ලෝකයේ හොදම මුදල් ඇමති රවි කරුණානායක අත්අඩංගුවට..?

(31.01.2018 – 22:27 +0530 – lankacnews.com)

එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් මැතිවරණ ප‍්‍රචාරක කටයුතු අවසන් සතියේදී කුමන්ත‍්‍රණකාරී වැඩපිලිවෙලක් සකස් කර ඇති බවට ඒකාබද්ද විපක්‍ෂය චෝදනා කරයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරන්නේ බැදුම්කර සිදුවීමට අදාලව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රි රවි කරුණානායක මහතා ස්ව කැමැත්තෙන් අත්අඩංගුවට ගෙන මැතිවරණය අවසන් වූ පසු නිදහස් කිරීමට සූදානමක් ඇති බවයි.

ඒ අනුව ඉදිරි දින කිහිපයේදී රවි කරුණානායක මහතා එක්සත් ජාතික පක්‍ෂ උප නායක ධුරයෙන් ඉවත් කර අත් අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමට සූදානම් වී සිටින බවද ඔහු කියා සිටී.

බැදුම්කර කොමිසමේ වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන මෙම 06 වැනි දිනට පෙර රවි කරුණානායක මහතා අත්අඩංගුවට ගැනෙනු ඇති බවත් මැතිවරණයට පසු දින 11 වැනිදාම ඔහු නැවත නිදහස් කරනු ඇති බවත් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් කියා සිටියහ.

+++++++++++++++++++++++++++++++

ඉවසුවා ඉවරයි.. රවි කට අරී.. අත්අඩංගුවට ගත්තොත් සියළු බැදුම්කර හොරුන් හෙලි කරයි..
(31.01.2018 – 22:48 +0530 – lankacnews.com)

යම් ලෙසකින් අත්අඩංගුවට ගතහොත් බැදුම්කර මගඩිය සම්බන්දයෙන් සියළු රහස් හෙලි කිරීමට හිටපු මුදල් ඇමති රවි කරුණානායක මහතා තීරණය කර ඇති බව ඔහුට සමීප ආරංචි මාර්ග සදහන් කරයි.

එසේ අත්අඩංගුවට ගැනීමත් සිදුවුවහොත් එය සිය දේශපාලන ගමන් මගට දැඩි ලෙස අයහපත් ලෙස බලපාන නිසා තව දුරටත් ඉවසා සිටීමට හිටපු ඇමතිවරයා සූදානම් නැති බවද එම ආරංචි මාර්ග කියයි.

මේ අතර එජාප උප නායකත්වයෙන් ඉවත් කිරීමට ලැබී ඇති නිර්දේශ ගැන අදහස් පල කරමින් ඔහු මාධ්‍ය වෙත කියා සිටියේ ජනාධිපති හෝ අගමැති වුවද මැතිවරණ කාලයේ කියනා දේවල් එතරම් ගණන් ගත යුතු නැති බවත් මැතිවරණය අවසන් වූ පසු සිදුවන දේ දෙස බලා සිටිනා ලෙසත්ය.

තමන් මුදල් ඇමතිවරයා ලෙස කටයතු කලද කිසි දිනෙක මහ බැංකුව තමන් යටතේ නොතිබූ බව කරුණානායක මහතා මින් පෙර අවස්තා කිහිපයකදීම ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර ඇත.

+++++++++++++++++++++++++++++++

කඩුසිරා ලබන 7 වෙනිදා රවි කරුණානායක අත් අඩංගුවට ගැනීමට යයි : කඩුසිරා-ඇලෝසියස් රහස් සාකච්ඡාවක්
(01.02.2018 – News e Lanka)

කඩුසිරා තම පක්ෂය හතර වැනි ස්ථානයට වැටීමෙන් වලක්වා ගැනීම සඳහා නීච කුමන්ත්‍රණයක යෙදෙමින් ‘මං සුදනා‘ කියා පෙන්වීම සඳහා පෙබරවාරි 7 වෙනිදා හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා අත් අඩංගුවට ගැනීමට යන බව ‘නිව්ස් ඊ ලංකා’ වෙත වාර්තා වේ.

මෙම අත් අඩංගුවට ගැනීම සිදුකරන්නේ 6 වෙනිදා ජනාධිපති කොමිෂන් වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට පසුදින මැතිවරණ ප්‍රචාරක වැඩ කටයුතු අවසන් වන දිනයේ දී ය.

රවි කරුණානායක මහතාව අත් අඩංගුවට ගැනීමට යන්නේ කුමන චෝදනා යටතේ දැයි මෙතෙක් නිශ්චිතව හෙළි වී නැති නමුත් එය කරුණානායක මහතා පර්පෙචුවල් ට්‍රෙසරීස්‌ සමාගමේ අයිතිකරු වන අර්ජුන් ඇලෝසියස්‌ මහතාගේ නිවසක කුලියට සිටීම අල්ලස් ගැනීමක් ලෙස චෝදනා නැගීමෙන් විය හැකි බව තොරතුරු කරුවෝ පවසති. කරුණානායක මහතාට මහ බැංකුව අයත්ව නොතිබූ නමුත් අර්ජුන් ඇලෝසියස් ඒ වන විට කරුණානායක මහතා යටතේ තිබූ සුරාබදු දෙපාර්තමේන්තුව සමග වෙළඳ කටයුතු කරමින් සිටියාය කියා නිවසේ කුලියට සිටීම අල්ලස් ගැනීමක් ලෙස අර්ථ ගන්වා ඇතැයි වාර්තා වේ.

මේ අතර කඩුසිරා මේ වන විට ඇලෝසියස් සමග රහසිගත සාකච්ඡා කරමින් ඔහුව තම පැත්තට නම්මා ගෙන ඇතැයිද නොනිල වාර්තා පවසයි. ඒ අනුව මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කරන 7 වෙනිදා අර්ජුන් ඇලෝසියස් ලවා මාධ්‍ය හමුවක් පවත්වා කඩුසිරාට අවශ්‍ය ප්‍රචාරක අරමුණු ඉටු කර ගැනීමට යන බවද දැන ගන්නට තිබේ.

2014 දී කඩුසිරාගේ ¤නාධිපතිවරණ ව්‍යාපාරය ගෙන යෑමට මුදල් නොමැතිව සිටියදී ප්‍රථමයෙන්ම රුපියල් මිලියන 500 ක් ගෙනැවිත් දුන්නේ රවි කරුණානායක මහතා ය ෴

+++++++++++++++++++++++++++++++

06 වැනිදාට හොරු එළිකරන්න බාධා නොකරන්නැයි ඉල්ලයි..
(01.02.2018 – 12:40 +0530 – lankacnews.com)

06 වැනිදා දින පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන බැදුම්කර වංචාව පිළිබද විවාදයේදී කවුද හොරා යන්න පැහැදිලිව දැන ගැනීමට පාර්ලිමේන්තු කටයුතු වලට බාධා නොවන අයුරින් හැසිරෙන ලෙස මැති ඇමතිවරුන් දැනුවත් කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඉල්ලයි.

එක්සත් ජාතික පක්‍ෂ හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්වරුන් වෙත එම සංවිධානය විසින් යොමු කර ඇති ලිපිය මෙසේය :

2018-02-06 වන දින පාර්ලිමේන්තුවේ පැවැත්වෙන බැදුම්කර වංචාව පිළිබද විවාදය සම්බන්ධව

2018-02 06 වන දින පාර්ලිමේන්තුවේදී බැදුම්කර වංචාව පිළිබදව විවාදය පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බව කතානායකවරයා විසින් ප‍්‍රකාශයට පත් කර ඇත. මීට පෙර බැදුම්කර සිදුවීම පිළිබදව සාකච්ඡ කිරීම සදහා පාර්ලිමේන්තුව රැස්කර අවස්ථාවේදී ඔබ පක්‍ෂ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් ජනතාව කෙරෙහි ඇත්තේ කණගාටුවකි.

ජනතාවගේ මුදලින් නඩත්තුවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්හට ජනතාවට සේවය කිරීමට සදාචාරාත්මක යුතුකමක් ඇත. විශේෂයෙන්ම ජනතාවට සෘජුව බලපාන කරුණකදී ජනතා නියෝජිතයින් ලෙස ඊට මැදිහත්වී කටයුතු කිරීම අත්‍යවශ්‍යය.

එහෙත් මීට පෙර පාර්ලිමේන්තුවේ කටයුතු පැවැත්වෙද්දී ඔබ සංධානයේ මන්ත‍්‍රීවරුන් කවුද හොරා යන්න අසමින් පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධා කරන ආකාරය අපි නීරීක්ෂණය කළෙමු.

කවුද හොරා යන්න පක්ෂ දෙකේ මන්තී‍්‍රවරුන් විසින් එකිනෙකාගෙන් අසාගත් පමණින් හොරා හෙළිවන්නේ නැත. එම නිසා 2018-02-06 දින පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන බැදුම්කර වංචාව පිළිබද විවාදයේදී ජනතාවට අවශ්‍ය වන්නේ කවුද හොරා යන්න පැහැදිලිව දැන ගැනීමට වන හෙයින් එදින පාර්ලිමේන්තුවේ කටයුතු වලට බාධා නොවන අයුරින් හැසිරෙන ලෙස ඔබ සංධානයේ මන්ත‍්‍රීවරුන්ට අවවාද කරන ලෙස ඔබගෙන් අප සංවිධානය ඉල්ලා සිටින අතර 2018-2-10 දින පැවැත්වෙන මැතිවරණයේදී ජනතාවට තම ඡන්දය ප‍්‍රකාශ කිරීමට බැදුම්කර වංචාවට සම්බන්ධ පාර්ශව හදුනා ගැනීම ඉතා වැදගත් බවද තවදුරටක් මතක් කරමි.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 2

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *