පොහොට්ටුවේ ඩීල් එක හෙලිවෙයි.. සියළු විස්තරේ මෙන්න..

(07.02.2018 – 16:40 +0530 – lankacnews.com)

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක් පහතින් දැක්වෙයි :

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ ඇතමුන් සමග රහස් සබදතා (ඩීල්) පවත්වන බවට සංවිධානාත්මක මඩ ප‍්‍රචාරයක් යළි ක‍්‍රියාත්මක වෙමින් තිබේ. මෙම පළාත් පාලන මැතිවරණයෙන් පොහොට්ටුව නියත වශයෙන් ජයගන්නා බව දන්වා ප‍්‍රතිවාදීන් එකී ජයග‍්‍රහණය හමුවේ වියරු වැටී ඇති බව මෙම මඩ ප‍්‍රචාර තුළින් තවදුරටත් තහවුරු වේ.

මේ ආණ්ඩුව සමග හෝ ආණ්ඩුවේ කිසිවෙකු සමග දේශපාලන සබදතාවක් පැවැත්වීමේ කිසිදු උවමනාවක් අපට නැත. එවැනි සබදතාවයකින් අපට දිනා ගැනීමට දෙයක්ද නැත. මෙවැනි දූෂිත, වංචනික ආණ්ඩුවක් සමග සබදතා පැවැත්වීම අතිශය අනතුරුදායක තත්වයකි. මන්දයත් එමගින් ලැබෙන්නේ ජනතා විරෝධයක් සහ අපකීර්තියක් පමණි. ඒ තරමටම මෙරට ජනතාවට වත්මන් පාලකයින් වහ කදුරු වී තිබේ.

අපගේ සියලු සබදතා ඇත්තේ මේ රටේ පොදු මහජනතාව සමග පමණි. කෙටියෙන්ම පැවසුවහොත් අපේ ඩීල් එක ඇත්තේ ජනතාව සමගයි. එම සබදතාවයේ තරම පෙබරවාරි 11 වන දා අලුයම් කාලය වෙන විට ආණ්ඩු බලයෙන් අන්ධ වූවන්ට දැකගත හැකිය. මහජන කැමැත්තෙහි අතිබහුතරය පොහොට්ටුව සමග බව දැනගත් ඇතමුන් අප සමග එකගතා ඇති කර ගැනීමට පසුගිය කාලය පුරා උදේ, හවස අප පසුපස ආවේය. මේ ජනතා විරෝධී ආණ්ඩුව සමග කිසිදු දේශපාලන සම්බන්ධතාවක් පැවැත්වීමට අප සූදානම් නැති බව ඒ සෑම අවස්ථාවකදීම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඔවුන් හට අවධාරණය කළේය.

මේ ජනතා විරෝධී දූෂිත ආණ්ඩුව සමග දේශපාලන ගනුදෙනුවක් පැවැත්වීම පිළිබද අපගේ බලවත් අකමැත්ත හමුවේ ඔවුනට පලා යාමට සිදු විය. අප පසුපස පැමිණ හති වැටුණු පසු ඔවුන් සැබෑ කතාව කනපිට හරවා තිබේ. ආණ්ඩුවේ මේ දේශපාලන හැසිරීම හමුවේ අපට සිහිපත් වන්නේ නරියා සහ මිදි වැලේ කතාවයි.

ආණ්ඩුව කෙතරම් තර්ජනාත්මක අභියෝග කළත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව මෙම පළාත් පාලන මැතිවරණය නියත වශයෙන්ම ජය ගන්නා බව යළිත් අවධාරණය කරමි. අපගේ ජයග‍්‍රහණයෙන් පසු රටට හිතවත් ජනතාවාදී අපගේ ප‍්‍රතිපත්ති මාලාවට එකගවීමට යටත්ව කැමති අයෙකුට අප සමග කතා කළ හැක. ඒ හැර මැතිවරණයට පෙර හෝ පසුව අපට ආණ්ඩුවේ කිසිවෙකු සමග කිසිදු ඇයි හොදැයියක් නැත.

– බැසිල් රාජපක්‍ෂ

+++++++++++++++++++++++++++++++

ජනාධිපතිගේ ඇහේ තිබෙන පොල් පරාලය මෙන්න..
(07.02.2018 – 18:48 +0530 – lankacnews.com)

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙසේ අදහස් පල කලේය :

‘‘උදයංග වීරතුංග මහතාට එරෙහි චෝදනාව වෙලා තියෙන්නේ මිග් යානා ගනුදෙනුව. මේක දීර්ග කාලයක් තිස්සේ මඩ ගසමින් තියෙන ගනුදෙනුවක්. උදයංග වීරතුංග වේවා වෙන කෙනෙක් වේවා වැරදි කරල තියෙනවනම් නොපමාව නීතිය ක්‍රියාත්මක කරන්න. අපි කවුරුවත් හොරු රකින්න එන්නේ නෑ. නීතිය හරියට ක්‍රියාත්මක නොකිරීම ගැනයි අපි හැමදාමත් මේ ආණ්ඩුවට චෝදනා එල්ල කරන්නේ. ඒ වගේම තෝරා බේරා තමන්ට ඕනෑ කට්ටියට විතරක් දඩුවම් කිරීමේ ක්‍රියාවලියේ දී ක්‍රියාත්මක වෙන්නේ රටේ නීතිය නොවෙයි කැලෑ නීතියයි.

ඌවේ චන්ඩියා මේ සියල්ලන්ටම වඩා අත්අඩංගුවට ගත යුතු කෙනෙක්. විදුහල්පතිවරියක් දන ගැස්සුවා පමනක් නොවේ. භික්ෂූන්වහන්සේ නමක් තල්ලුකර එලවා දමනවා. පලාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙක්ට පලාත් සභා පරිශ්‍රය තුලම පහරදීමක් සිදු වෙනවා. නමුත් ඌවේ මහ ඇමතිට මොකක්ද ක්‍රියාත්මක වන නීතිය. ඔහු උසාවි යනවා එවෙලෙම ඇප අරගෙන ගෙදර එනවා. කවුරු හරි කිව්වොත් කරු ජයසූරිය කතානායක තුමන් භික්ෂුන්වහන්සේ කෙනෙක්ට යම් තල්ලු කිරීමක් සිදු කලා කියලා මම ඒක කීයටවත් විශ්වාස කරන් නෑ. මොකද කරු ජයසූරිය මැතිතුමන් එහෙම නෙවෙයි කියලා අපට අදහසක් තියෙනවා. නමුත් චාමර සම්පත් ඌවේ මහ ඇමතිතුමන්ගේ පෙර වැරදි බොහොමයි. පසු වැරදිත් බොහොමයි. මෙහෙම ඉන්න දුන්නෝතින් අනාගත වැරදිත් බෝමයි කියල තමයි වාර්තා කරන්න වෙන්නේ.

අපි දන්නවා බොහෝ දෙනෙක්ට අනුන්ගේ ඇහේ තියෙන කුණු රොඩු කැබැල්ල පේනවා. නමුත් තමන්ගේ ඇහේ ඇති පොල් පරාලය නම් පේන් නෑ. ජනාධිපතිතුමනි ඔබේ ඇසේ තිබෙනා පොල් පරාලයේ නම චාමර සම්පත්ය කියන එක අපි සිහිපත් කරනවා.’’

– අරවින්ද අතුකෝරල

++++++++++++++++++++++++++++++

අගමැති වයිෆයි දෙනහැටි මහින්ද කන්තලේදී කියයි…

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *