ඇත් පැටවෙකු සිදුකළ පහරදීමකින් තුවාල ලැබූ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමි පෞද්ගලික රෝහලකට

(02.02.2018 – 18:59 +0530 – hirunews.lk/sinhala)

බෙල්ලන්විල නාහිමි පෞද්ගලික රෝහලකට

ඇත් පැටවෙකු සිදුකළ පහරදීමකින් තුවාල ලැබූ බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් අද පස්රුවේ කොළඹ පෞද්ගලික රෝහලක් වෙත මාරු කර යැවුණා.

ඒ, උන්වහන්සේ ප්‍රතිකාර ලැබූ කළුබෝවිල ශික්ෂණ රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ සිටයි. විහාරස්ථානයේ ‘‘මියන්කුමාර’’ නැමැති ඇත් පැටවාට ආහාර ලබාදීමට යාමේදී අද උදෑසන මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළා.

අනතුරුව උන්වහන්සේ කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කෙරුණු අතර, එහි අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ අස්ථි බිදීමක් සිදුව ඇති බවයි.

අද පෙරවරුවේ ඇත් පැටවාට සියඹලා ලබාදීමට යාමේදී බෙල්ලන්විල විමලරතන හිමියන් මෙම අනතුරට මුහුණ දුන් බව සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් එම ඇත් පැටවා රැක බලා ගැනීමේ කටයුතු සිදුකරන සේවකයෙකු කියා සිටියා.

පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතරතුර උන්වහන්සේගේ සුවදුක් විමසීම සඳහා මහා සංඝරත්නය, දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් එහි පැමිණියා.

————————–

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *