මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කරනවනම් බටලන්දත් මතු කරනවා

(07.02.2018 – nethnews.lk)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමට ඉදිරිපත් වී ඇති යෝජනාව ද දේශපාලන වේදිකාවේ මේ වනවිට ප‍්‍රධාන මාතෘකාවක් වී තිබෙනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පැවසුවේ මෙම යෝජනාව ක‍්‍රියාත්මක කිරීමට යමෙකු උත්සහ කළහොත් යටගිට බටලන්ද කොමිසමේ වාර්තාව ද නැවත මතුකර ගැනීමට සිදුවන බවයි අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත් මහතා පැවසුවේ.

බටලන්ද කොමිසමේ වාර්තාව එළිදක්වනු ලැබූයේ ඉකුත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපතිව සිටියදීයි. පසුව මහින්ද රාජපක්ෂ මහතා ද ජනාධිපති ධුරයේ කටයුතු කළා. ඒ අනුව බටලන්ද කොමිසමෙන් චෝදනාවට ලක්වූවන්ට එරෙහිව පියවර ගතයුතු නම් එම පාලන සමයන්හිදී ඒ සඳහා කටයුතු නොකලේ මන්දැයි මාධ්‍යවේදීන් ප‍්‍රශ්න කර සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධනද බටලන්ද කොමිසම කරලියට ගෙන ආයුතු බව අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *