‘සයිටම්‘ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ විසඳුමට පෙර ජනාධිපති කමිටුවේ විසඳුම එළි දැක්වේ

(17.09.2017 – 01:45 +0530 – lankaenews.com)

ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර විසඳුමක් බලාපොරොත්තුව සිටියදී ත් ‘සයිටම්‘ ප්‍රශ්නයක් කරගෙන, අත්දැකීම් විරහිත තරුණ සරසවි සිසුන් කුලප්පු කර, බලයට කෙටි මං සොයන අන්තවාදී අවස්ථාවාදී පිරිස වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් සයිටම් විසඳුමක් සෙවීම සඳහා පත් කරන ලද ජනාධිපති විද්වත් කමිටුවේ වාර්තාව පසුගිය 11 වෙනිදා ජනාධිපතිවරයා වෙත බාර දී ඇති අතර එය දැන් එළි දැක්වී ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන අභියාචනයද පසුගිය 11, 12 සහ 14 යන තෙදින තුල විභාගයට ගැණින. එහි තීන්දුව බොහෝ විට ලබන සතියේදී දීමට නියමිතය. එම තීන්දුව අවසාන තීන්දුව වන බැවින්ද සියළු පාර්ශව එම තීන්දුව ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින බැවින්ද සයිටම් නමැති හිඟන්නාගේ තුවාලය සනීප කර ගැනීමට සිදුවනු ඇත. ඉන්පසුවත් ‘සයිටම් අහෝසි කරනු‘ යන සටන් පාඨය වලංගු වන්නේ නැත.

ආණ්ඩුවද දැනට අවසන් කර ඇති වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සම්බන්ධ නිර්ණායක නීතිගත කිරීමට පමා වන්නේද, වෛද්‍ය සභාවේ සභාපති වරයා පත් කිරීම පමා වන්නේ ද බොහෝ විට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබෙන තුරු විය හැකිය.

පසුගියදා ජවිපෙ, පෙරටුගාමීන් සහ GMOA ජොස්තර ත්‍රස්තයන් රෝගීන් බිලි ගනිමින් රෝහල් වර්ජනයක් දියත් කරමින් රථ පෙළපාලි ගියේ අන් කිසිවකට නොව 11, 12 සහ 14 විභාග වන ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගයට බලපෑම් එල්ල කිරීමට ය. ඊට සමගාමීව ජවිපෙ ප්‍රධාන කර ගත් විදුලි වර්ජනයක් දියත් කරන ලද්දේ ද අන් කිසිවකට නොව ඒ කාරණයටම ය. විදුලි සේවක වර්ජනයේ ඉල්ලීම් දෙස බැලූ විට එය පසක් වේ. එම ඉල්ලීම් බහුතරය සාහිත්‍යමය ඉල්ලීම් මිස වෘත්තීයමය ඉල්ලීම් නොවේ. උදාහරණයක් ලෙස ‘විදුලි බල මණ්ඩලයේ දූෂණය නැති කළ යුතුය‘ යන්නද ඉල්ලීමකි. කාගේ කුමන දූෂණයක්ද කියා හැඳින්වීමක් නොමැති එවැනි කාරණා සාහිත්‍යමය ඉල්ලීම් මිස වෘත්තීය ඉල්ලීම් නොවේ.

කෙසේ වෙතත් කිසිදා ජය ගැනීමට නොහැකි සිහින අරගල වලට තරුණ පරම්පරාව යොමුකර තරුණ ජීවිත දෙවතාවක්ම විනාශ කිරීමේ දශක 4 කට අධික පළපුරුද්දක් ඇති ළදරු වලිප්පුකාර වම්මුන්ගේ ‍‘සයිටම් වසා දමනු‘ යන අසාධාරණ සටනද කිසිදා ජයගත නොහැක්කක් නමුත් නායකයන්ට ඒ වෙනුවෙන් ලැබෙන සල්ලි කුට්ටි වෙනුවෙන් ඔවුන් මේ සටන පවත්වාගෙන යති. නැතිනම් විජේවීරගේ දරුවන්ද, අනුර දිසානායකගේ හදාගත් දරුවාද, ප්‍රේමකුමාර ගුණරත්නම්ගේ දරුවන්ද දෙස් විදෙස් පුද්ගලික උසස් අධ්‍යාපන ආයතන වල අධ්‍යාපනය ලබද්දී අනුගාමික දරුවන්ට පුද්ගලික උසස් අධ්‍යාපනය ‘වස‘ කියා පෙන්වීමේ හේතුවක් නැත.

සයිටම් වලිප්පුවට විසඳුමක් සඳහා ජනාධිපතිවරයා අත පත් කරන ලද ජනාධිපති කමිටුව හමුවට පැමිණ තම යෝජනා දෙන්නැයි GMOA ජොස්තර ත්‍රස්තයන්ට දෙවතාවක් ආරාධනා කළ නමුත් ඔවුන් පැමිණියේ නැති වීමෙන්ම පෙනී යන්නේ ඔවුන්ට ද විසඳුමක් අවශ්‍ය නැති බවයි. අවශ්‍ය වන්නේ අර්බුදය පවත්වාගෙන යෑම පමණක් බවයි.

ජනාධිපති කමිටුව 11 දා ලබා දුන් වාර්තාව පහත දැක්වේ. ඉමේජ විශාල කර කියවන්න :












********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *