ඇලෝසියස් මහ මන්දිරේදී ඉහල බලවතාට සියළු බැදුම්කර රහස් පාපොච්චාරණය කරයි.. මාධ්‍ය කැදවා සියළු රහස් රටටම කියන්න සූදානම්..

(03.02.2018 – 09:20 +0530 – lankacnews.com)

බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් සෘජුව චෝදනා එල්ල වී ඇති පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් ආසන්නතම දිනකදී රටේ මහා මන්දිරයකදී ඉහලම බලවතෙක් මුණ ගැසී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

ඔහු විසින් ඉහල බලවතාට බැදුම්කරය ගැන විශාල රහස් තොගයක්ම පවසා ඇති බවද සදහන්ය.

වාර්තා වන ආකාරයට ඉතා ඉක්මනින්ම ඇලෝසියස් විසින් මාධ්‍ය හමුවක් කැදවා මෙම සියළු රහස් ප‍්‍රසිද්ද කිරීමට සූදානමින් සිටී.

තමන් බේරා ගැනීම සදහා කිසිවෙකුත් ඉදිරිපත් නොවීම ගැනත් සියල්ලන් එක්ව සිදුකල මගඩියට අවසානයේ තමන් බිලි දී ඔවුන් බේරෙන්නට උත්සාහ දරන බවටත් ඇලෝසියස් විසින් නිතර චෝදනා කරන්නේ යයිද වාර්තා වෙයි ෴

+++++++++++++++++++++++++++++

බැදුම්කර මගඩියේ සොක්කෝ අත්අඩංගුවට.. දේශපාලකයන් නිදහසේ..
(03.02.2018 – 10:00 +0530 – lankacnews.com)

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර අක‍්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්‍ෂණ කරන ලද ජනාධිපති කොමිසමේ වාර්තාව මගින් චූදිතයන් කර ඇති අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන යන තිදෙනා ඉදිරි දින කිහිපය ඇතුලත අත්අඩංගුවට ගැනෙනු ඇති බව ඉහල පෙලේ ආරංචි මාර්ග කියයි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට අදාල බී වාර්තාවක් මගින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඊට අදාල නීතිමය අවසරයද ලබා ගෙන ඇත.

පෙබරවාරි 15 දිනට පෙර අදාල චූදිතයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කරන ලෙස අධිකරණය විසින් දැනටමත් නියෝග කර ඇත.

මේ අතර ජනාධීපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාද සිය නිල නිවසේ පැවති හමුවකදී මාධ්‍ය ප‍්‍රධානීන් සමග පවසා ඇත්තේ බැඳුම්කර සිදුවීම ගැන එන සතියේ විශාල පෙරළියක් සිදුවන බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *