පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරයි

(13.11.2018 – 18:08 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටවුමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දෙසැම්බර් මස 18 වන දින දක්වා බලපැවැත්වෙන පරිදි අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කරන ලද ප්‍රකාශනය අභියෝග කරමින් ඉදිරිපත් කරන ලද පෙත්සම් සලකා බැලීම අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.

අගවිනිසුරු නලින් පෙරේරා,ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සලකා බැලිණි.

පුරා දින දෙකක් තිස්සේ පැවැති මෙම කරුණු සලකා බැලීම්වලදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් මෙන්ම නීතිපතිවරයා සහ මැදිහත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කීපදෙනෙකුද අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණි.

මේ අතර, ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් සියල්ල විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි ෴

+++++++++++++++++++++++++++++++++++

Supreme Court issues interim order to stay the operation of the gazette until December 18

(13.11.2018 – sundaytimes.lk)

The Supreme Court has issued an interim order staying the operation of the parliament dissolution gazette until December 18, 2018.

The verdict was announced when the case was taken up before a 3-member judge bench headed by Chief Justice Nalin Perera at the Supreme Court today (Nov 13).

The three-member judge bench announced that objections can be filed on or before November 19 while the next series of hearings will be taken up between December 4 – 6.

The 2-day hearing commenced yesterday when 12 fundamental rights petitions were filed against the President’s gazette to dissolve Parliament which was issued on Friday (Nov 09).

Attorney General Jayantha Jayasuriya who made his submission today requested court to dismiss all petitions against the dissolution of Parliament citing that the President’s move was constitutional.

He also argued that Article 33 (2) C which stated that the President had the power to summon, prorogue and dissolve Parliament, is an unambiguous provision. He further added that Article 33 must be read as operating in isolation of Article 70 (1).

AG Jayasuriya also said that the President has been vested with plenary executive power.

+++++++++++++++++++++++++++++++++++

ශ්‍රේෂ්ඨාධිකරණයට යාම ගැන මැතිවරණ කොමසාරිස් පහදයි

(13.11.2018 – 19:56 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට බාධාවක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණයට එරෙහිව මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා ද ශ්‍රේෂ්ඨාධිකරණයට පසුගියදා පෙත්සමක් ගොනු කළා.

මේ අතර ජාතික නිදහස් පෙරමුණ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු අධිකරණය හමුවට යාම සම්බන්ධයෙන් අදහස් පළ වුණා.

+++++++++++++++++++++++++++++++++++

ජනමත විචාරණයකට යායුතුයි – ජාතික විද්වත් භික්ෂු සංසදය

(13.11.2018 – 19:39 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිත්‍යනුකූල නොවන්නේ නම් ජනමත විචාරණයකට යායුතු බව ජාතික විද්වත් භික්ෂු සංසදය පවසනවා.

කොළඹ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ආචාර්ය පුජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියන් මේ බව සඳහන් කළා.

+++++++++++++++++++++++++++++++++++

හෙට (14) පාර්ලිමේන්තුව රැස්වන බවට කථානායකගෙන් නිවේදනයක්

(13.11.2018 – 20:56 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපති විසින් පසුගිය 4 වනදා නිකුත් කළ අංක 2059 දරණ ගැසට් නිවේදනය අනුව හෙට (14) දින පෙරවරු 10 ට පාර්ලිමේන්තුව රැස්වන බවට කථානායක කරු ජයසුරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම අවස්ථාව සදහා සියලුම මන්ත්‍රිවරුන්ට සහභාගිවන ලෙස කථානායකවරයා දැනුම් දෙන බවද එම විශේෂ නිවේදනයේ සඳහන් වේ.

මේ අතර හෙට (14) පෙරවරු 8.30 ට කථානායකවරයා විසින් විශේෂ පක්ෂ නායක රැස්වීමක්ද කැඳවා තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් මැතිවරණය අවලංගු වී නෑ – දිනේෂ් ගුණවර්ධන

(13.11.2018 – 22:13 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාගය කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ පූර්ණ විනිශ්චය මණ්ඩලයක් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම එක්ව සිටියා.

මෙහිදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද අදහස් පළ කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *