මහ බැංකු බැඳුම්කර විවාදය : බැඳුම්කරයේ දී නීතියට අමතරව කරන්න ඕන දේවල් අගමැති කියයි

(06.02.2018 – 19:32 +0530 – sinhala.adaderana.lk)

මහ බැංකු බැඳුම්කර කොමිසමේ සහ බරපතළ වංචා විමර්ශන කොමිසමේ වාර්තාවන් මඟින් චෝදනා එල්ල වී ඇති පාර්ශවවලට නීතිය ක්‍රියාත්මක කිරීමට අමතරව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව යෝජනා කිහිපයක් ඉදිරිපත්ව ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මහ බැකු බැඳුම්කර කොමිසමේ සහ බරපතළ වංචා විමර්ශන කොමිසමේ වාර්තාවන්ට අදාළ විවාදය අද(06) උදෑසන 10.30 ට ආරම්භ විය.

සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් ලෙස කොමිශන් සභා වාර්තා පිළිබඳ විවාදය අග්‍රාමාත්‍යවරයා විසින් ආරම්භ කළේය.

පාර්ලිමේන්තු ඉතිහාසයේ අග්‍රාමාත්‍යවරයෙකු විසින් ඉදිරිපත් කළ පළමු කල් තැබීමේ යෝජනාවද මෙය වෙයි.

පාර්ලිමේන්තුව හමුවේ වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය :

++++++++++++++++++++++++++++++

ඇලෝසියස්ගේ දුක බෙදාගන්න මන්ත‍්‍රීන් පිරිසක් බන්ධනාගාරයට යයි..
(07.02.2018 – 10:40 +0530 – lankacnews.com)

රක්‍ෂිත බන්දනාගාරගත කර සිටින අර්ජුන් ඇලෝසියස් හා කසුල් පලිසේනගේ සුවදුක් බැලීම සදහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිරිසක් මැගසින් බනධනාගාරයට ගොස් ඇති බව ජවිපෙ නායක අනුර දිසානායක මහතා පවසයි.

එම පිරිස කවුදැයි පාර්ලිමේන්තුව නම් ගව් ඉදිරිපත් කල යුතු බවත් කී මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුවට කිසිවෙකු එම නම් ඉදිරිපත් නොකරයි නම් ඒවා හෙලි කිරීමට තමන් සූදානම් බවද සදහන් කලේය.

මන්ත‍්‍රිවරයා මෙම අදහස් පල කරන ලද්දේ පාර්ලිමේන්තුවේදී ඊයේ පැවති පැදුම්කර කොමිසමේ වාර්තාව හා බරබතප වංචා කොමිසමේ වාර්තාව ගැන වූ විවාදයේදීය.

මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් රහස් පොලීසිය අත්අඩංගුවට ගත් අර්ජුන් ඇලෝසියස් හා කසුල් පලිසේන අධිකරණය විසින් මෙම මස 16 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *