ස්වර්ණවාහිනිය සහ EAP සමූහය සැක කටයුතු පුද්ගලයෙකුට විකුණා දැමේ..

(06.02.2018 – 22:59 +0530 – lankacnews.com)

ස්වර්ණවාහිනී නාලිකාව සහ ඊ.ඒ.පී. සමූහ ව්‍යාපාරය සතු ඊ.ටී.අයි. ෆිනෑන්ස්, ඊ.ඒ.පී. චිත්‍රපට, ස්වර්ණමහල්, ස්වර්ණමහල් ෆිනෑන්ස්, හෝටල් ආදී ව්‍යාපාරයන් විදේශීය සමාගමට ලබා දීමට ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ලැබී ඇති බව මාධ්‍ය වාර්තා පලවෙයි.

කොටි ඩයස්පෝරාව සමග සමීප හිතවත්කම් ඇති සුදීර් ජයරාම් නම් ව්‍යාපාරිකයෙකු සතු Straits Grid Pte. Ltd මැලේෂියානු සමාගමට මෙම ව්‍යාපාර ජාලය ලබා දීමට තීරණය කර ඇත්තේ දේශීය සමාගම් කිහිපයක්ම ඊට කැමැත්ත පල කර තිබියදී බවද සහන්ය.

අදාල ව්‍යාපාරිකයා මූල්‍ය වංචාවන් ගණනාවක් සම්බන්ධයෙන් සැකරුවෙක් වන බවත් කොළඹ ආශා සෙන්ට්‍රල් පුද්ලික රෝහලේ ඉඩමක් මිලදී ගැනීමට අත්තිකාරම් ගෙවූ මුදල් උපයා ගත් ආකාරයක් ගැන මෙන්ම මෙරට බොහෝ දේපළ මිලදී ගැනීමට අත්තිකාරම් ලබා දුන් මුදල් ගෙවූ ආකාරය ගැන මෙතෙක් හෙලිව නැත.

මෙම පුද්ගලයා මෙරටින් විදෙස් මුදල් තොගයක් පිට කිරීමට ගොස් ගුවන් තොටුපල රේගුව විසින් අත්අඩංගුවටද ගන්නා ලද අයෙකි.

සිරස රූපවාහිනිය විසින් මෙම තොරතුරු සම්බන්ධයෙන් වාර්තාවක්ද සිය ප‍්‍රවෘත්ති විකාශය අතරේදී ඉදිරිපත් කලේය :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *