කොමිසමට පැමිණි ඌව මහඇමති චාමර කණගාටු වෙයි

(01.02.2018 – 18:54 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණගැස්සවූ බව කියන සිද්ධියේ විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දිම සදහා ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක අද මානව හිමිකම් කොමිසමට පැමිණියා.

ඔහු අද තමන්ට කොමිසම හමුවේ පෙනී සිටිය නොහැකි බව දන්වා තිබුණත් ඊට අදාළව දැක්වූ හේතු පිළිගත නොහැකි බවයි මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කළේ.

ඒ අනුව අද (01) එහි පැමිණි ප්‍රධාන අමාත්‍යවරයාගෙන් පැය 2 හමාරකට ආසන්න කාලයක් කොමිසම ප්‍රකාශ සටහන් කර ගත්තා.

පසුව පිටතට පැමිණි ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නවලට පිිලිතුරු ලබාදෙමින් කියා සිටියේ අදාළ සිදුවීම පිළිබඳව තමන් කණගාටුවන බවයි.

අදාළ සිදුවීම පිළිබඳව තමන් ප්‍රකාශයක් ලබාදුන් බවත්, අද (01) දිනයේ පැමිණීමට නොහැකි බවට තමන් කළ ඉල්ලීම නොපිළිගත් නිසා පැමිණි බවත් ඔහු කියා සිටියා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර ඌව පළාත් අධ්‍යාපන ලේකම්වරිය සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා, කොමිසම හමුවේ පෙනී සිටියා.

එසේම, බදුල්ල දෙමල බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ආර්. භවානි මහත්මිය ගෙන් ද පසුගිය 25 වනදා මානව හිමිකම් කොමිසම පැය 10 කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගත්තා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *