අර්ජුන් ඇලෝෂියස් හොරෙක් ! අපේ ආණ්ඩුවෙනුත් හොරකම් කළා

(01.02.2018 – nethnews.lk)

අලුතින් පිහිටුවන දූෂණ විරෝධි මහාධිකරණ 03 න් එකක පළමු නඩුකරය ලෙස ප‍්‍රශ්නගත බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් විභාගයට ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසනවා. ඔහු ඒ බව පැවසුවේ කොළඹ අද (01) පැවැත් වූ මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් කළ දීර්ඝ ප‍්‍රශ්න කිරීමකට පිළිතුරු ලබාදෙමින්.

“අර්ජුන් ඇලෝෂියස් යූ.එන්.පී කාරයෙක් නෙවෙයි. නාමල් රාජපක්ෂගේ යාළුවෙක්. මේ පිහිටුවන අධිකරණ වලින් මුලින්ම අහන්නේ ඒ නඩුව. ඇල‍ෝෂියස් කියන්නේ පරණ හොරා. අපේ ආණ්ඩුව ආවමත් හොරකම් කළා. අර්ජුන් ඇලෝෂියස් කියන්නේ අගමැති තුමාගේ කවුරුත් නෙවෙයි. එයා ව්‍යාපාරිකයෙක්. අර්ජුන් ඇලොෂියස් කොහේ හිටියත් කමක් නැහැ. ලෝකය හරි පුංචියි. ඔයිට වැඩිය ලොකු මිනිස්සු අපි අල්ලල තියෙනව. අර්ජුන් ඇලෝෂියසුත් අල්ලනව. ගෙනත් දඩුවම් කරනව.”

ප‍්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ලබන 06 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයට එක්සත් ජාතික පක්ෂය නොබියව මුහුණදෙන බවද නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මෙහිදී කියා සිටියා.

+++++++++++++++++++++++++++++++++

පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට අයත් ආයතන 24 ක බැංකු ගිණුම් අත්හිටුවීමට ගත් තීරණය දීර්ඝ කෙරේ
(01.02.2018 – biz.adaderana.lk)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිපතිවරයා විසින් අද දින කොළඹ මහාධිකරණයට කරන ලද ඉල්ලීම සළකා බැලු කොළඹ මහාධිකරණය මහ බැංකුවේ මූල්‍ය විමර්ශන අංශයේ අධ්‍යක්ෂවරයා විසින් පසුගිය සතියේදී පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට අයත් ආයතන 24 ක බැංකු ගිණුම් අත්හිටුවීමට ගත් තීරණය දීර්ඝ කිරීමට නියෝග කළේය.

මෙම ගිණුම් අත්හිටුවීමේ තීන්දුව දින 30 ක් සඳහා වලංගු වන අතර, එය නැවත අලුත් කිරිමේ හැකියාව පවතී.

මෙම ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම හෝ ඒ වෙනුවෙන් කටයුතු කරන වෙනත් පාර්ශ්ව මහබැංකු බැඳුම්කර ගනුදෙනුවෙන් අයථා ලෙස උපයන ලද මුදල් වෙනත් පාර්ශ්ව වෙත ගලායම වැළැක්වීම පිණිසය.

ඒ අනුව අනාගතයේදී උක්ත සමාගම විසින් සාපරාධී ලෙස උපයන ලද මුදල් රජයට නැවත අයකර ගැනීමේ සහ රාජසන්තක කරගැනීමේ ක්‍රියාමාර්ග නිෂ්ඵල නොවනු පිණිස එම සමාගමේ ගිණුම්වල මුදල් ආරක්ෂා වී පවතිනු ඇත.

බැඳුම්කර ගනුදෙනුවෙන් රජයට අහිමි වූ මුදල් නැවත අය කර ගැනීමේ ක්‍රියාමාර්ගවල මෙන්ම මෙම සාපරාධි ක්‍රියාවට සම්බන්ධවූවන්ට දඬුවම් ලබාදීමට ගෙන යන වැඩපිළිවෙළේ සාර්ථකත්වය මෙම නඩු තීන්දුව තුළින් තවදුරටත් තහවුරු වනු ඇත ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *