අපි රජකාලේ පටන් සල්ලිකාරයෝ.. ගිණුමේ කෝටි 40 ක් තියෙනවා.. තවත් අක්කර තිස්දාහක්.. – කිරිඇල්ල

(20.10.2017 – 03:28 +0530 – lankacnews.com)

තමනට කිසිවෙකුගේ ඉඩම් උවමනා නැති බවත් රජ කාලයේ සිට තම පරම්පරාවට ඉඩම් තිබූ බවත් බලංගොඩින් පමණක් අක්කර තිස්දහසක් තිබූ බවත් උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

ඔහු මෙම අදහස් පල කලේ අධිවේගී මාර්ග සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පැවති විවාදය අමතමිනි.

උසාවි යන කාලයේදී මසකට ලක්‍ෂ විසිපහක් ඉපයූ බවත් කෝටි 40 ක පමණ මුදලක් තම බැංකු ගිණුමේ ඇති බවත් ඔහු එහිදී වැඩි දුරටත් කීය.

++++++++++++++++++++++++++++++++

ඇමති කිරිඇල්ලට උපදේශකයන් 63 යි.. කාර්යාලයේ ඉන්න කිරිඇල්ලට 5% ක් කොමිස්..
(20.10.2017 – 15:00 +0530 – lankacnews.com)

උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමති ලක්‍ෂමන් කිරිඇල්ලට උපදේශකයින් 63 දෙනෙකු සිටින බවත් ඒ සියළු දෙනාට ආණ්ඩුවේ මුදලින් පඩි ගෙවන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත්ද සොයිසා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

සියළු කොන්ත‍්‍රාත්වලින් 5% බැගින් කොමිස් ගන්න තවත් කිරිඇල්ල කෙනෙක් ඇමති කාර්යාලයේ සිටින බවද ඔහු සදහන් කලේය.

අධිවේගී මාර්ග සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පැවති විවාදයේදී මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේය.

පාරවල් සෑදීමට විරුද්ද නැතත් පාරවල් නමින් මුදල් කොල්ලකනවාට විරුද්ද බවද ඔහු එහිදී කියා සිටියේය ෴

*******************************************

තායිවානයේ ෆා ඊස්ටන් බැංකුවේ මුදල් වංචාවට සම්බන්ධ තවත් සැකකරුවෙකු පොලීසියට භාර වෙයි
(20.10.2017 – newsfirst.lk/sinhala)

තායිවානයේ ෆා ඊස්ටන් බැංකුවේ මුදල් වංචාවට සම්බන්ධ තවත් සැකකරුවෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර වී තිබේ.

පොලීසිය පැවසුවේ, රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ඊයේ රාත්‍රියේ එලෙස පොලීසියට භාර වී ඇති බව ය.

තායිවානයේ ෆා ඊස්ටන් බැංකුවෙන් ඩොලර් මිලිනය 2.1 ක මුදලක් රාජ්‍ය බැංකුවක පෞද්ගලික ගිණුමකට ගෙන්වා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන සිටින රාජ්‍ය සමාගමක හිටපු සභාපති ශලීල මුණසිංහ සහ ජේ. සී. නම්මුනි යන අය ලබන 25 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පසුගිය 11 වන දා අධිකරණය නියෝග කළේ ය.

ශලීල මුණසිංහ මහතා බ්‍රිතාන්‍ය පුරවැසියෙකු බවත්, ඔහුගේ මෙරට වීසා බලපත්‍රය ලබන දෙසැම්බර් මාසයේදී අවසන් වන බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට දැනුම් දුන්නේ ය.

ජේ.සී. නම්මුනි මහතා ද බ්‍රිතාන්‍යයේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • What a confession? OK let us drill deep into this. Were acres used as a measure during the time of ancient Sinhala Kings? Which King exactly gave this much land to his ancestors and where are the deed (Thombu) relating to this gift? Public would like to know if he could substantiate his big talk. Second, did his recent ancestors keep this land during the reign of the British? If they allowed his ancestors to keep them, what was the reason? Did his ancestors betray to king to the British, as he might be doing at present, betraying the country to the foreigners. The Genes run in the family? Third, does the family still occupy this land of 30,000 acres, as well as the 400 Million bank deposit. Does he have statements showing the bank account over 10, 20, 30, 40 or 50 tears to prove that the family owned this money over a very long time, and that they have been paying taxes to the Treasury?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *