ගම්මන්පිලට අන්නන්න ඔස්ට්‍රේලියාවෙන් ආ බ‍්‍රයන් ෂැඩික් හොම්බ බිම ඇනගනී.. තමන් කිවුවේ අමූලික බේගල් බව උසාවියේදී කියයි..

(19.09.2017 – 00:11 +0530 – lankacnews.com)

ඕස්ට්‍රෙලියානු ජා‍තික බ්‍රයන් ෂැඩික් විසින් පවරා තිබු නඩුවට පෙනී සිටිමෙන් අනතුරුව නීතිඥ උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත මාධ්‍ය වෙත මෙසේ අදහස් පල කලේය :

‘‘පෙර දිනයේ වගේම අද දිනයේත් බ්‍රයන් ෂැඩික් විසින් පවසන්නේ බොරු බව අධිකරණය ඉදිරියේ පිළිගන්න ඔහුටම සිදුවුනා.

විශේෂයෙන්ම අද තියෙන දේශපාලන තත්වය ගැන අවධානය යොමු කලොත් අපි දන්නවා විසිවෙනි සංශෝධණය ඉදිරිපත් කරපු දින මම ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට මම කිව්වා අගමැතිතුමා නඩුව අහන්නත් කලින් පළාත්සභා මැතිවරණය වසරකින් කල් යනවා කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කලා. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණය නිසි පිළිතුරක් ලබා දෙයි කියලා. අපිට දැනට ලැබිලා තියෙන නිල නොලත් තොරතුරු අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසිවෙනි සංශෝධණය ජනමත විචාරණයකට යොමුකරලා තියෙනවා.

ආණ්ඩුව මේ පලාත්සභා මැතිවරණය එකම දිනක පවත්වන්න ගියේ එසේ පැවැත්වීමේ වාසි සලකා නොවේ. ඡන්දයට මූන දීමේ බය නිසයි. ඒ නිසා මොවුන් අද උත්සහයක යෙදිලා ඉන්නවා ලබන බදාදා විසිවෙනි සංශෝධනය වෙනුවට පලාත් සභා මැතිවරණ සංශෝධණ පනත ගේන්න. ඒ පනතේ බලාපොරොත්තුව කාන්තාවන්ට පළාත්සභාවල අවම නියෝජනය 30% ට සහතික කිරීම. නමුත් මේ පනත ඇතුලේ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ සංශෝධණයක් ගෙනවිත් පලාත්සභා මැතිවරණය කල් දැමීමේ උත්සහයක් තිබෙනවා. මොකද කොට්ඨාශ ක්‍රමය මත පදනම් වු මැතිවරණ ක්‍රමයක් හැදුවට පස්සේ කොට්ඨාශ කඩා සීමා නිර්ණය කරන තුරු මැතිවරණ කොමිසමට මැතිවරණ තියන්න බැරිවෙනවා. එවිට මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට නැවත වතාවක් කියන්න පුළුවන් පිච්එක දුන්නොත් මැච්එක ගහනවා කියලා.

නමුත් මෙය නීති විරෝධියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 වන වගන්තිය යටතේ යමක් පාර්ළිමේන්තුවේ විවාද කිරීමට අවම වශයෙන් දෙසතියකට කලින් එය ගැසට් මගින් ප්‍රසිද්ධියට පත්කළ යුතුයි. එහෙමනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වන වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් මේ සංශෝධනය ව්‍යවස්ථාවට අනුකූලද යන්න පිලිබද කතානායක වරයාට බාරදිය යුතු සහතිකය බාරදීමට ඔහුට නෛතික අයිතියක් නැහැ. නමුත් අපි දැක්කා පළාත්පාලන මැතිවරණ සංශෝධණ පනතට එවැනි සංශෝධන ගෙන ආපු වෙලාවෙ අපේ විරෝධය නොතකා කතානායක වරයාට එවැනි සහතිකයක් නීතිපති වරයා දුන්නා.

නීත්‍යානුකූල නොවන අයුරින් පත්වු නීතිපතිවරයෙක්ගෙන් අපිට මීඩ වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් අපි නීතිපතිවරයාට අනතුරු ඇගවීමක් කරනවා 2002 අංක පහ දරණ නිළධාරීන් ඉවත්කිරීමේ කාර්ය පටිපාටී පනත යටතේ තම රාජකාරිය නොසැලකිල්ලෙන් කරනවානම් පක්ෂක්ග්‍රාහීව කරනවනම් ව්‍යවස්ථා විරෝධීව කරනවනම් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනැවිත් ඔහු ඉවත්කිරීමට පාර්ලිමේන්තුවට බලය තිබෙනවා.

ඒ නිසා අපි එතුමන්ට කියනවා ඔබ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 වන වගන්තිය උල්ලංඝණය කරමින් 79 වෙනි වගන්තිය යටතේ ලබාදෙන සහතිකය ලබාදුන්නොත් ඔබ ඉවත්කිරීමට අපි පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එනවා. ඒ නිසා ඔබේ ආණ්ඩුවට තියෙන පක්ෂක් ග්‍රාහීත්වය දැන්වත් නතර කරලා නීතිපති තනතුරේ ගෞරවය සුරකින ආකාරයට පලාත්සභා සංශෝධණ පනත සම්බන්ධයෙන් කටයුතු කරන්න කියන ඉල්ලීම අපි ඔහුට කරන අතරම ඔබව අපි හෙළි කරනවා කියන අනතුරු ඇගවීමත් අපි නීතිය කොත්තු දාන නීතිපතිතුමන්ට සිහිපත් කරනවා’’

– අරවින්ද අතුකෝරල

*******************************************

රත්නපුර මහා ගංවතුරට හසුව ගැලවී ගිය දැවැන්ත පාළම
(19.09.2017 – 07:30 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර දිස්ත්‍රික්කයට අයත් අයගම – ඉඩම්ගොඩ ප්‍රධාන මාර්ගයට පිවිසෙන පාලම අබලන්වීම හේතුවෙන් ජනතාව දැඩි අසීරුතාවකට පත්ව තිබෙනවා.

ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තම ගැටළුවට කඩිනම් විසදුමක් ලබාදෙන ලෙසයි.

මාස 04 කට ඉහතදී රත්නපුර දිස්ත්‍රිකයට බල පෑ ගංවතුර හේතුවෙන් අයගම – ඉඩම්ගොඩ ප්‍රධාන මාර්ගයට පිවිසෙන මෙම පාලමට හානි සිදුව තිබෙනවා.

ගම්මානවල කොටු වී සිටි ජනතාවට සහන සැලසීම සදහා ආරක්ෂක හමුදාව විසින් දැල් යොදා ගනිමින් පාලම පිළිසකර කලේ තාවකාලික විසදුමක් ලෙසයි.

මේ වනවිට එම දැල් දිරාපත්වී ඇති අතර ජනතාව චෝදනා කරන්නේ තමන් දැඩි ජීවිත අවදානමකට පත්ව ඇති බවයි.

පාලම කැඩී යන අයුරු පහතින් :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *