පාර්ලිමේන්තුව විසුරවා හැරීම ව්‍යවස්ථානුකූල බව, නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි – ඊට එරෙහි පෙත්සම් නිශ්ප්‍රභ කරන ලෙසත් ඉල්ලයි

(13.11.2018 – 11:50 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති විධායක බලතලවලට අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බව නීතිපති ජයන්ත ජයසූරිය මහතා අද (13) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ඉදිරිපත් වී ඇති පෙත්සම් විභාගයට එක්වෙමින් නීතිපතිවරයා කියා සිටියේ ව්‍යවස්ථාවේ 33/2 වගන්තිය යටතේ පාර්ලිමේන්තු විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නිවැරදි බවයි.

එමෙන්ම එම බලතලයට ව්‍යවස්ථාවේ වෙනත් කිසිදු වගන්තියකින් සීමා පනවා නොමැති බවද නීතිපතිවරයා සඳහන් කළා.

ඒ අනුව ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැවරී ඇති බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බවයි ඔහු තවදුරත් පෙන්වා දුන්නේ.

ව්‍යවස්ථානුකූලව එය සිදුකර ඇති නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් සියල්ල නිශ්ප්‍රභා කරන ලෙසද නීතිපතිවරයා සිය මතය ඉදිරිපත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.

පෙත්සම් විභාගය අද (13) දෙවන දිනටත් සිදු කෙරෙන්නේ අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රසන්න ජයවර්ධන සහ ප්‍රියන්ත ජයවර්ධන යන විනිසුරු මඩුල්ල හමුවේයි.

අද උදෑසන 10 ට පමණ පෙත්සම් විභාගය ආරම්භ කෙරුණු අතර මීට ටික වෙලාවකට පෙර තේ විවේකය සඳහා විනාඩි 15 ක කාලයකට පෙත්සම් විභාගය කල් තබනු ලැබුවා.

ඒ වනවිට නීතිපතිවරයා පැය එකහමාරකට අධික කාලයක් මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් සිටියා.

මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සහය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අද පෙත්සම් 5 ක් ගොනු කෙරුණා.

අමාත්‍යවරුන් වන උදය ගම්මන්පිළ, වාසුදේව නානායක්කාර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස්, සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ සාමාජික නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත සහ මහාචාර්ය චන්න ජයසුමන යන මහත්වරු විසින් මෙම පෙත්සම් ගොනු කර ඇති බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

මීට අමතරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව තවත් පෙත්සම් 5 ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද ගොනු කෙරුණා.

පෙත්සම් විභාගය හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අවට දැඩි ආරක්ෂාවක් ද යොදවා තිබෙනවා.

අදත් පෙත්සම් විභාගය සිදු කෙරෙන ආකාරය දැක බලා ගැනීම සඳහා පක්ෂ විපක්ෂ නියෝජිතයින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණියා ෴

+++++++++++++++++++++

මැතිවරණ නියෝගය උසාවියෙන් පැරදුනත් රනිල් යුගයක් යලි නෑමයි.. ජනමත විචාරණ තුරුම්පුව සිකුරාදා…?

(13.11.2018 – 09:20 +0530 – lankacnews.com)

අද දිනයේ අධිකරණ තීන්දුව අනුව මහ මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්වයක් ඇති වන්නේ නම් ජනාධිපතිවරයා විසින් ජනමත විචාරණයක් කැදවනු ඇති බව ඔහුට සමීප දේශපාලන විචාරකයන් අදහස් පල කර ඇත.

ඒ අනුව මහ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ජනතා මතය අනුව මසක පමණ කාලයක් තුලදී මහ මැතිවරණයක් කැදවීමට අවස්ථාව ලැබෙනු ඇත.

ඒ අනුව අද අධිකරණ තීන්දුව මත විය හැකි එකම දෙය මහ මැතිවරණය දින 40-50 කින් පමා වීම පමණක් යයිද ඔවුන් මත පල කරයි ෴

+++++++++++++++++++++

අධිකරණ සංකීර්ණය ඉදිරිපිට විරෝධතාවයක්

(13.11.2018 – nethnews.lk)

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් විභාග කරන පෙත්සම් වලට අදාළව ව්‍යවස්ථානුකුලව තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා එක්සත් ජාතික පාක්ෂිකයින් පිරිසක් මේ වන විට අධිකරණ භුමිය ඉදිරිපිට මාර්ගයේ විරෝධතාවයක් සිදුකරමින් පවතිනවා.

අප නෙත් නිවුස් විශේෂ වාර්තාකරු පැවසුවේ මෙම විරෝධතාවය සදහා පුද්ගලයින් 200 කට අධික සංඛ්‍යාවක් එක්ව සිටින බවයි.

මාර්ගය ඉදිරිපිට රැස්ව සිටි පිරිස් හට එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙස පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ ඉල්ලීමක් කර ඇති අතර එම අවස්ථාවේදී මාර්ගයේ රැදී සිටි පිරිස් මෙලෙස හැසිරීමට පටන් ගත් බවයි අප වාර්තාකරු සදහන් කර සිටියේ.

https://2.bp.blogspot.com/-eaj8HLnoTBo/W-qhk8nhU7I/AAAAAAABEOo/udrp__TNNEo3OcF-kpcbzmwFwCFtWZTIACLcBGAs/s1600/46074242_285792242046478_3108265525717762048_n.jpg
https://2.bp.blogspot.com/-Tsy9ikTc5nQ/W-qhk-UkqOI/AAAAAAABEOs/nqIB5TYjE9QzNjJqxsrdyIy9dFSUXLyEgCLcBGAs/s1600/46086956_114365202849667_6232838475322753024_n%2B%25281%2529.jpg
https://3.bp.blogspot.com/-JqChkcAkP5A/W-qhllE1GuI/AAAAAAABEO0/5ej7HqD_To8PFfLXEvgcMOd6YV8C7JbIwCLcBGAs/s1600/46107027_192654035004601_4257023484732899328_n.jpg
https://1.bp.blogspot.com/-kysP8TyBoVs/W-qhl3nDk2I/AAAAAAABEO4/9essPoS0L5MFtkN5BXr1pFdKy1c0koKEgCLcBGAs/s1600/46130700_336925056891361_43881371625586688_n.jpg
https://4.bp.blogspot.com/-9nuGPPJkjx8/W-qhmG9JDOI/AAAAAAABEPA/8tXr38CRpx4OO5vJxg-t2Z3jepsM5sskgCLcBGAs/s1600/46182845_559040684535289_8030114325412708352_n.jpg
https://1.bp.blogspot.com/-V2tgCYfBJDQ/W-qhmfT9oJI/AAAAAAABEPE/i5UcScUWmxo4e3Ma5u0kxuH3EqvwhgELQCLcBGAs/s1600/46196769_2097467136965411_1797795244780027904_n.jpg
https://1.bp.blogspot.com/-RQFQUmQl4Ro/W-qhmZ-5ZBI/AAAAAAABEPI/GrirmdBZmXUgZYAhhxtIn0G-uNTEOZaNQCLcBGAs/s1600/46219637_533622497110906_2168751028969668608_n.jpg
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *