බදුර්දීන්ගේ විල්පත්තු ඉඩම් වංචාව හෙළිවේ – වාර්ථාව පාර්ලිමේන්තුවට

(01.02.2018 – 14:36 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා 2017.10.05 වැනි දින මන්නාරමේදී පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා හා මන්නාරම දිසාපතිවරයා නොමග යවමින් හා බලපෑම් කොට අවතැන් වූ මුස්ලිම් ජනතාව පදිංචි කරවීම සඳහා යැයි පවසමින් ඔහුගේ දේශපාලන හිතවතුන්ට විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි විලන්තියිකුලම් වනරක්ෂිතයෙන් අක්කර 650 ක් ලබාදී ඇති බව අනාවරණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විගණකාධිපති දේපාර්තමේන්තුව විසින් කරන ලද විමර්ෂණයකදී එම වන රක්ෂිතය අයත් මුලාලි ප්‍රාදේශීය ලේකම්වරයා ප්‍ර‍කාශ කොට ඇත්තේ 2017.01.04 දිනවන විට එම භූමියේ පවුල් 160 කට නිවාස ඉදිකර ඇති බවයි.

මේ අතර ඉන් නිවාස 127 ක පමණක් පවුල් පදිංචි වී සිටි බවයි. අර්ධ වශයෙන් ඉදිවූ නිවාස 137 ක් සහ නිවාස ඉදිකර නොමැති එළි පෙහෙළි කරන ලද ඉඩම් කට්ටි 706 ක් තිබුණු බවද ඔහු එම විමර්ශණයේදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් එම භූමියේ පදිංචි වී සිටින්නේ පුත්තලම ප්‍රදේශයේ ඡන්ද හිමි නාම ලේඛනයේ සඳහන් පුද්ගලයන් බවද අදාල විමර්ෂණයේදී හෙළි වී තිබීම විශේෂත්වයක්.

අදාළ ප්‍රදේශයේ පදිංචි කිරීමට කටයුතු කරන්නේ යුද්ධයෙන් අවතැන් වූවන් හා එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් උතුරින් පලවා හරින ලද මුස්ලිම් ජනතාව බව 2013 වසරේ අගෝස්තු මාසයේ පැවැති අමාත්‍ය මණ්ඩල හමුවේදී අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා මීට පෙර ප්‍ර‍කාශ කර තිබුනා.

විලන්තියිකුලම් වන රක්ෂිතයේ ඉඩම් කට්ටි කිරීම සහ යළි පදිංචි කරවීම ලංකාවේ පවතින ඉඩම් නීතියට පටහැනි ක්‍රියාවක් බැවින් දැනට එම භූමියේ ස්ථාවරව පදිංචි වී සිටින සියයට 20 කට ආසන්න ප්‍ර‍මාණයට වෙනත් සුදුසු ඉඩම් ලබා දී ඔවුන් විලන්තියිකුලම් වන රක්ෂිතයෙන් ඉවත් කරන ලෙස ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විගණන වාර්ථාවක සඳහන් වී ඇති බවයි එම දෙපාර්ථමේන්තු අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහාන් කරන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *