මේ සූදානම් වන්නේ, රාජ්‍ය සම්පත් යළි ඥාතීන් අතරේ බෙදා ගැනීමට ද…?

(15.10.2017 – newsfirst.lk/sinhala)

මෙරට අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ ආර්ථික මොඩලයක් අවශ්‍ය නොවන බව ඒ පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ කමිටු වාර්තාවේ දක්වා තිබේ.

සන්ඩේ ටයිම්ස් පුවත් පතේ නාමිනි විජේදාස මහත්මිය අද මේ පිළිබඳව වාර්තා කළා ය.

මෙරට අධිවේගී මාර්ග ඉදිකිරීමේදී රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය ඒකාබද්ධ වූ ආර්ථික මොඩලයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු විය.

ඒ අනුව අවසන් තීරණයක එළඹීමට පෙර කමිටුවක් පත් කර නිර්දේශ ලබාගතයුතු බව ආර්ථික කළමනාකරණ කැබිනට් අනුකමිටුව උපදෙස් ලබාදී තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විසින් පත් කළ සය සාමාජික කමිටුවේ කර්තව්‍ය වී ඇත්තේ මාර්ග ඉදිකිරීමෙන් ලැබෙන ආදායම පරිපාලන වියදම් සහ අනෙකුත් වියදම් සැකසීම හා ඉදිරි දස වසරක කාලයක් සඳහා මාර්ග නඩත්තු කිරීමට දරණ වියදම් පිළිබඳව වාර්තාවක් සැකසීමයි.

මහාමාර්ග සම්බන්ධයෙන් රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ ආර්ථික මොඩලයක් සඳහා යොමුවීම අවශ්‍ය නොවන බවත් අධිවේගී මාර්ගවල ආයෝජන සඳහා ලංකා බැංකුව සමග එවැනි ආර්ථික මොඩලයකට අනුව කටයුතු කිරීමට හැකි බවත් කමිටු වාර්තාව පෙන්වා දේ.

මේ හරහා ඉදිරි වසර 10 තුළ මහාමාර්ග තුළින් ධනාත්මක වර්ධනයක් අත්පත් කර ගත හැකි බව ද සන්ඩේ ටයිම්ස් පුවත් පතේ සඳහන් වේ.

කෙසේ වෙතත් රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ වැඩසටහන්වල වැදගත්කම පිළිබඳව රජය නිරන්තරයෙන් අවධානය යොමු කළේ ය.

පසුගිය දා ඩකාහි පැවති ආසියානු පැසිෆික් ව්‍යාපාර සමුළුවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා, රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ ව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ සැලසුම් ගැන අනාවරණ කර තිබේ.

********************************************

අගමැති ඕනෑම අවස්ථාවක බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටීමට සූදානම්
(15.10.2017 – newsfirst.lk/sinhala)

බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සොයා බැලීමට පත් කෙරුණු ජනාධිපති කොමිසම ඉදිරියේ අවශ්‍ය ඕනෑම අවස්ථාවක කරුණු පැහැදිලි කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුදානමින් සිටින බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

එම නිවේදනයේ දක්වා ඇත්තේ, කොමිසම හමුවේ කරුණු විමසන අවස්ථාවන්හිදී අග්‍රාමාත්‍යවරයාගේ නම සඳහන් වීම හේතුවෙන්, මෙම නිවේදනය නිකුත් කළ බව ය.

රජයට හෝ රජයේ නිලධාරීන්ට චෝදනා එල්ල වන අවස්ථාවන්හීදී පරීක්ෂණ පැවැත්වීමට රජය සැම විටම ක්‍රියාකරන බව ද අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ ෴

++++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *