මහින්දානන්ද පාර්ලිමේන්තුවේදී කතානායකට අමු හිංගලෙන් අමතයි.. පට්ටා ගහයි..

(21.09.2017 – 09:20 +0530 – lankacnews.com)

කතානායක කරු ජයසූරිය මහතා ශ‍්‍රි ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ එදා මෙදා තුර බිහිවූ අපකීර්තිමත්ම පක්‍ෂග‍්‍රාහීම කතානායකවරයා බව පාර්ලිමේන්තුවේදී ඊයේ හදිසියේ සම්මත කරගත් පළාත් සභා ඡන්ද විමසීමේ සංශෝධන පනත් කෙටුම්පත විවාදයේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගෙන් දැඩි විවේචන එල්ල විය.

**************************************

පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඉතා ආසන්නයි..
(21.09.2017 – 11:20 +0530 – lankacnews.com)

පාර්ලිමේන්තුවට බෝම්බ ගසන දිනය වැඩි ඈතක නැති බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමලවීර දිසානායක මහතා පවසයි.

අතුරැදහන් වූවන් සම්බන්ධයෙන් වූ කාර්යාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයෙන් ඉවත් කරගන්නා ලෙස බව කරමින් ඊයේ පාර්ලිමේන්තු වරටරවුමේදී පැවති විරෝධතාවයකදී ඔහු මේ බව කියා සිටියේය.

***************************************

මධ්‍යම අධිවේගී ටෙන්ඩරය ගැන උතතර නැතිව ඇමති කිරිඇල්ල මාධ්‍ය හමුවෙන් පැන යයි..
(21.09.2017 – 10:00 +0530 – lankacnews.com)

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ ටෙන්ඩරය ලබා දීමේදී සිදුව ඇතැයි කියන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා ගෙන් මාධ්‍යවේදීන් ප‍්‍රශ්න කරමින් සිටියදී ඒබාට පිලිතුරු නොදී ඇමතිවරයා යන්නට ගියේය.

මාධ්‍යවේදී ප්‍රශ්න කිරීම් හමුවේ ඇමති කිරිඇල්ල මාධ්‍ය හමුවෙන් නැගිට යයි..#lka #News1st #LakshmanKiriella #CentralExpressway

Posted by Newsfirst.lk on Wednesday, September 20, 2017


********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *