පුංචි ආණ්ඩු 341 න් 225 කට වඩා පොහොට්ටුවට ස්ථිරයි.. – බැසිල් රාජපක්ෂ මහතා

(07.02.2018 – 10:00 +0530 – lankacnews.com)

‘පෙබරවාරි 10 වෙනිදා පලාත් පාලන මැතිවරණයේ දි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ( පොහොට්ටුව) අනිවාර්යයෙන්ම ජනතාව ජයග්‍රහණය කරවනවා.

එසේ නොවුනහොත් රටේ ජාතික සම්පත් සියල්ලම විකුණා අවසානයේ ගමේ ආදාහනාගාරය, බස් නැවතුම්පොළ, සතිපොල ඇතුළු ගමේ නගරයේ සම්පත් විකිණීමට අවශ්‍ය සැලසුම් මේ ආණ්ඩුව සකස් කොට තිබෙනවා’ යයි හිටපු ආර්ථික සංවර්ධනය අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ජනතාව විසින් මෙරටේ ඇති පලාත් පාලන 341 න් 225 කට වඩා අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්ෂ ප්‍රමුඛව ශ්‍රීලංකා පොදුජන පෙරමුණට ලබාදීමට තීරණය කොට ඇති බැව් මේ වනවිට දිවයිනේ සියලු ප්‍රදේශවල සංචාරය කල තමාට විශ්වාසයක් ඇති බැව් පැවසු හෙතෙම වැරදිලා හෝ මේ ආණ්ඩුවට ඡන්දය දෙන උදවියට පැවසිය යුත්තේ ඔහුන් රටේ සියලු සම්පත් මෙන්ම රාජ්‍ය බැංකු පමණක් නොව ගමේ කනත්ත අදාහනාගාරය බස් නැවතුම්පොළ සතිපොල ඇතුළු සියලු සම්පත් විකිණීමට කැමති විමයි.

එමෙන්ම පෙබරවාරි 10 වෙනිදායින් පසුව අනිවාර්යයෙන්ම ප්‍රෙට්ර්ල් ඩීසල් ඇතුළු තෙල් මිල ද ඉහළ දමන බවත් ඒ අනුව විදුලිය ජල ගාස්තු ද ඉහළ යෑම සහතික යන්න මාධ්‍ය සාකච්ඡාවේදි හිටපු අමාත්‍යවරයා පැවසිය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *