නව දේශීය ආදායම් පනතේ බදු අයකිරීම් ලබන වසරේ අප්‍රේල් 1 සිට

(13.09.2017 – 16:55 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවේදී සම්මත වූ නව දේශීය ආදායම් පනත මගින් අයකිරීමට නියමිත සියලුම බදු ලබන වසරේ (2018) අප්‍රේල් 1 වනදා සිට ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

කොටස් දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට තිබූ නව දේශීය ආදායම් බදු පනතේ ප්‍රේෂණ බද්ද, ප්‍රාග්ධන බද්ද, රඳවාගැනීමේ බද්ද හා උපයන විට ගෙවීමේ බද්ද මෙම වසරේ ඔක්තෝම්බර් මස සිට අයකිරීමටයි නියමිතව තිබුණේ.

කෙසේ වෙතත් මුදල් වසරක් තුළ දෙයාකාරයකට ගිණුම් පවත්වාගැනීමේ දුෂ්කරතාවන් ඇතිවිය හැකි බැවින් බදු ගෙවන්නන්ට පහසුවන ආකාරයෙන් එය ලබන වසරේ අප්‍රේල් 1 වනදා දක්වා කල් දැමීමට තීරණය කළ බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ ෴

***************************************

තංගල්ලේ අනතුරකින් පිය පුතු දෙදෙනෙක් මරුට
(13.09.2017 – 16:12 +0530 – hirunews.lk/sinhala)

තංගල්ල මාරකොල්ලිය ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පියෙකු සහ පුතෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද දහවල් මගී ප්‍රවාහන බස් රථයක් සහ ත්‍රී රෝද රථයක් ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.

මරණයට පත්වී ඇත්තේ ත්‍රී රෝද රථයේ ගමන් කළ දෙදෙනෙක්.

කතරගම සිට කොළඹ දක්වා ගමන් ගත් බස් රථය වැරදි ලෙස වෙනත් වාහනයක් පසු කර යාමට උත්සාහ කිරීමේදී තංගල්ල සිට හම්බන්තොට දක්වා ධාවනය වෙමින් තිබු ත්‍රී රෝද රථයේ ගැටී ඇති බව අප වාර්තාකරු සඳහන් කලා.

අනතුරින් මරණයට පත්වී ඇත්තේ තංගල්ල උනාකුරුව ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක් සහ ඔහුගේ 6 හැවිරිදි පුත්‍රයායි.

බස් රථයේ රියදුරා තංගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.






********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *