මැස්සෙක් නිසා මධ්‍යම පළාතේ සමේ රෝගයක්

(13.11.2018 – 08:39 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම පළාතේ කුඩා මැස්සෙකුගෙන් පැතිර යන සමේ රෝගයක් හේතුවෙන් ඒ පිළිබදව අවධානය යොමු කරන ලෙසට මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ශාන්ති සමරසිංහ මහත්මිය පවසනවා.

ලිෂ්මානියස් නමින් හැදින්වෙන මෙම රෝගය කුඩා මැස්සෙකුගෙන් බෝ වන අතර මැස්සා දෂ්ඨ කිරීමෙන් පසු සම රතු පැහැ ගැන්වී කැසීමට ලක්වන බවයි වෛද්‍යවරිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර, සෑම සතියකටම වරක් අලුතින් එච්.අයි.වී. රෝගීන් 6 දෙනෙකු වාර්තා වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.

ඉතිහාසයේ මෙතෙක් වාර්තා වී ඇති වැඩිම එච්.අයි.වී. රෝගීන් සංඛ්‍යාව පසුගිය වසරෙන් වාර්තා වීම ද විශේෂත්වයක්.

එම සංඛ්‍යාව 285 ක් වන අතර දැනට එච්.අයි.වී. රෝගීන් 4200 ක් පමණ හඳුනාගෙන තිබෙනවා.

******************************************

ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න හදිසියේ රෝහල්ගත කරයි

(13.11.2018 – 17:07 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න මහතා හදිසියේ රෝගාතුර වී රෝහල් ගත කර ඇති බව වාර්තාවනවා.

හපුතලේ ප්‍රදේශයේ රූගත කිරීමකට සහභාගීව සිටි අවස්ථාවේදී ඔහු මෙම සිද්ධියට මුහුණ දී තිබෙනවා.

ඒ අනුව ඔහුට හෙට (14) දිනයේ කොළඹ පෞද්ගලික රෝහලක ශල්‍යකර්මයක්ද සිදු කෙරෙන බවයි සඳහන් වන්නේ.

ඔහුට සෙත්පතා හෙට උදෑසන බෙල්ලන්විල රජමහා විහාරයේදී කලාකරුවන් පිරිසක් විසින් බෝධිපූජා පිංකමක්ද පැවැත්වීමට නියමිත බවත් වාර්තාවනවා ෴

******************************************

ජර්මන් ජාතික කාන්තාවගේ සෙල්ෆි මරුවා…

(13.11.2018 – sinhala.adaderana.lk)

ලෝකාන්තයෙන් පහලට ඇද වැටී මිය ගිය කාන්තාවගේ මළ සිරුර බලංගොඩ, නන්පෙරියල් වත්ත ප්‍රදේශයේ තිබී සොයා ගැණුනු අතර මළසිරුර බලංගොඩ පොලිසිය විසින් බලංගොඩ රෝහල වෙත භාර දී තිබේ.

සෙල්ෆි ඡායාරූපයක් ගැනිමට ගොස් මෙලෙස ඇඳ වැටුණේ වයස අවුරුදු 35 ක් වු ජර්මන් ජාතික කාන්තාවක් වූ ජූලියා හෙල්ග් නැමති තරුණියකි.

මෙම තරුණිය ලෝකාන්තයෙන් පහළට ඇදවැටුනේ ඉකුත් (11) දිනඋදෑසන 07.30 ට පමණය.

ඒ අනුව තරුණියගේ සිරුර සෙවීමේ කටයුතු සඳහා නුවරඑළිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරී මේජර් අසිත රණවීර මහතා ඇතුළු කණ්ඩායමක් හා 112 බදුල්ල සේනාංකයේ බි‍්‍රගේඩියර් අජන්ත විජේසූරිය මහතා ඇතුළු කණ්ඩායම් සමඟ කුරුවිට යුද හමුදා කඳවුරේ නිලධාරීන් 60 ක් පමණ හා බලන්ගොඩ පොලීසිය ද සමනල වැව පොලිස් ස්ථානවල නිලධාරීන් ද, හෝර්ටන් තැන්න හා බලන්ගොඩ වන ජීවි කාර්යාලවල නිලධාරීන් දින දෙකක් තිස්සේ තරුණිය සොයා මෙහෙයුම් දියත් කර තිබුණි.

ඒ අනුව ඊයේ (12) උදෑසන නුවරඑළිය යුද හමුදා කඳවුරේ නිලධාරීන් විසිපහකට ආසන්න ප‍්‍රමාණයක් ලෝකාන්තයෙන් පහළට බැස්සේ තරුණියගේ සිරුර සොයා ගැනීමට ය.

සිරුර සොයා ගත්තද දැඩි බෑවුම හා මීදුම් තත්ත්වය හේතුවෙන් මළ සිරුර එදින පහළට ගැනීමට නොහැකිවිය.

මෙහෙයුමට එක්වූ යුද හමුදා නිලධාරීන් හා වනජීවි නිලධාරීන් එදින ලෝකාන්තය පහළ කොටසේ රාත‍්‍රිය ගත කළේ නිරාආහාරවය.

පසුදින උදෑසන එනම් ඊයේ දින අළුයම 5.00 ට පමණ බලන්ගොඩ නන්පේරියල් වතුයාය හරහා තවත් යුද හමුදා නිලධාරීන් පිරිසක් ලොකාන්තයේ ඉහළ කොටසට ගමන් කළේ නිරාආහාරව සිටින සෙබළුන්ට අවශ්‍ය ආහාරද රැගෙනය.

කෙසේවෙතත් (12) දිනඋදෑසන 10.30 පමණ වන විට අතරමං වී සිටි සෙබළුන් හා ඔවුන් සොයා ගිය යුද හමුදා සෙබළුන් එකිනෙකාට මුණ ගැසිනි.

පසුව සියලුම් යුද හමුදා නිලධාරීන් මිය ගිය කාන්තාවගේ සිරුර මහත් පරිශ‍්‍රමයක් යොදා නන්පේරියල් වතුයායට රැගෙන එන ලද්දේ පන්දම් දල්වමිනි.

යුද හමුදාව විසින් පොලීසියට භාර දීමෙන් අනතුරුව අද අළුයම 1.30 ට පමණ බලන්ගොඩ මූලික රෝහලට භාරදෙන ලදී.

මිය ගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (13) සිදුකිරීමට නියමිතව ඇත.

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

ලෝකාන්තයෙන් ඇද වැටුණු ජර්මන් කතගේ සිරුර සොයාගනී

(11.11.2018 – 12:50 +0530 – lankadeepa.lk)

ලෝකාන්තය නැරඹීමට පැමිණ ඉන් පහළට ඇද වැටුණු ජර්මන් ජාතික සංචාරක තරුණියකගේ සිරුර ලෝකාන්ත බෑවුමෙන් අඩි තිහක් පමණ පහළ ගසක රැඳී ඇති බව ගුවන් හමුදා හෙලිකොප්ටරයක් මගින් කළ සෝදිසි මෙහෙයුමකදී නිරීක්‍ෂණය කළ බව සමනලවැව පොලිසිය පවසයි.

අනතුරට පත් තරුණිය තවත් සංචාරකයන් පිරිසක් සමඟ අද (11) ලෝකාන්තය නැරඹීමට පැමිණි අවස්ථාවේ පහළ නිරීක්‍ෂණය කරද්දී ඇය පහළට ඇද වැටුණු බවට මුලික තොරතුරු වලදී අනාවරණය වී තිබේ.

සිරුර රැඳී ඇති ප‍්‍රදේශය පට්ටිපොල පොලිස් වසමට අයත් බව පැවසූ සමනලවැව පොලීසිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *