මට පිරිමි ගණිකාව කියනවා.. : මා පෙනී සිටින්නේ පිවිතුරු බුද්ධ ධර්මය රැකගැනීමටයි – රන්ජන්

(17.09.2017 – 22:08 +0530 – lankacnews.com)

චීවරධාරීන් පොලොංකටා, ගොංජා, බයිස්කෝප්කාරයා, පිරිමි ගණිකාව ආදී වචන භාවිත කරමින් තමනට අද බැණ වදින බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

මෙම වචන සිල්වත් භික්‍ෂුවක් පාවිච්චි කරන වචන නොවන බවද සදහන් කරන ඔහු මුදලාලිලා යනු සල්ලි ගණුදෙනු කරන අය බවත් ඔවුන් අදින්නේ සරමද සිවුරද යන්න අදාල නැති බවත් සදහන් කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ අදහස් පල කලේය.

**************************************

ඉතිහාස කතා නිසා සිනමාවට වෙන්න යන දේ බුද්ධික කියයි
(16.09.2017 – videos.gossiplankanews.com)

******************************************

ලංකාවේ පැරණිම ප්‍රවෘත්ති නිවේදක බර්ටි ගලහිටියාව සමුගනී
(17.09.2017 – gossiplankanews.com)

ජීවතුන් අතර සිටි ලංකාවේ පැරණිම ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදකයා වූ බර්ටි ගලහිටියාව මහතා පෙරේදා (15) ජීවිතයෙන් සමුගෙන තිබේ. මිය යන විට ඔහුගේ වයස 80 කි.

‘‘මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි – මෙන්න ප්‍රවෘත්ති, – ප්‍රකාශය බර්ටි ගලහිටියාව’’ ආදී ලෙස පවසමින් මුල්වරට ගුවන් විදුලි ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට දායකවූ ඔහු වෙනත් වැඩසටහන් වලටද දායකවූ ප්‍රවීණ ශිල්පියෙකි.

කලක් රෝගාතුරව සිටි ඔහු සිය නිවසේදී 15 දා පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *