වසර 28 කට පසු පේදුරුතුඩුව-කන්කසන්තුර මාර්ගය විවෘත කරයි

(05.02.2018 – 19:02 +0530 – lankadeepa.lk)

වසර 28 කාලයක් වසාදමා තිබූ පේදුරුතුඩුව – කන්කසන්තුරය ඒ.බි. 21 මාර්ගය අද (05) ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නියෝග අනුව විවෘත කරනු ලැබීය.

1990 ජුනි 20 වැනිදා සිට යාපනය පලාලි යුද හමුදා අධි ආරක්ෂිත කලාපය පිහිටා තිබීම හේතුවෙන් ආරක්ෂිත ක‍්‍රියාමාර්ගයක් ලෙස සිවිල් ජනතාවට මෙම මාර්ගය වසා දැමූ බව යුද හමුදාව පවසයි.

සිවිල් ජනතාවට පේදුරුතුඩුව මයිලඩ්ඩි වරාය විවෘත කර පේදුරුතුඩුව ප‍්‍රදේශයේ ඉඩම් ලබාදීමත් සමඟ එම ජනතාවට ජීවන වෘතිය කරගැනීම සහ වෙනත් කාරණා සදහා කන්කසන්තුරය දක්වා ගමන් කිරීමට කිලෝමීටර 22කට අධික දුරක් ගමන් කළයුතුව තිබුණි. මාර්ගය විවෘත කිරීමෙන් පසු පේදුරුතුඩුව ජනතාවට කිලෝමීටර 3.5 පමණ දුරක් ගමන් කිරීමෙන් කන්කසන්තුරයට ගමන් කළ හැකිව තිබේ.

++++++++++++++++++++++++++

***********************************

බත්තරමුල්ල ඉලක්ක කරගනිමින් ඉදිකරන දුම්රිය මාර්ගය මේ වසර අග
(05.02.2018 – 17:59 +0530 – lankadeepa.lk)

බත්තරමුල්ල නගරය ඉලක්ක කරගනිමින් ඉදිකරන සැහැල්ලූ දුම්රිය මාර්ග පද්ධතිය මෙම වසර අග භාගයේ දී ආරම්භ කරන බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

එහි ප‍්‍රධාන ශක්‍යතා අධ්‍යනය , පරිසර අධ්‍යනය යනාදිය ජුනි මාසය වන විට සිදුකර අවසන් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

සෙත්සිරිපාය දෙවන අදියරේ පැවති බත්තරමුල්ල- කඩුවෙල සංවර්ධන සැලසුම එළි දැක්වීමේ අවස්ථාවට අද (05) එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ජපන් ආධාර මත සිදුකරන මෙම ව්‍යාපෘතිය මගින් පැයකට 3000 ක් එහා මෙහා ගෙන යෑමේ හැකියාව ලැබෙන බවද ඔහු කියා සිටියේය.

ව්‍යාපෘතියට සමගාමීව දුම්රිය අංගනයට අමතරව කාර්යාල සංකීර්ණයක් සමඟ බස්රථ ඇතුලූ අනෙකුත් වාහන සඳහා නැවතුම් අංගනයක් ඉදිකිරීමට නියමිතය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *