බැදුම්කර අරක්කු ව්‍යාපාරය කඩා වැටේ.. බදු ගෙවා නෑ.. නිෂ්පාදන තහනම් කරයි..

(05.02.2018 – 17:30 +0530 – lankacnews.com)

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාරගත කර සිටින පර්ර්පෙච්චුවල් ට‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගේ ‘WM මෙන්ඩිස්’ මත්පැන් සමාගමේ නිෂ්පාදනය අත්හිටුවා ඇත.

නියමිත පරිදි බදු මුදල් නොගෙවීම නිසා මෙසේ එහි නිෂ්පාදන කටයතු අත්හිටවූ බවයි.

කෙසේ වෙතත් දැනට සතියක පමණ සිටම එහි කිසිදු නිස්පාදන කටයුත්තක් සිදු නොවන බවත් තැදනට නිෂ්පාදනය කර ඇති මත්පැන් බෙදා හැරීම පමණක් සිදු කරන බවත් වාර්තා වෙයි.

මෙම මත්පැන් නිෂ්පාදනාගාරය පිහිටා ඇත්තේ වැලිසරය.

++++++++++++++++++++++++++++

ඇලෝසියස්-පලිසේනට අධිකරණය අද දුන් තීන්දුව මෙන්න…
(05.02.2018 – 11:25 +0530 – lankacnews.com)

පොලිස් අපරාධ විමර්ෂණ කොට්ඨාශය විසින් ඊයේ දිනයේ අත්අඩංගුවට ගන්නා ලද පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් හිමිකරු අර්ජුන් අලෝසියස් හා එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ලබන 16 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අද පෙරවරුවේ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය ලබා දුන්නේය.

++++++++++++++++++++++++++++

ඇලෝසියස්ගෙන් සහ පලිසේනගෙන් පිටු 1000 කට වැඩි කටඋත්තර
(05.02.2018 – 22:15 +0530 – lankadeepa.lk)

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අර්ජුන් ඇලෝසියස් මහතාගේ සහ කසුන් පලිසේන මහතාගේ කටඋත්තර පිටු 1000 කට අධික බව රහස් පොලිස් ආරංචි මාර්ග කියයි.

ඉරිදා උදෑසන මේ දෙදෙනා රහස් පොලිස් භාරයට ගත් අතර රාත්‍රී අට පමණ වනතුරු ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු වූ බව එම ආරංචි මාර්ග පවසයි.

ඔවුන්ගෙන් තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගත යුතුව ඇතැයි ද, අධිකරණයේ අවසරය ඇතිව බන්ධනාගාරයට ගොස් එම ප්‍රකාශ සටහන් කර ගැනීමට අදහස් කරන බව ද රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි ෴

++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *