පාර්ලිමේන්තුව විසුරුවයි – මහ මැතිවරණය 2019 ජනවාරි 05

පාර්ලිමේන්තුව විසුරුවා හැරේ.. ජනාධිපති ගැසට් පත‍්‍රය නිකුත් කරයි..

(09.11.2018 – 22:14 +0530 – lankacnews.com)

පාර්ලිමේන්තු විසුරුවා හැරීම සදහා වූ ගැසට් පත‍්‍රයට ජනාධිපතිවරයා විසින් අත්සන් තබා තිබේ.

ඒ අනුව අද (09) මධ්‍යම රාත‍්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත.

ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථානුකූලව පත් කරන ලද අගමැතිවරයා කතානායකවරයා විසින් නොපිලිගෙන නිවේදන නිකුත් කිරීම නිසා විධායකය හා ව්‍යවස්ථාදායකය ඇති වු සුවිශේෂී අර්බුධකාරී තත්ත්වය හේතුවෙන් මෙම විසුරුවා හැරීම සිදු කර ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.

මේ වන විට කැබිනට් මණ්ඩලය 29 දෙනෙකු පත් කර ඇති අතර මැතිවරණයකින් පසු නව කැබිනට් මණ්ඩලයක් පත් වන තෙක් එය ක‍්‍රියාත්මකය.

බොහෝ දුරට මැතිවරණය ජනවාරි මස මුල් සතියේ පැවැත්වෙනු ඇත ෴

+++++++++++++++++++++

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශය යටතට

(09.11.2018 – 20:53 +0530 – hirunews.lk/sinhala)

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරමින් ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලය විසිනුයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

පාර්ලිමේන්තුව විසුරුවයි – මහ මැතිවරණය ජනවාරි 5

(09.11.2018 – 23:13 +0530 – lankadeepa.lk)

පාර්ලිමේන්තුව අද මධ්‍යම රාත්‍රියේ සිට විසිරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගත්තේය. ඊට අදාල අති විශේෂ ගැසට් නිවේදනය අද රාත්‍රී 11.45 ට නිකුත් කරන ලදි.

අභිනව පාර්ලිමේන්තුව 2019 ජනවාරි මස 07 වැනි දින කැඳවීමටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීමට 2019 ජනවාරි මස 05 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමටත් ජනාධිපතිවරයා නියම කර ඇත.

නාමයෝජනා බාරගැනීමේ කාලය ලෙස 2018 නොවැම්බර් මස 19 සිට 26 වැනි දින සිට දහවල් 12.00 දක්වා කාලය ලබා දී තිබේ.

පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් පසුව භාරකාර රජයක් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය කැබිනට් මණ්ඩලය සම්පූර්ණ කිරීම අද පස්වරුවේ සිදු කෙරිණි.

2019 මහ මැතිවරණය පැරණි ඡන්ද ක්‍රමය මතම පැවැත්වීමට නියමිතය ෴

+++++++++++++++++++++

http://www.documents.gov.lk/files/egz/2018/11/2096-70_S.pdf
http://www.documents.gov.lk/files/egz/2018/11/2096-70_E.pdf

+++++++++++++++++++++

රජයේ මාධ්‍ය ආයතනවලට STF ආරක්ෂාව

(10.11.2018 – nethnews.lk)

රජයේ මුද්‍රණාලයට ඊයේ (09) රාත‍්‍රියේ සිට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යොදා තිබෙනවා. රාජ්‍ය මාධ්‍ය ආයතන වන ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, රූපවාහිනි සංස්ථාව, ස්වාධීන රූපවාහිනි සේවය සහ ලේක් හවුස් ආයතනයට ද ඊයේ රාත‍්‍රියේ සිට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබාදී ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *