අමාත්‍යාංශ 21 ක විෂයන් ගැසට් කෙරේ

(09.11.2018 – 12:10 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍යාංශ 21 කට අදාළ විෂය පථයන් ඇතුළත් ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබෙනවා.

මෙතෙක් නීතිය හා සාමය අමාත්‍යාංශය යටතේ පැවති පොලිස් දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා යටතේ පවතින ආරක්ෂක අමාත්‍යාංශය වෙත පවරා ඇති අතර, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ පැවති සියළුම රාජ්‍ය බැංකු හා ඒවායේ පාලිත සමාගම් මෙන්ම ඒ ආශ්‍රිත ආයතන ගැසට් නිවේදනය මගින් පවරා ඇත්තේ මුදල් අමාත්‍යාංශයටයි.

එසේම පසුගිය රජයේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාශය යටතේ පැවති ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව නව ගැසට් නිවේදනය මගින් මුදල් අමාත්‍යාංශයට පවරා තිබෙනවා.

මේ අතර, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ පැවති ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ගුවන් සමාගම් ප්‍රවාහන අමාත්‍යාංශය යටතට පත් කිරීම විශේෂත්වයක්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *