බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදයේදී ඒකාබද්ධය වැඩි කාලයක් ඉල්ලයි

(02.02.2018 – 18:42 +0530 – hirunews.lk/sinhala)

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදයේදී ඒකාබද්ධ විපක්ෂයට වැඩි කාල වේලාවක් ලබාදෙන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

වත්මන් ආණ්ඩුව විසුරුවා හැර ජනවරමක් ලබා ගැනීමට අදාළව ඕනෑම සහයෝගයක් ලබාදෙන බව මෙම මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළා.

*************************************

කෝටි දෙකේ අල්ලස් කතාවට, බිලියනයක් වන්දි ඉල්ලයි
(02.02.2018 – 18:49 +0530 – hirunews.lk/sinhala)

අයවැය ඡන්ද විමසීමේදී අල්ලස් ලබාගත් බවට එල්ල කළ චෝදනාවට එරෙහිව රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මහතා වෙත ඉලංගෙයි තමිල් අරසු පක්ෂය එන්තරවාසියක් යවා තිබෙනවා.

එම පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරුන් එම එන්තරවාසිය යවා ඇති අතර, ඊට දෙසතියක් තුළ ප්‍රතිචාර නොදැක්වුවහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ප්‍රකාශ කර ඇත්තේ.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ ශිවශක්ති ආනන්දන් මන්ත්‍රීවරයා පසුගියදා ප්‍රකාශ කළේ අයවැය ඡන්ද විමසීමේදී තමන් හැර අනෙකුත් මන්ත්‍රීවරුන්ට රුපියල් කෝටි දෙක බැගින් ආණ්ඩුව අල්ලස් ලබාදී ඇති බවයි.

එම ප්‍රකාශයට එරෙහිව දෙමළ සන්ධානයේ අනෙකුත් මන්ත්‍රීවරුන් මීට පෙර විවිධ ප්‍රතිචාර දක්වා සිටියා.

දෙමළ සන්ධානයේ ප්‍රධානතම පක්ෂය ඉලංගෙයි තමිල් අරසු පක්ෂයයි. කෙසේ වෙතත්, මෙවර පළාත් පාලන මැතිවරණයටද ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය දෙමළ ජාතික සන්ධානය සමඟ එක් නොවී වෙනම තරඟ කරනවා ෴

******************************************

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *