මගේ නංගි බැදලා ඉන්නේ දෙමල ජාතිකයෙක්.. මං ජාතිවාදියෙක් නොවෙයි..- හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා

(03.02.2018 – 06:28 +0530 – lankacnews.com)

වත්මන් ආණ්ඩුව කියන්නේ යූ එන් පී, ශ්‍රීලංකා , ටීඑන්ඒ, ජේවීපී එකතු වෙච්ච ආණ්ඩුවක් ඒත් මේ වන තුරුත් උතුරේ බෝක්කුවක්වත් හදාගන්න බැරිවුනා මේ ආණ්ඩුවට සම්බන්ධන් උතුරේ ජනතාව රවට්ටගෙන රනිල්ගේ සාක්කුවේ ඉන්නා බවට හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා යාපනයේදී කියා සිටියේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ යාපනය වීරසිංහම් ශාලාවේදී ශ්‍රීලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් පැවති ජන හමුවකට සහභාගී වෙමිනි, එහිදී හිටපු ජනාධිපති වරයා වැඩි දුරටත් කියා සිටියේ,

‘‘මම අද සන්තෝෂ වෙනවා ඔබලා සමග කතාකරන්න අවුරුදු 3 කට පසුව එන්න ලැබීම ගැන. දැන් බඩුමිල එහෙම අඩුද ? එදා ඔබ දන්නවා ඔබලාගේ නිදහස සීමා වෙලා තිබුනේ. ඔබලාට කොළළඹට යන්න වුනොත් සිය පලක විතර නවත්තනවා බැරියල් දාලා. විදුලිය වතුර නැ. මේ ප්‍රදේශයේ සංවර්ධනය විනාශ වෙලා තිබුනා. එකිනෙකා අවිස්වාශයෙන් බැලුවා. අපි මේ හැම දේකින්ම ඔබලාව මුදවාගත්තා. දැන් නිදහසේ ඉන්න අධ්‍යාපනය ලබන්න පුලුවන්. මේ පලාතෙම ළමයෙක් තමයි උසස්පෙලින් පළවෙනියා වුනේ ලංකාවෙන්ම විද්‍යා අංශයෙන්. අපිට ඇත්තටම ආඩම්බරයි. නමුත් නොයෙක් හේතුන් නිසා එදා 08 වෙනිදා අපි පරාද වුනා. නමුත් 2010 ට වඩා මට ලක්ෂ ගානක් 2015 දී ඔබලා මට ඡන්දෙ දුන්නා.

අපේ යුගයේදී මේ ප්‍රදේශයේ සංවර්ධනය නොවුනේ මොනවද ? විදුලිය 90% කට දුන්නා. වතුර, මාර්ග, පාසල්, විද්‍යාගාර හැමදේම දුන්නා. එක්සත් ජාතික පක්ෂයෙන් ගිනිතියපු පුස්තකාලය අපි නැවත හදලා දුන්නා. ගමනා ගමනයට අවුරුදු ගානක් නැවතිල තිබුනු කෝචිය අපි දුන්නා. ලංකාවේ තියෙන හොඳම රෝහල් දුන්නා. මේ හැමදේම ගොඩනැගුවේ අපේ ආණ්ඩුවෙන්. දකුණේ තිබුණු දියුණුවම අපි උතුරටත් ගෙනාවා. කුඹුරුවල තිබුණු බෝම්බ ඉවත් කරලා ගොවිතැන් කරන්න දුන්නේ පොහොර මිටියත් රුපියල් 350 ගානේ. අද පොහොරත් නෑ. අද ගොයමට පොහොර ඕන වුනාම පකිස්තානයෙන් නැව එනකන් බලන් ඉන්නවා. හැමදේම වෙනත් රටකින් එනකම් බලා ඉන්නවා. නමුත් මේ හැම දේම ඔබ මේ රටේ හැදුවා. නමුත් අද ඔබේ නිශ්පාදනයට මිලක් නැහැ.

අද සංවර්ධනය වෙනුවෙන් අඩුගානේ බෝක්කුව්වත් හදන්න මේ ආණ්ඩුවට බැරි වුනා. මේ ආණ්ඩුව ප්‍රධාන පක්ෂ 4 ක් එක් වෙච්ච ආණ්ඩුවක්. සම්බන්ධන් මහත්තයා දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයගේ පොකටටුවේ. මේ අපේ තම්බිමුත්තු මහත්තයාගේ මාමන්ඩි. නමුත් එතුමා ඉන්නේ දැන් ඒ පැත්තේ. එත් එයාලත් ‘ෆේල්’. සම්බන්ධන් මහත්තයලා මෙහෙට ඇවිත් බොරුවට අපි වෙනම රාජ්‍යක් දෙනවා ඒක දෙනවා මේක දෙනවා කියාල අපිව ඔබෙන් ඈත් කරලා ඔබව රවට්ටමින් ඉන්නවා.

මම එතුමට ආරාධනාවක් කලා මාත් එක්ක එන්න සාකච්ඡාවකට මේ රටේ දේශපාලන විසඳුමක් ඕනනම් සාකච්ඡා කරමු කියලා. මම සුමන්දිරම් ඇතුලු කණ්ඩායමෙන් අහලා එන්නම් කියලා ගියා. නමුත් කවදාවත් ආපහු ආවෙ නැහැ. නමුත් අද ඒ කට්ටිය මොකද කරන්නේ ? අර ජී එල් පීරිස් මහත්තය කිව්වා වගේ විපක්ෂ නායකයෙක් පත් කරේ අපට 54 ක් සහ එයාලට 16 ක් ඉන්දැද්දි. ප්‍රශ්නයක් නැහැ. නමුත් විපක්ෂ නායකයා විපක්ෂ වෙන්න ඕන. නමුත් අයවැයේදී පළමුවෙන්ම ඡන්දේ දුන්නේ එතුමා.

මම පුදුම වුනා පසුගිය දවසක ශිවසක්ති ආනන්දන් මන්ත්‍රීවරයා කියල තිබුණා මේ අය 15 දෙනෙකුට එක්කෙනෙකුට මිලියන 20 ක් බැගින් දුන්නා කියලා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන්. ඒක බරපතල යෝජනාවක්. මේ බරපතල චෝදනාවට උත්තර නෑ. එක්කෙනෙක් කියනවා ජනතාව වෙනුවෙන් හදන්න ගත්ත ප්‍රොජෙට් එකකට කියල. නමුත් හදපු එකක් නැහැ. එහෙම නම් මේ දිහා ජනතාව මේ ගැන ප්‍රශ්න කරන්න ඕන කාලය ඇවිල්ලා තියෙන්නේ. අපිට දොස් කියාල වැඩක් නැහැ.

මේ උතුරේ ජනතාව රවට්ටන්න එපා. මේ උතුරේ ජනතාවත් නැගෙනහිර ජනතාවත් ගෞරවයෙන් එකට ජීවත් වෙන්න ඕන. බොරු කියලා ජනතාව රවට්ටලා ඡන්දෙ ගත්තනම් ඒ පොරොන්දු ඉටු කිරීම මේ රජයට තියනවා. ඒ නිසා මේ අවුරුදු 3 ක් ගියත් කිසිම දෙයක් නොකරපු අය වෙනුවෙන් ඔබේ ඡන්දය ප්‍රකාශ කරන්න එපා.

අපි ජාතිවාදියෝ නොවෙයි. මට කොහොමත් ජාතිවාදි වෙන්න බැහැ. මගේ නැගනියක් බැඳලා ඉන්නේ මේ පලාතේ පදිංචි වුන තිරු නඩේෂන්. මේ විදිහට බොරු චෝදනා කරමින් රටේ වැඩක් නොකර අර හිගන්නගේ තුවාලෙ වගේ මෙහෙ ප්‍රශ්න එහෙමම තියාගෙන ජනතාව රවට්ටමින් කරන කටයුතු නවත්වන්න දැන්වත් අපි සූදානම් වෙන්න ඕන. ඒ නිසා තමුන්නාන්සෙලා අපි කෙරෙහි විශ්වාශය තබන්න. අපි දැන් එන්නේ වෙනම පක්ෂකයකින්. වෙනම කණ්ඩායමකින්. අලුත් චින්තනයකින්. අපේ පක්ෂයේ ලාන්ඡනය පොහොට්ටුව. එහෙම නම් මේ වතාවෙදී පොහොට්ටුවට ඡන්දෙ දීලා බලමුද? පොහොට්ටුවට ජය වේවා.’’ යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *