උදයංග වීරතුංග ගේන්න, විශේෂ කණ්ඩායමක් ඩුබායි වෙත

(06.02.2018 – 07:30 +0530 – hirunews.lk/sinhala)

ඩුබායි ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු හිටපු තානාපති උදයංග වීරතුංග පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශේෂ කණ්ඩායමක් ඩුබායි රාජ්‍යය වෙත පිටත් කර යැවීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා.

ආයතන කිහිපයකින් සමන්විත නිලධාරීන් කිහිප දෙනෙකු ඒ සඳහා එක්වනු ඇති අතර, මේ වන විටත් ඊට අදාළ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඇමරිකා එක්සත් ජනපදය බලා ගමන් කරමින් සිටියදී උදයංග වීරතුංග පෙරේදා ඩුබායි ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගනු ලැබුවේ ජාත්‍යන්තර පොලීසිය මගින්.

මිග් යානා ගණුදෙනුවට අදාළව අක්‍රමිකතාවක් සිදුකිරීම සම්බන්ධව මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඔහුට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විමර්ශනයක් සිදුකරනවා ෴

*************************************

මහ මඟ තනිකර ගිය මාස 13 දැරිය
(06.02.2018 – 09:58 +0530 – hirunews.lk/sinhala)

මාස 13 ක් වයසැති දැරියක් මහ මඟ දමාගොස්‌ සිටිය දී පෙරේදා (03) කටුවන පොලිසියට ලද පැමිණිල්ලක්‌ මත සොයාගෙන තිබෙනවා.

කටුවන, වීරක්‌කුට්‌ටිගොඩ, හිඳකරල්දෙනිය ප්‍රදේශයේදී මෙම දැරිය හමුවී ඇති අතර දැරිය හමුවන අවස්ථාවේදී, ඇයට වධහිංසා පමුණුවා ඇයගේ ශරීරයේ ස්‌ථාන කිහිපයක තුවාල සිදුවී තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

දැරිය ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය මේ වන විට එහි ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැක කෙරෙන දැරියගේ මව ප්‍රදේශයෙන් පලාගොස්‌ සිටියදී ඊයේ (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී අදාල කාන්තාව සිය දරුවාද රැගෙන අනියම් සැමියා සමඟ වාසය කිරීමට ගොස් ඇති බවයි පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු 22 හැවිරිදි සැකකාර මව පොලිසිය හමුවේ පවසා ඇත්තේ සිය අනියම් සැමියා විසින් දැරියට මෙලෙස පහර දී වධහිංසා පමණුවන බවයි.

සැකකාර මව අද (06) දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *