මෙරට සෑම ලක්‍ෂයකින්ම 82.1 ක්‌ පිළිකාවට ගොදුරු වෙනවා – විශේෂඥ වෛද්‍ය සුරාඡ් පෙරේරා

(20.09.2017 – divaina.com)

මෙරට ජනගහණයෙන් සෑම ලක්‍ෂයකින්ම 82.1 දෙනකු පිළිකාවකට ගොදුරු වන බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය සුරාඡ් පෙරේරා මහතා පවසයි.

පිළිකාවන්ගෙන් 1/3 ක්‌ ප්‍රතිකාර හරහා සුවපත් කළ හැකි නමුදු පිළිකාවන්ට ගොදුරුවීමෙන් මිය යන සංඛ්‍යාව වාර්ෂිකව වැඩි වෙමින් පවතින බව වෛද්‍ය පෙරේරා කීවේය.

2016 වසරේදී මෙරට ජාතික පිළිකා මර්දන වැඩසටහනට අයත් ආයතනයන්හී ලියාපදිංචි වී සිටි මුළු පිළිකාවන්ට ගොදුරු වූවන්ගේ සංඛ්‍යාව 29,457 දෙනෙක්‌ වන අතර එම රෝගීන් සංඛ්‍යාව 2015 වසරට වඩා වැඩිවීමක්‌ පෙන්නුම් කරන බව කී වෛද්‍ය පෙරේරා කාන්තාවන් අතර සුලබ පිළිකා වර්ගය වන පියයුරු පිළිකාවන්ට වාර්ෂිකව කාන්තාවන් 2500 දෙනකු හා පිරිමින් 40 දෙනකු පමණ ගොදුරු වන බව සඳහන් කළේය.

පියයුරු පිළිකාවන්ට ගොදුරු වන කාන්තාවන්ගෙන් 1000 ක්‌ පමණ දෙනා වාර්ෂිකව මියයන බවත් මේ වන විට එම පිළිකාවන් මුල් අවස්‌ථාවේදී හඳුනාගෙන ප්‍රතිකාර ලද කාන්තාවන් 10,000 ක්‌ පමණ දෙනා සාර්ථක ලෙස සමාජයේ ජීවත්වන බව ඔහු අවධාරණය කළේය.

‘‘පියයුරු පිළිකාවන්ට වයස අවුරුදු 20 ගණන්වල තරුණියන් ද ගොදුරු වන නිසා වයස අවුරුදු 20 සිටම පියයුරු පිළිකාවක්‌ තමනට තිබේ දැයි කාන්තාවන් අවධානයෙන් පසුවිය යුතුයි. සැක කටයුතු රෝග ලක්‌ෂණ පවතී නම් නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු අතර ස්‌වයං පියයුරු පරික්‌ෂාවක්‌ කරගත යුතුයි’’ වෛද්‍ය සුරාඡ් පෙරේරා කීවේය.

ඔක්‌තෝබර් මාසයට යෙදී ඇති ලෝක පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසය හා මෙරට පිළිකාවන්ගේ ව්‍යාප්තිය පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා ඊයේ (19 දා) ජාතික පිළිකා මර්දන වැඩසටහන විසින් නාරාහේන්පිට ජාතික ඩෙංගු මර්දන වැඩසටහන් ශ්‍රවණාගාරයේ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය.

පසුගිය වසර 25 ක කාලය තුළදී මෙරටින් හඳුනාගැනෙන පියයුරු පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වී ඇති බවද මෙහිදී අනාවරණය විය ෴

********************************

දෙහිවල සත්වෝද්‍යානය සති අන්තයේ රාත්‍රියේදීත් විවෘතයි
(20.09.2017 – 16:00 +0530 – hirunews.lk/sinhala)

දෙහිවල සත්වෝද්‍යානය රාත්‍රී කාලයේදී නැරඹීමේ පහසුකම් අනිද්දා සිට ලබාදෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා මාරසිංහ මහත්මිය ප්‍රකාශ කළා.

ඇය කියා සිටියේ සිකුරාදා, සෙනසුරාද සහ ඉරිදා යන දිනවල ඊට අවස්ථාව හිමිවන බවයි.

රාත්‍රී 7 සිට 10 දක්වා සත්වෝද්‍යානය විවෘතව තැබෙනවා ෴

*****************************************

මෛත්‍රිපාල යුවළ සමග ට්‍රම්ප් සහ මෙලනියා
(20.09.2017 – gossiplankanews.com)

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72 වෙනි සමුළුවට සහභාගිවූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හා මැතිනිය හට ඊයේ රාත්‍රියේදී ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමා සහ බිරිය මෙලනියා මැතිනිය හමුවූයේ පැවති විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයේදීය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *