සම්පුර්ණ බැදුම්කර වාර්තාව ප‍්‍රසිද්ධ කෙරේ.. පගා කෑ මන්ත‍්‍රීන් හෙලි වෙයි.. එජාප මැතිවරණ ව්‍යාපාරය බිමටම හාන්සියි…

(13.11.2018 – 06:27 +0530 – lankacnews.com)

ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදු ව ඇති බැඳුම්කර වංචාව සම්බන්දයෙන් පරීක්ෂණ කරන ලද ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව ඉදිරි සතිය හෝ දෙකක කාලය ඇතුළත ප‍්‍රසිද්ධියට පත් කෙරෙනු ඇති බව වාර්තා වෙයි.

පාර්ශව ගණනාවක් විසින් දිගින් දිගටම කරන ලද ඉල්ලීම් මත මෙම සම්පූර්ණ වාර්තාව ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

මෙම වාර්තාවේ බැදුම්කර චෝදනා එල්ල වී ඇති අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත් මන්ත්‍රීවරුන් සියයකට ආසන්න ප්‍රමාණයක් සිටින බවද පසුගිය දා සාකච්ඡාවට ලක් විය.

මෙම වාර්තාව ප‍්‍රසිද්ධ කිරීමත් සමග ඉදිරි මැතිවණය සදහා එය ඉතා තීරණාත්මක ලෙස බලපානු ඇති බව සැලතිය හැකිය ෴

******************************************

ETI අධ්‍යක්ෂවරුන්ට එරෙහිව නඩුවක්

(12.11.2018 – 22:01 +0530 – hirunews.lk/sinhala)

ETI මූල්‍ය සමාගමෙන් තැන්පතු මුදල් නොගෙවීමට එරෙහිව මීගමුව ශාඛාවේ මුදල් තැන්පත් කළ ETI තැන්පත් සුරකීමේ ස්වාධීන සංගමයේ සභාපති අනුෂා ජයන්ති මහත්මිය අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *