සන්ධානයේ කොළඹ නගරාධිපති අපේක්‍ෂක අසාද් සාලි අල්ලස් දෙන්න ගොස් පොලීසියට මාට්ටුයි.. බඩුත් සමග අල්ලා ගනී..

(01.02.2018 – 10:40 +0530 – lankacnews.com)

මෙවර පලාත් පාලන මැතිවරණය සදහා කොළඹ මහ නගර සභා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නගරාධිපති අපේක්‍ෂකයා ලෙස නම් කර සිටින අසාද් සාලි මහතා විසින් නීති විරෝධී භාණ්ඩ බෙදා දීමක් පොලීසිය විසින් හෙලි කරගෙන ඇත.

සිය ඡන්ද බල ප‍්‍රදේශය තුල ඔහු විසින් මුලින් කූපන් පත් බෙදා දී එම කූපන් පත් සඳහා භාණ්ඩ පාර්සල් ලබා දීමට ව්‍යාපාරික ස්ථානයක් සූදානම් කර තිබිණ.

පොලීසිය විසින් වටලන ලද්දේ එම ව්‍යාපාරික ස්ථානයයි.

මැතිවරණ සමයේදී අපේක්‍ෂකයන් විසින් භාණ්ඩ බෙදා දීම සැලකෙන්නේ මැතිවරණ අල්ලස් දීමක් ලෙසයි.

*******************************************

හෝටල් කාමරයේදී ගත්ත පිංතූර පෙන්වනවා කියා තරුණියගෙන් කප්පම් ගත් තරුණයාට නොසිතූ ඉරණමක්
(01.02.2018 – nethnews.lk)

තරුණියක්‌ බිය ගන්වා කිහිප අවස්‌ථාවකදී ඇගෙන් මුදල් ලබාගෙන ඇති බව කියන 26 හැවිරිදි තරුණයකු අකුරැස්‌ස පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් දෙදෙනා වසර කීපයක සිට ප්‍රේම සම්බන්ධයක්‌ පවත්වා ඇති අතර, එකල තරුණයා විසින් ඇය හෝටලයකට කැඳවාගෙන ගිය අවස්ථාවක නිරුවත් ඡායාරූප ලබාගෙන තිබෙනවා. පසුව මෙම තරුණයාගේ නොමනා හැසිරීම හේතුවෙන් තරුණිය විසින් සම්බන්ධය නතර කර ඇත.

පසුව සැකකරු විසින් ඇයට තර්ජනය කරමින් අසභ්‍ය දර්ශන පිට අයට පෙන්වන බවටත් එම ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට පවසා බිය ගන්වා ඇගෙන් රුපියල් 15,000 ක්‌ ලබාගෙන තිබෙනවා. කිහිප අවස්‌ථාවකදී මෙසේ බියගන්වා මුදල් ලබාගත් බවට ඇය පොලිසියට කළ පැමිනිල්ලලේ සඳහන් කොට තිබෙනවා. ඔහු මේ ලෙස දිගින් දිගටම තර්ජනය කර ඇත්තේ අදාල තරුණිය ලජ්ජාව හේතුවෙන් පොලිසිය වෙත නොගොස් දිගින් දිගටම තමාට මුදල් දෙනු ඇතැයි අපේක්ෂාවෙනි. එහෙත් කරදරය වැඩිවත්ම තරුනිය මේ බව පොලිසියට පැමිණිලි කරන්නට තීරණය කර තිබෙනවා.

ඇය විසින් සිදු කරන ලද පැමිණිල්ල මත අකුරැස්‌ස පොලිසිය විසින් සැකකරු සමඟ ජංගම දුරකථන දෙකක්‌ ද අසභ්‍ය ඡායාරූප අඩංගු ලැප්ටොප් පරිගණකයක්‌ ද අත්අඩංගුවට ගෙන ඇත. අකුරැස්‌ස පොලිසිය වැඩිදුර පරීක්‌ෂණ පවත්වයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *