ඡන්දේ දාන්න නිවාඩු දෙන්න – මැතිවරණ කොමිසම

(06.02.2018 – 21:23 +0530 – sinhala.adaderana.lk)

2018 පළාත් පාලන ඡන්ද විමසීමේ මැතිවරණයේ දී ඡන්දය දීමට හිමිකම් ඇති ස්වකීය සේවා නියුක්තිකයින්ට, නීත්‍යානුකූලව හිමිවන නිවාඩු ලබාදෙන ලෙස රාජ්‍ය හා පෞද්ගලික යන දෙපාර්ශවයේ සියලුම සේවා යෝජකයන්ගෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටියි.

සේවා නියුක්තිකයින්ට ස්වකීය ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු දීම සම්බන්ධයෙන් වූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ (262 වන අධිකාරිය) 84 අ වන වගන්තියේ විධිවිධාන යටතේ ඡන්දය පාවිච්චි කිරීම සඳහා සේවා ස්ථානයේ සිට තම ඡන්ද පොළට යායුතු දුර ප්‍රමාණය අනුව කිලෝමීටර් 40 ක් හෝ ඊට අඩුනම් දින භාගයක් ද, කිලෝමීටර් 40 ත් 100 ත් අතර නම් දින එකක්ද , කිලෝමීටර් 100 ත් 150 ත් අතර නම් දින 1 1/2 ක් ද, කිලෝමීටර් 150 ට වැඩිනම් දින දෙකක් ද වශයෙන් නිවාඩු හිමි වේ.

ඡන්දය දීමේ කාර්යය සඳහා නිවාඩු දෙන ලෙස ලියවිල්ලකින් ඉල්ලා සිටින සෑම සේවා නියුක්තිකයෙකුටම නිවාඩු ලබාදිය යුතු බවත් එසේ දෙනු ලබන නිවාඩු කාල සීමාව, අනියම් සේවා නියුක්තකයින්ද, ඇතුළුව සියලු සේවා නියුක්තිකයන් සම්බන්ධයෙන් වැටුප් සහිත වන විශේෂ නිවාඩුවක් ලෙස සැලකිය යුතු අතර එය සේවා නියුක්තිකයන්ගේ සාමාන්‍ය නිවාඩු හිමිකමෙන් පිටස්තර විය යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.

2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2018 පෙබරවාරි 10 සෙනසුරාදා පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වේ ෴

*****************************************

සියලුම පාසල් 9 වැනි දා වසයි
(07.02.2018 – lankadeepa.lk)

පළාත් පාලන මැතිවරණ හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් මේ මස 9 වැනි සිකුරාදා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

මීට අමතරව ඡන්ද රාපකාරි කටයුතු සඳහා යොදා ගන්නා පාසල් 19 ක් හා අධ්‍යාපන විද්‍යාපීඨ දෙකක හෙට (7) සිට සිකුරාදා (9) දක්වා වසා තැබෙන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

කොළඹ ඩී.එස්.සේනානායක සහ රාජකීය,කළුතර ඥානෝදය සහ ශාන්ත ජෝන්,මහනුවර රාජකීය, මාතලේ සංඝමිත්තා, නුවරඑළිය ගාමිණි ජාතික පාසල, ගාල්ල සවුත්ලන්ඩ්, හම්බන්තොට සුචී ජාතික පාසල, යාපනය මධ්‍ය විද්‍යාලය, මඩකලපුව හින්දු විදුහල, ත්‍රිකුණාමලය විපුලානන්ද, කුරුණෑගල මලියදේව, සර් ජොන් පුත්තලම හින්දු, අනුරාධපුරය මධ්‍ය මහා විද්‍යාලය, බදුල්ල විහාරමහාදේවී විද්‍යාලය, මොණරාගල රාජකීය,කෑගල්ල ස්වර්ණ ජයන්ති මධය මහා විද්‍යාලය යන පාසල් ද ගම්පහ පන්නල ගෙදර අධ්‍යාපන විද්‍යාපීඨය සහ පුලතිසි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ යන විද්‍යාපීට අද සිට සිකුරාද දක්වා වසා තැබෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *