනේ ද විදේශ අමාත්‍යාංශයේ උදව්වෙනි. ඒ මංගල සමරවීර විදේශ ඇමැති කාලයේ දී ය.

කෙසේ වෙතත් ඩුබායි අත් අඩංගුවේ සිටින උදයංග වීරතුංග වෙනුවෙන් එහි සිටින මිල අධිකම නීතිඥ සමාගමක් කටයුතු කරන බවද ලංකා ඊ නිව්ස් වෙත දැන ගන්නට තිබේ.

ඇමරිකාවේ හූස්ටන්හි වෙසෙන රාජපක්ෂලාගේ බාල සොයුරු ඩඩ්ලි රාජපක්ෂගේ බිරිඳ පිළිකා රෝගයෙන් අවසන් හුස්ම හෙලීමට ආසන්න වී ඇති බැවින් ඇය බැලීම සඳහා උදයංග වීරතුංග ඇමරිකාව බලා යෑමට ඩුබායි ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේ දී ශ්‍රී ලංකාව විසින් අවලංගු කරන ලද ඔහුගේ ගමන් බලපත්‍රය ඉදිරිපත් කිරීම හසුවීමෙන් ඔහුව ගුවන් තොටේ රඳවා ගන්නා ලදී. ඒ පසුගිය 4 වෙනිදා ය.

කුප්‍රකට මිග් යානා ගනුදෙනුවේ ප්‍රධාන චුදිතයෙකු වන උදයංග වීරතුංගට විරුද්ධව ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කර ඇත ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *